settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට ගෞරව කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


එළිදරව් 4:10–11 ස්වර්ගයේ දර්ශනයක් විස්තර කරයි. "වැඩිමහල්ලන් විසිහතර දෙනා සිංහාසනය මත හිඳින තැනැත්තා ඉදිරියෙහි වැඳවැටේ. ඔවුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරිපිට තබා මෙසේ කියයි: 'අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ වැටි, සදාකල්ම ජිවත්වන්නාවු තැනැන්වහන්සේට නමස්කාර කර අපගේ, ස්වාමීන්වහන්සේ, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන් වහන්සේය. මක්නිසාද ඔබ සියලුදේ මැවුසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේ යයි කියති. "මහිමය"සහ "ගෞරවය" ලෙස පරිවර්තනය කර ඇති වචන එකිනෙකට සමීපව සම්බන්ධ වන අතර බොහෝවිට ඒවා එකිනෙකට වෙනස් ලෙස බයිබලයේ භාවිතාවේ. නමුත් ඒවා අතර සියුම් වෙනසක් ඇත. "මහිමය" යන වචනයේ බොහෝවිට පරිවර්තනය කර ඇත්තේ "සහජයෙන්ම වටිනාකමක් ඇති දෙයක්" වන අතර "ගෞරවය" ලෙස පරිවර්තනය කර ඇති වචනයේ තේරුම "වටහාගත් වටිනාකම; මහිමවත් කිරීමට හෝ ගෞරව කිරීමට."

මහිමය යනු මහිමයට පත්වන ගුණාංගයට ආවේණිකවූ ගුණාංගයකි. මහිමය එහි ඇති දේ නිවැරදිව පිළිබ්ඹු කරන කැඩපතක් ලෙස සිතිය හැකිය. අපි දෙවියන්වහන්සේගේ චරිතය නිවැරදිව පිළිබ්ඹු කරනවිට, අපි උන් වහන්සේව මහිමයට පත් කරමු. දෙවියන්වහන්සේව මහිමවත් කිරීම යනු උන්වහන්සේ සැබවින්ම කවුරුන්ද යන්න පිළිබඳව උන්වහන්සේට ගෞරව කිරීමයි. දෙවියන්වහන්සේට මහිමය ඇත්තේ උන්වහන්සේ අසීමිත වටිනා කමක් ඇති බැවිනි. මහිමයට පත්වූ තැනැත්තාගේ ස්වරූපයෙන් අප මවා ඇති නිසා මනුෂ්‍යයන්ට මහිමය ඇත (උත්පත්ති 1:27). වචනයෙන් හෝ ක්‍රියාවෙන් දෙවියන්වහන්සේගේ මහිමාන්විත ස්වභාවය හෝ ක්‍රියාවන් නිරූපණය කරන විට අපි දෙවියන්වහන්සේව මහිමයට පත් කරමු. යේසුස් වහන්සේගේ චරිතය ආදර්ශනය කිරීම දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමේ ක්‍රමයකි, මන්ද අප උන්වහන්සේගේ ගුණාංග විදහා දක්වන බැවිනි. අපි දෙවියන්වහන්සේව මහිමයට පත් කරන විට, අපි උන්වහන්සේට ගෞරව කරන්නෙමු. ගෞරවය අපගේ හදවත් තුළ ඇතිවන අතර එයින් අදහස් කරන්නේ අප පෞද්ගලිකව යම් දෙයක් හෝ යමෙකු කෙරෙහි තබන වටිනාකමයි. එකතු කරන්නන් සමහර අයිතම එකතු කරන්නන් නොවන අයට වඩා ඉහළ අගයක් ගනී. අනෙක් අය නොසලකා හරිනදේ වෙනත් කෙනෙකු විසින් ඉතා අගය කොට සලකනු ලැබේ. අනෙක් පුද්ගලයින්ගේ ස්ථාවරය සහ දායකත්වය වැදගත් යැයි අපි සලකන තරමට අපි ඔවුන්ට ගෞරව කරමු. මිනිසුන්ට ගෞරව කිරීමට අපට අණකර ඇත්තේ ඔවුන්ගේ තත්වය නිසා මිස ඔවුන්ගේ ක්‍රියා කාරිත්වය නිසා නොවේ. අපගේ පියවරුන්ට සහ මව්වරුන්ට ගෞරව කිරීමට අපට අණකර ඇත (ද්විතීය කථාව 5:16; එපීස 6:1-3), වැඩිහිටියන් (ලෙවීකථාව 19:32; 1 තිමෝති 5: 1-2) සහ අපව පාලනය කරන අයට (1 පේත්‍රැස් 2:17). අපි දෙවියන් වහන්සේට ගෞරව කරන විට, අප උන්වහන්සේ කෙරෙහි දක්වන ඉහළ ගෞරවය පෙන්නුම් කරයි. අපි උන්වහන්සේගේ මහිමය ප්‍රශංසාව හා නමස්කාරය ලෙස පිළිබ්ඹු කරමු.

දෙවියන්වහන්සේට ගෞරව කිරීමට හා මහිමයට පත්කිරීමට බයිබලයේ බොහෝ ක්‍රම තිබේ. (1 කොරින්ති 6:18-20), අපගේ ආදායම ලබා දීමෙන් (හිතෝපදේශ 3:9; 2 කොරින්ති 8:7; 9:7), සහ කැපවූ ජීවිත වලින් උන් වහන්සේට (රෝම 14:8). හුදෙක් බාහිරව උන්වහන්සේට ගෞරව කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දෙවියන්වහන්සේ අපේ හදවත් වලින් ලැබෙන ගෞරවය අපේක්ෂා කරයි. "සමිඳාණන්වහන්සේ මෙසේ වදාරන සේක: මේ සෙනඟ මුඛයෙන් මා ළඟට ඇවිත් ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරති. එහෙත් ඔවුන්ගේ හදවත් මාගෙන් දුරස් වීඇත." (යෙසායා 29:13; මතෙව් 5-7 ද බලන්න). අප සමිඳාණන්වහන්සේ කෙරෙහි ප්‍රිය කරන විට (ගීතාවලිය 37:4), අප කරන සෑම දෙයකින්ම උන්වහන්සේව සොයන්න (1 ලේකම් 16:11; යෙසායා 55:6), උන්වහන්සේ අපගේ හදවත් තුළ ඇති ස්ථානය පිළිබ්ඹු කරන තේරීම් කරන විට, අපි උන්වහන්සේව ශ්‍රේෂ්ධ ගෞරවයට ගෙන එන්නේය,

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට ගෞරව කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries