settings icon
share icon
ප්‍රශ්නය

අප අපවාදාත්මක දෙමව්පියකුට ගෞරව කරන්නේ කෙසේද?

පිළිතුර


කිතුණුවකුගෙන් අසනු ලබන බරපතල ප්‍රශ්නයක් නම් ආඥා දසයේ පස් වන ආඥාව ලෙස දෙවියන්වහන්සේ විසින් නියම කර පරිදි අපවාදාත්මක දෙමව්පියකුට ගෞරව කරන්නේ කෙසේද යන්නය (නික්මයාම 20:12). අප විසින් අපගේ දෙමවිපියන්ට ගෞරව කළ යුත්තේ ඔවුන් යහපත්, කරුණාවන්ත සහ අපට ප්‍රේම කරනු ලබනවා නම් පමණක් බව දෙවියන්වහන්සේ පවසා තිබෙන සේක් නම් එය වඩාත් පහසු වනු ඇති නමුදු මෙම ආඥාව හුදෙක්ම පවසන්නේ කිසිඳු සුදුසුකමක් නොමැතිව ඔබගේ මවටත් පියාටත් ගෞරව කරන ලෙසය. එයට එසේ කීකරු වීමට එතරම් අසීරු බවක් දක්වන සිත් රිදීම් වලට ලක්වූ සහ පලූදුවූ අයවලූන් බොහෝමයක් සිටිති.

"අපවාදාත්මක" යන පදය එහි නිර්වචනයට අනුව පුළුල් පරාසයක පවතියි. දරුවකුව ඉතා වැදගත් අවශ්‍යතාවයන් වන ආදරය සහ පිළිගැනීමක් නොමැතිව හොදින් සැරසුණු සහ පෝෂණයෙන් පිරී සෑම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කරමින් ඇති දැඩි කළ හැකි වේ. කිසිඳු ශාරිරික හානියක් ඔහුට නොකරතත්, එනමුත්, සෑම වසරක්ම ගතවෙත්ම ඔහුගේ ආත්මය ඔහු තුළ වඩ වඩාත් ඇකිළී රැළි වැටෙනු ලබන්නේ, හිරු එළිය නොමැතිව හැකිලී යන පැළැටියක් මෙන්, ඉතාමත් අල්ප ස්නේහ නිරූපණයකට හෝ උත්සුක වෙමින්ල පෙනෙන ආකාරයට සාමාන්‍ය වැඩිහිටියෙකු බවට පත්වන තුරුල එනමුත් තම දෙමව්පියන්ගේ නොසැලකිල්ල හමුවේ අභ්‍යන්තරව අබලන් තත්වයකට පත්වී ඇත.

එසේ නොමැති නම් දරුවකුගේ ආත්මය කුඩා අවධියේදීම බිදවැටීමට හැකිවන්නේ – ශාරිරක අපයෝජනයකට ලක් නොවූවද – ඔහු නිශ්ඵල බවත් කිසිවිටෙක කිසිවකට ඔහු නුසුදුසු බව නිරන්තරව ප්‍රකාශ කිරිම තුළින්ය. ඔහු විසින් දරන සෑම ප්‍රයත්නයක්ම නින්දාසහගත ලෙස බැලීම කරණකොටගෙන ඔහු කිසිවක් කිරීමට කිසිවිටෙක ප්‍රයත්න නොදරයි. මන්දයත් ඉතා ලාබාල දරුවන් ස්වභාවිකවම තම දෙමව්පියන් තමන් පිළිබද ප්‍රකාශ කරනු ලබන දේ විශ්වාස කරනු ලබන අතරල මේ ආකාර සැලකිල්ලකට භාජනය වන දරුවා අනුක්‍රමයෙන් තමාවම ඉවත් කරගනිමින්, අදෘෂ්‍යමාන ප්‍රාකාරයක් පිටුපස පසුබසිමින් ජීවත් වනවා වෙනුවට හුදෙක්ම පවතිනු ලබයි. මෙම දරුවන් වූ කලී තම දෙමව්පියන් කරණකොටගෙන කිසිවිටෙකත් ශාරිරකව වේදනා නොවිද වැඩන්නාවූ නමුත් එසේ වුවද ඔවුන්ගේ ආත්මයෙන් අබලන් වී පවතී. ඔවුනට මිත්‍රයන් ඇති කර ගැනීමට මෙන්ම සාමාන්‍ය ආකාරයෙන් අනෙකුත් වැඩිහිටියන් හා සමග සම්බන්ධතා ඇති කරගැනීමට අපහසු වෙති.

ඉහත සදහන් කොට තිබෙන්නේ දරුවන්ගේ අපයෝජනයෙහි කූට ස්වරූපයනවේ. මෙය සැබවින්ම මැනවින් පසක් වන ආකාරයේ අපයෝජනයකි – නොසලකා හරනු ලැබූල පයින් පහර දෙනු ලැබූ එමෙන්ම වඩාත් නරක අතට ලිංගිකවද අපයෝජනයට ලක්වූ දරුවෙකි. දැන් මතුවන්නේ විශාලම ප්‍රශ්නයවේ: තමන්ගේ දරුවන්ට මෙතරම් කෲරත්වයකින් සලකනු ලබන දෙමව්පියන්ට දෙවියන්වහන්සේගේ ආඥාව වන තම පියාටත් මවටත් කීකරු වන්නේ කෙසේද යන්නය.

අප විසින් මතක තබා යුතු පළමු කාරණය නම් දෙවියන්වහන්සේ අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේය, එතුමාණන් හුදෙක්ම න්‍යායන් පිහිටුවා අප එවාට කීකරු වෙන තෙක් බලා සිටිනවා පමණක් නොව, උන්වහන්සේගේ න්‍යයාන් පවතින්නේ අපගේම පර්යන්ත යහපත උදෙසා බවයග කෙතරම් අසම්භාව්‍ය වුවද අපට සැබවින්ම උන්වහන්සේට කීකරුවීමට අභිරුචියක් තිබේ නම් එයට මාර්ගයක් සොයා ගැනීමට උපකාර වීමට උන්වහන්සේ කැමැතිව සිටින අතරම ඒ සදහා උත්සුක වන සේක. සැබවින්ම්, ප්‍රථමකොට, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා සමග අප ප්‍රේමණීය, විශ්වාසවන්ත සබදතාවයක් වැඩි දියුණු කොට ගත අතර, ඇතැම්විට ආදරය කිරීමට හා විශ්වාස කිරීම කුමක්ද යන්න කිසිවටෙකත් නොදන්නාවූ අයට මෙය අතිශයින් දුෂ්කර විය හැක. මෙම තත්වයේ සිටින්නන් කුඩා පියවරක් තැබිය යුතු මෙන්ම දෙවියන්වහන්සේට ඔවුන්ගේ හදවතෙන් ප්‍රකාශ කළ යුත්තේ: "ඔබවහන්සේට ප්‍රේම කිරීමටත් විශ්වාස කිරීමටත් මා හට ඉගෙනීමට අවශ්‍යයවේ – කරුණාවෙන් මා හට උපකාර කල මැනව." උන්වහන්සේ පිළිතුරු දෙනු ලබන සේක. අපගේ චිත්තවේගයන් සහ ආකල්ප වෙනස් කිරීමටත් හානියට පත්වූ සබදතා මෙන්ම බිඳුනාවූ හදවත් පිළිසකර කිරීමට හැකිවන්නේත් උන්වහන්සේට පමණක්ය (ලුක් 4:18).

උන්වහන්සේ හා සමග අපගේ සබදතාවය ප්‍රතිෂ්ඨාපනය වූ කල අපට විශ්වාසයෙන් යුතුව උන්වහන්සේ වෙතට ලගාවිය හැකි අතර අපගේ ගැටළුද උන්වහන්සේට යොමු කළ හැක්කේ උන්වහන්සේ ඒවාට ඇහුම්කන් දී පිළිතුරු දෙන බව දන්නා හෙයිනි (1 යොහාන් 5:14–15). ඕනෑම දේව දරුවෙකු මේ ආකාරයට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට කැමැත්ත පල කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ තමන්ගේ හදවතෙහි ක්‍රියා කරන ආකාරය හැගීමට ආරම්භ කරනු ඇත. අපයෝජනාත්මක ළමාවියක් කරණකොටගෙන ගලක් බවට පත්වූ හදවත දෙවියන්වහන්සේ රැගෙන තමන්ගේ අපූර්ව ගැළවීමේ කාර්‍යය එනම් එම හදවත මාංශයෙන් සහ හැගීම් වලින් පූර්ණ වූවක් බවට හැරවීමට ආරම්භ කරන සේක (එසකියෙල් 36:26).

මීළග පියවර නම් කමාව දීමට කැමැත්ත පල කිරීමය. මෙය වනාහී මුළුමනින්ම අසම්භාව්‍ය ක්‍රියාවක් ලෙස පෙනී යන්නේ විශේෂකොටම ඉතාමත්ම අයහපත් ආකාරයේ අපයෝජනයකින් පීඩාවට පත්වූවන් වන නමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවන (මාර්ක් 10:27). මෙම බේදාන්ත ගොදුරු වල ප්‍රාණ තුළට තිත්තකම කිදාබැස තිබෙනවා වන්නට පිළිවන, එනමුත් එම අදාල පුද්ගලයා කැමැත්ත පල කරන්නේ නම් ශුද්ධාත්මයාණන්වහන්සේට මෘදු කිරීමට නොහැකි කිසිවක් නොමැත. අවශ්‍යය වන එකම දේ නම් එම තත්වය දිනපතා සියලූ දයාවේ දෙවියන්වහන්සේ වෙතට රැගෙන අවුත් මනුෂ්‍යය දෘෂ්ඨිකෝණයකින් එය කෙසේද යන්න උන්වහන්සේට කථා කළ යුත්තේ එවන් දුෂ්ට හැසිරීම් රටාවක් ඇති ප්‍රධාන වශයෙන්ම අපව දරුවන් ලෙස පෝෂණය කිරීමේත් ප්‍රේම කිරීමේත් කාර්‍යය පවරා දෙනු ලැබූ දෙමව්පියන්ට කිසිවටෙකත් කමාව ලබාදීම අසම්භාව්‍ය කටයුත්තක් හෙයිනි.

කමාව දීමට ඇති නොහැකියාව පිළිබදව දෙවියන්වහන්සේට ඒත්තු ගැන්වීමට කිසිවිටෙකත් බිය වීමට කාරණයක් නොමැතග කමාව නොදීම පාපයක් බව සැබෑවා නමුත් එය වනාහී ඕනැකමින් කරන්නාවූ කමාව නොදීමක් පමණක් වන්නේ අප අපගේ හදවත් දැඩි කොට අපට ඉතා අයහපත් ලෙස රිදවූවන්ට කිසිවටෙකත් කමාව දීම සැලකිල්ලට පවා නොගන්නාවූ බවට අප තරයේම කියා සිටියහොත්ය. දේව දරුවෙකු තමන්ට තනිවම කළ නොහැකි යමකට උපකාර ලබාගනු වස් තම පියාණන්වහන්සේ වෙතට ගමන් කරන කල ඔහුට කිසිවිටෙක කුපිතවූ බිය උපදවන දෙවියන්වහන්සේ කෙනෙකු හමුනොවන අතර ඔහුට හමුවන්නේ අතිමහත් ප්‍රේමයකින් යුක්තවූත් අනුකම්පා සහගතවූත් දයාවන්ත හදවතක් හෙබි උපකාර කිරීමට අභිරුචියක් ඇති පියාණන්වහන්සේ කෙනෙක්ය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තමන්වහන්සේගේ සුව කිරීමේ ක්‍රියාවලිය අප තුළ මෘදුව ආරම්භ කල පසුව, අපට දක්නට ලැබන්නේ අපගේ දෙමවිපියන් දෙස වෙනස් ආකාරයකට සමිප්‍රේක්ෂණය කරන්නාවූ අය ලෙසයග ඇතැමිවිට එම අදාල දෙමවිපියන්ට හෝ අවම වශයෙන් එක් අයෙකුට හෝ ආත්මයාණන් වහන්සේ විසින් අනාවරණය කරනු ලබන්නේ ඔවුන්ගේ ලමාවියේද ඒ ආකාරයෙන්ම සලකනු ලැබූ හෝ එසේත් නොමැති නම්‍ අපට චිත්තවේගාත්මකව කරනු ලැබුවේ කුමක්ද යන්න පිළිබදව කිසිඳු අදහසක් නොමැති හෝ අපට සලකන ආකාරය ඔවුන්ගේ යටපත් කරගෙන තිබූ කෝපයේ පිටමුව අප වූ බවයග ඔවුන්ගේ හැසිරීමට හේතුවක් නොතිබුනත් දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ කමාව දීම පිණිස අප උන්වහන්සේ වෙතට යාමය, මන්දයත් අපගේම ප්‍රාණ සහ ආත්මයන් අනුක්‍රමයෙන් තිත්තකමෙන් විස නොවද්දවන පිණිසය.

ඇදහිය නොහැකි කෲරත්වයන් වලින් පීඩා විදිනු ලැබූ සහ දෙමව්පියන්ගේ දෑතින් සෙනෙහස හිගවූවන්ගේ සාක්ෂි තිබෙන නමුත් – සර්වබලධාරි දෙවියන්වහන්සේගේ ශක්තිය සහ දයාව කෙරෙහි සම්පූර්ණයෙන්ම රදා පැවතීමට ඉගෙන ගැනීමෙන් අනතුරුව ඔවුන් තමන්ගේ දෙමව්පියන් කෙරෙහි ආදරණීය ආකල්පයක් මෙන්ම තමන්ගේ හදවත් වලට සුවයද කමාව දීමද අනුක්‍රමයෙන් සොයා ගනු ලැබූහග ඔවුන්ගේ දෙමව්පියන්ව දෙවියන්වහන්සේ වෙතට මුදා හැරීමේදී ඔවුන් විසින් දුටුවේ තම දෙමව්පියන්ද වෙනස් වීමට ආරම්භ කර ඇති බවත් මෙම කථා පුවතෙහි කීර්තිමත් අවසානය නම් දෙවියන්වහන්සේ තුළ එක්සත් වූ ආදරණීය ප්‍රීතිමත් පවුලකි. එපීස 6:2–3 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ "ඔබට වැඩ සිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත් වන පිණිසද ඔබේ පියාටත් මවුටත් ගෞරව කරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය."

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප අපවාදාත්මක දෙමව්පියකුට ගෞරව කරන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries