settings icon
share icon
ප්‍රශ්නය

මාගේ මවටත් පියාටත් ගෞරව කිරීම යනු කුමක්ද?

පිළිතුර


ඔබගේ මවටත් පියාටත් ගෞරව කිරීම යනු වචනයෙන් සහ ක්‍රියාවෙන් ගරු කිරීමත් ඔවුන්ගේ තරාතිරම හේතුකොටගෙන ගරුසරුව පිළිබඳව අභ්‍යයන්තර ආකල්පයක් තිබීමත්ය. ගෞරවය යන්නෙහි ග්‍රීක වචනය නම් “ගරු කිරීම, ත්‍යාගශීලිභාවය සහ වටිනාකමය.” ගෞරව කිරීම යනු ගුණාංග වලට පමණක් ගරු කිරීම නොව තනතුරටත් එසේ කිරීමයි. උදාහරණයක් ලෙස, සමහර ඇමරිකානුවන් රටේ ජනාධිපතිතුමාගේ තීරණ හා එකඟ නොවූවත් ඔවුන්ගේ රටෙහි නායකයා හේතුවෙන් ඔහුගේ තරාතිරමට ගරු කළ යුතුවේ. ඒ ආකාරයෙන්ම විවිධ වයස් මට්ටම් වල දරුවන්ද ඔවුන්ගේ දෙමව්පියන්ට ගෞරව කළ යුත්තේ ඔවුන් ගෞරව ලැබීමට සුදුසුද නැද්ද යන්න නොසලකාය.

දෙවියන් වහන්සේ අපව ධෛර්මත් කරනු ලබන්නේ මවටත් පියාටත් ගෞරව කිරීමටය. උන් වහන්සේ දෙමව්පියන්ට ගෞරව කිරීමට කෙතරම් වටිනාකමක් දුන්නාද කිවහොත් එතුමාණෝ ආඥා දසය තුළත් අන්තර්ගත කළ අතරම (නික්මයාම 20:12) නැවතත් නව ගිවිසුමෙහිද සඳහන් කළේ “දරුවනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ තුළ කීකරු වෙයල්ලා. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩ සිද්ද වෙන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත් වන පිණිසද, නුඹේ පියාටත් මවටත් ගෞරව කර පන්න. එය පොරොන්දුවක් ඇති පළමු වෙනි ආඥාවය” (එපීස 6:1-3). දීර්ඝායුෂ විපාකයක් ලෙස දීමට පොරොන්දු වී ඇති ශුද්ධ ලියවිල්ලේ සඳහන් එකම ආඥාව නම් දෙමව්පියන්ට ගෞරව කිරීමයි. දෙමව්පියන්ට ගෞරව කරන්නන් ආශීර්වාද ලද්දන්ය (යෙරමියා 35:18-19). ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, “දූෂිත මනසකින් යුක්ත වූවන්” සහ අවසාන කාලයෙ අභක්තිය ප්‍රදර්ශනය කරන්නවුන්, දෙමව්පියන්ට අකීකරු වන්නන් ලෙස විදහා දැක්වේ (රෝම 1:30; 2 තිමෝති 3:2).

ඉතාමත් ප්‍රඥාවන්තම මනුෂ්‍යයා වන සලමොන් දරුවන්ට තම දෙමව්පියන්ට ගරු කරන ලෙස ඇයද සිටියේය (හිතෝපදේශ 1:8; 13:1; 30:17). අප සෘජුවම ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ නොසිටියත්, අප අපගේ දෙමව්පියන්ට ගරු කළ යුතු යන දෙවියන් වහන්සේ විසින් දුන් ආඥාව අපට අත් හැරිය නොහැක. දේව පුත්‍රයා වන යේසුස් වහන්සේ පවා එතුමාණන්ගේ ලෞකික දෙමව්පියන්ට (ලූක් 2:52) මෙන්ම උන් වහන්සේගේ ස්වර්ගීක පියාණන් වහන්සේටද (මතෙව් 26:39) අවනතවූ සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් අප භක්තිවන්තව ස්වර්ගීක පියාණන් වහන්සේට ළඟා වන ආකාරයෙන් අප දෙමව්පියන්ට සැළකිය යුතුය (හෙබ්‍රෙව් 12:9; මලාකි 1:6).

නිසැකවම දෙමව්පියන්ට ගෞරව කිරීමට අපට ආඥා කොට ඇත, එනමුත් කෙසේද? ක්‍රියාවන් සහ ආකල්ප යන දෙආකාරයෙන්ම ඔවුන්ට ගෞරව කරන්න (මාර්ක් 7:6). ඔවුන්ගේ අනුක්ත මෙන්ම ප්‍රකාශ කරන ලද ප්‍රාර්ථනාවන්ටද ගෞරව කරන්න. “ඥාණවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය, එහෙත් නින්දා කරන්නා තරවටුව නොඅසන්නේය” (හිතෝපදේශ 13:1). මතෙව්15:3-9 හී යේසුස් වහන්සේ විසින්, දෙවියන් වහන්සේගේ ආඥාවක් වන මවටත් පියාටත් ගෞරව කිරීම පිළිබඳව පරිසිවරුන්ට මතක් කොට දුන් සේක. ඔවුන් ව්‍යවස්ථාව අකුරක් නෑර පිලිපැද්ද නමුදු, ඒවා ඉඳුරාම නිශ්ප්‍රභා කළ ඔවුන්ගේ සම්ප්‍රදායන් එයට එකතු කර තිබුණි. ඔවුන් වචන වලින් දෙමව්පියන්ට ගෞරව කළද ඔවුන්ගේ ක්‍රියාවලින් එහි සැබෑ චේතනාවෙන් සනාථ විය. ගෞරව කිරීම යනු හුදෙක් වචනයකට පමණක් සීමා නොවූවක් නොව. මෙම පාඨයේ “ගෞරව කිරීම” යන වචනය ක්‍රියා පදයක් වන අතරම එයට නිසි ක්‍රියාවන් ඉල්ලුම් කරනු ලබයි.

අප දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන පිණිස මහත් පරිශ්‍රමයක් දරනවා හා සේම අපගේ දෙමව්පියන්ට ගෞරව කිරීමට උත්සහ දැරිය යුතුය. එනම් අගේ සිතුවිලි වලින් වචනයෙන් සහ ක්‍රියාවෙන්ය. කුඩා ළමයෙකුට තම දෙමව්පියන්ට කීකරු වීම සහ ඔවුන්ට ගෞරව කිරීම එකිනෙක හා අත්වැල් බැඳ යන්නකි. ඒ තුළ අන්තර්ගත වන්නේ ඇහුම් කන්දීම, සැලකිලිවත් වීම සහ ඔවුන්ගේ ආධිපත්‍යයට යටහත් වීමය. දරුවන් පරීනත භාවයට පත්වූවාට අනතුරුව, දරුවන් ලෙස ඔවුන් ඉගෙන ගත්තාවූ කීකරුකම, රජය, පොලීසිය සහ සේවා යෝජකයන් වැනි අනෙකුත් බලධාරීන්ට සේවය කිරීමට උපයෝගිවේ. අප දෙමව්පියන්ට ගෞරව කිරීම අවශ්‍යය කාර්‍යයක් වූවත් අභක්තිකයන්ව අනුකරණය කිරීම එයට ඇතුළත් නොවේ (එසකියෙල් 20:18-19). යමෙකුගේ මව හෝ පියා කිසියම් අයුරකින් පැහැදිලිව දෙවියන් වහන්සේගේ ආඥාවන්ට විරුද්ධ වන යමක් දරුවෙකුට කිරීමට උපදෙස් දෙනු ලැබුවහොත් එම දරුවා නියත වශයෙන්ම එම දෙමව්පියන්ට වඩා දෙවියන් වහන්සේට අවනත විය යුතුය (ක්‍රියා 5:28).

ගෞරවය ගෞරවය උපද්දවයි. දෙමව්පියන්ට ගෞරව කළ යුතු යන ආඥාවට කීකරු නොවන්නන්ට දෙවියන් වහන්සේද ගෞරවය නොදෙන සේක. අප දෙවියන් වහන්සේව සතුටට පත්කොට ආශීර්වාද ලැබීමට කැමැත්තෙමු නම් අපගේ දෙමව්පියන්ට ගෞරව කළ යුතු වෙමු. ගෞරව කිරීම පහසු කාර්යයක් හෝ සෑම විටම ප්‍රිය උපදවන්නක් හෝ ඒකාන්තයෙන්ම අපගේ ස්ව ශක්තියෙන් කළ හැක්කක්ද නොවේ. ගෞරව කිරීම අපගේ ජීවිතයේ අර්ථවත් භාවය කරා යන නිසැක මංපෙතකි-එනම් දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන්නකි. “දරුවනි, සියළු කාරණා වලදී මව්පියන්ට කීකරු වෙයල්ලා. මක්නිසාද ඒක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය” (කොලොස්සි 3:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ මවටත් පියාටත් ගෞරව කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries