settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍ය ස්වභාවය / මනුෂ්‍ය ධර්මය යනු කුමක්ද? බයිබලය මනුෂ්‍ය ස්වභාවය ගැන කුමක් පවසයිද?

පිළිතුර


මනුෂ්‍ය ස්වභාවය අපව පැහැදිලි ලෙස / නිශ්චිතව පෘථග්ජනයන් බවට පත් කරයි. අපගේ ස්වභාවය සත්වයා සහ මැවිල්ලේ අනෙකුත් සියලු කොටස් වලට වඩා වෙනස්ව පවතින්නේ සිතීමේ සහ හැඟීම් දැනීමේ හැකියාව අපට ඇති බැවිනි. මනුෂ්‍යයා සහ අනෙක් සියලුම මැවිල්ලට වඩා ප්‍රධාන වෙනස නම් බුද්ධියට සහ විචාරයට ඇති හැකියාවය. වෙනත් කිසිම මැවිල්ලකට මෙම හැකියාව නැති අතර මෙය දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කරන ලද දිමනාවක් / තෑග්ගක් බවට කිසිදු සැකයක් නැත. අපගේ බුද්ධිය සහ විචාරය කරණකොටගෙන අපගේම ස්වභාවය සහ දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රතිබිම්බිතව දැක්වීමේ හැකියාව සහ දෙවියන් වහන්සේගේ මැවිල්ල පිළිබඳ එතුමන්ගේ කැමැත්තේ මුල සොයා ගැනීමටද හැකිය. දෙවියන්වහන්සේගේ මැවිල්ලෙහි වෙනත් කිසිම කොටසකට බුද්ධිය සහ විචාරීමේ හැකියාව නැත.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව මවනු ලැබූ බව බයිබලය අපට උගන්වයි. එතුමාණන් වහන්සේ පිළිබඳ යම් දැනගැන්මක් සහ එතුමන්ගේ අතිවිශාල සහසංකීර්ණ / සම්මිශ්‍ර සැළසුම් නිර්මාණය පිළිබඳ යම් දැනගැන්මක් ලබා ගැනීමේ හැකියාව ඇත. අපගේ මනුෂ්‍යය ස්වභාවය සමහර දෙවියන් වහන්සේගේ උපලක්ෂණ සීමාසහිතවූ පරාසයක පරාවර්තනය කරයි. ප්‍රේමය වන දෙවියන් වහන්සේගේ ස්වභාවයට අප මවන ලද හෙයින් අපි ප්‍රේම කරන්නෙමුව (1 යොහාන් 4:16). අප එතුමාණන් වහන්සේගේ ස්වරූපයට මවන ලද හෙයින් අපට අනුකම්පා සහගතවීම, අවංකවීම, විශ්වාසවන්තවීම, කරුණාවන්තවීම, ඉවසිලිවන්තවීම සහ ධර්මිෂ්ඨවීමට හැකියාව තිබේ. අපගේ ස්වභාවයන් තුළ නවාතැන් ගෙන ඇති මෙම උපලක්ෂණ විකෘත වී තිබේ.

පටන්ගැනීමේදී, මනුෂ්‍ය ස්වභාවය අඬුලුහුඬු නැති නිර්දෝෂ සදචාරයක් වූයේ දෙවියන් වහන්සේ විසින් මවන ලද බැවින්ය. ප්‍රේමණීය දෙවියන් වහන්සේ විසින් "ඉතා යහපත්" මනුෂ්‍යයා මවනු ලැබූ බව බයිබලය උගන්වයි (උත්පත්ති 1:31). නමුත් එම යහපත්කම ආදම්ගේ සහ ඒවගේ පාපය නිසා විනාශ විය. පසුව මුළු මහත් මනුෂ්‍ය සංහතියම පාපිෂ්ඨ ස්වභාවයේ ගොදුර විය. නමුත් සුභාරංචිය වනුයේ මනුෂ්‍යයෙක් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කළ තත්පරයේ ඔහු නව ස්වභාවයක් ලබයි. 2 කොරින්ති 5:17 අපට පවසන්නේ "එබැවින් යමෙක් කිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අළුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අළුත්වී තිබේ". කාලය කරණකොටගෙන තවදුරටත් ශුද්ධත්වය තුළට වර්ධනයවීම සඳහා දෙවියන් වහන්සේ අපගේ නව ස්වභාවය පවිත්‍රත්වය නැමති ක්‍රියාවලිය හරහා වැඩි දියුණු වෙන්නට සලස්වනවා ඇත. මෙය නොනවත්වා ජය පරාජයන් සමඟ පවතින ක්‍රියාවලියක් වන අතර, නව ස්වභාවය "කුඩාරම" සමඟ සටන් වදිනවා ඇත (2 කොරින්ති 5:4). එහි මාංසයේ පරණ මනුෂ්‍යයා, පරණ ස්වභාවය වාසයකරන අතර, අප ස්වර්ගයෙහි මහිමයට පත්වනතුරු,දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවනු ලැබුවාවූ අපගේ නව ස්වභාවය දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙහි සදාකාලිකව වාසය කිරීම සඳහා නිදහස් නොවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍ය ස්වභාවය / මනුෂ්‍ය ධර්මය යනු කුමක්ද? බයිබලය මනුෂ්‍ය ස්වභාවය ගැන කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries