settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


"සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය" යන පාඨය බයිබලයේ දෙවරක් පළවෙන අතර, එය එක් වරක් පරණ ගිවිසුමේද (යෙසායා 6:3), එක් වරක් නව ගිවිසුමේ (එළිදරව්ව 4:8) ද වේ. දෙවරම පාඨය පවසන ලද්දේ හෝ ගයන ලද්දේ ස්වර්ගීය සත්වයන් විසින් වන අතර දෙවරම එය සිදුවන ලද්දේ දෙවියන් වහන්සේගේ සිංහාසනය වෙත දර්ශනයක් මගින් මනුෂ්‍යයෙකු රැගෙන ගිය මොහොතකය: පළමුව යෙසායා දිවැසිවරයා විසින් හා දෙවනුව යොහාන් අපෝස්තුළුවරයා විසිනි. දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය තුන්වරක් ප්‍රකාශ කිරීම පිළිබඳව යොමුවීමට ප්‍රථමයෙන් දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීම වැදගත්ය.

දෙවියන් වහන්සේගේ ගුණාංග අතරින් පැහැදිලි කිරීමට වඩාත් අපහසුම ගුණාංගය වන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය වන අතර එය මිනිසා සතු නොවන උන් වහන්සේගේ ඉතා වැදගත් ගුණාංගයන්ගෙන් එකක් වීම එයට හේතුවයි. දෙවියන් වහන්සේගේ සමානකමට අප මවා ඇති බැවින් තරමක් දුරට සැබවින්ම ප්‍රේමය, දයාව, විශ්වාසවන්ත බව වැනි උන්වහන්සේගේ බොහෝ ගුණාංගයන් අප සතුව ඇත. එහෙත් දෙවියන්වහන්සේගේ ගුණාංග සමහරක් වන සර්වව්‍යාප්තිය, සරාවඥතා ඥානය, සර්වබලධාරිත්වය සහ ශුද්ධත්වය කිසිදිනෙක මවන ලද්දන් වෙත දානය කරන්නේ නැත. අනෙකුත් ප්‍රාණීන්ගෙන් හා අන් සියලුම දෙයින් වෙන් කර දෙවියන්වහන්සේ සුවිශේෂීව තබන්නේ උන් වහන්සේගේ ශුද්ධත්වයයි. දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය උන්වහන්සේගේ පරිසමාප්තිය හෝ ධර්මිෂ්ධ නිර්මලත්වය පමණක් නොව ඉන් ඔබ්බට ගිය උන්වහන්සේගේ "විෂිශ්ඨත්වයේ" සැබෑ ස්වරූපය වන උන්වහන්සේගේ උත්තර්තර බවයි. දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය උන්වහන්සේගේ තේජස්ශ්‍රීයෙහි අභිරහස මූර්තිමත් කරන අතර උන්වහන්සේගේ තේජසේ අල්ප මාත්‍රයක් අවබෝධ කරගැනීමට අපට හැකි වූ විගස අපගේ ආශාව වන්නේ උන් වහන්සේගේ අභිමුඛත්වයයි.

යෙසායා 6 දර්ශනය විස්තර කරන පරිදි, යෙසායා දෙවියන්වහන්සේගේ ශුද්ධත්වයේ සෘඡු සාක්ෂිකරුවෙකි. යෙසායා දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙක් මෙන්ම ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වුවද දෙවියන්වහන්සේගේ ශුද්ධත්වයේ දර්ශනයට ප්‍රතිචාර දැක්වූවේ තමන්ගේම පව්කාර බව ගැන අවබෝධයෙන් හා තම ජීවිතයේ බලාපොරොත්තු නැති කර ගනිමිනි (යෙසායා 6:5). දේව අභිමුඛයේ සිටි සුවිශුද්ධය, සුවිශුද්ධය, සුවිශුද්ධය සව් බලැති සමිදාණන් වහන්සේ සුවිශුද්ධය යැයි මොරගැසූ සුරදූතයින් පවා ඔවුන් සතු පියාපත් සයෙන් සතරකින් ඔවුන්ගේ මුහුණු හා දෙපා වසා සිටියෝය. මුහුණ සහ දෙපා වසා ගැනීමෙන් අඟවන්නේ ඉතා ආසන්න දේව අභිමුඛයට තිබූ නමස්කාරය හා ගරුබිය බව සැකයක් නැත (යෙසායා 6:2). ශුද්ධවූ තැනැන් වහන්සේ අභිමුඛයේ තම නුසුදුසු බව පිළි ගනිමින් හැකි තරම් තම තමන් ආවරණය කර ගන්නාසේ සෙරාප්වරු ආවරණය වී සිටගෙන සිටියෝය. යෙහෝවාගේ අභිමුඛත්වයේදී නිර්මල හා ශුද්ධවූ සෙරාප්වරු පවා එතරම් ළං වීමට ගරුබියක් දැක්වූයේ නම් දූෂිත හා පව්කාර සත්වයන් වන අප උන් වහන්සේට ළංවීමට සිතීමට පවා කොතරම් ගැඹුරු ගරුබියක් දැක්විය යුතුද! සුරදූතයින් විසින් දෙවියන්වහන්සේ වෙත පෙන්වන ලද ගරුබිය අපට සිහි කළ යුත්තේ, උන්වහන්සේගේ ශුද්ධත්වය අවබෝධ කර නොගෙන අප බොහෝවිට කරන පරිදි අපගේ හිතුමතේට කිසිදු ගෞරවයක් නොමැතිව උන් වහන්සේගේ අභිමුඛත්වයට පිවිසීමයි

එළිදරව්ව 4 හි සඳහන් දෙවියන්වහන්සේගේ සිංහාසනය පිළිබඳ යොහාන්ගේ දර්ශනයද යෙසායාගේ දර්ශනයට සමානය. ශුද්ධවූ තැනැන්වහන්සේට ගරු බියෙන් නමස්කාර කරමින් සර්ව පරාක්‍රම වන දෙවියන්වහන්සේ සුවිශුද්ධය, සුවිශුද්ධය, සුවිශුද්ධය යැයි සිංහාසනය වටා මොරගැසූ ජීවමාන සත්වයන් එතැනද සිටියෝය (එළිදරව්ව 4:8). දෙවියන්වහන්සේට නොනවත්වා මහිමය, ගෞරවය සහ නමස්කාරය දෙමින් උන්වහන්සේගේ සිංහාසනය වටා සිටි මෙම ජීවමාන සත්වයන් පිළිබඳ යොහාන් දිගින් දිගටම විස්තර කරන්නේය. සිත්ගන්නා සුළු කාරණය වන්නේ දෙවියන්වහන්සේගේ දර්ශනයට යොහාන් විසින් දක්වන ලද්ඳේ යෙසායාට වඩා වෙනස් ප්‍රතිචාරයකි. තමන්ගේ පාපී බව හේතුවෙන් බියෙන් ත්‍රස්තව වැඳ වැටෙන බවක් වාර්තා නොවන්නේ සමහරවිට ඔහුගේ දර්ශනය ආරම්භයේදීම උත්ථානවූ ක්‍රිස්තුන්වහන්සේ මුණගැසීම විය හැකිය (එළිදරව්ව1:17). ක්‍රිස්තුස්වහන්සේ යොහාන් මත අත තබා බිය නොවන ලෙස පැවසූ සේක. එලෙසම, අපගේ පව් උදෙසා කුරුසියේදී ක්‍රිස්තුස්වහන්සේ හුවමාරු කරගත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨභාවයේ හස්තය අප මත තිබේ නම් දයාවේ සිංහාසනය වෙත අපටද ළඟා විය හැකිය (2 කොරින්ති 5:21).

එහෙත් "සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය" තෙවරක් භාවිත කර ඇත්තේ ඈයි (ට්‍රයිහේගියන්)? නමක් හෝ ප්‍රකාශයක් තුන්වරක් කීම යුදෙව්වන් අතර බෙහෙවින් සුලභ විය. යෙරමියා 7:4 ද් දිවැසිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම නමස්කාරය පිළිබඳ දැඩි විශ්වාසය ප්‍රකාශ කරමින් "මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාවය" යැයි තෙවරක් පවසන වංක හා දූෂිත යුදෙව්වන් පිළිබඳවය. යෙරමියා 22:29, එසකියෙල් 21:27, සහ 1 සාමුවෙල් 18:23 දී තෙවරක් පවසන ඒ හා සමාන ප්‍රබල ප්‍රකාශන ඇතුලත්වේ. එබැවින්, "සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය" යැයි සිංහාසනය වටා සුරදූතයින් හඬගසමින් හෝ එකිනෙකා හට මොර ගසමින් මුළු ශක්තියෙන් හා ඉමහත් ආශාවෙන් පවසන්නේ දෙවියන්වහන්සේගේ තේජාන්විත හා මහානුභාව සම්පන්න ගුණය පෙන්නුම් කරන ඉතාම වැදගත් ස්වභාවය වන උන් වහන්සේගේ පරම මහෝත්තම ශුද්ධත්වයයි.

එයට අමතරව ට්‍රයිහේගියන් දක්වන්නේ දෙවියන්වහන්සේගේ ත්‍රිත්ව ස්වභාවය වන එක සමානව ශුද්ධවත් හා මහානුභාව සම්පන්න තැනැන් වහන්සේලා තිදෙනාගෙන් යුත් දේවත්වයයි. සොහොනේදී "නටබුන් නොවන" නමුත් උත්ථානවී දෙවියන්වහන්සේගේ දකුණු පසට ඔසවා ගන්නා ලද ශුද්ධවූ තැනැන් වහන්සේ වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය (ක්‍රියා 2:26, 13:33-35). කුරුසිය මත සිය මරණයෙන් ශුද්ධවූ දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ නින්දාවෙන් තොරව සිට ගැනීමට අපට අවසර ලබා දෙන ලද "ශුද්ධවූ හා ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ" වන්නේ යේසුස් වහන්සේය (ක්‍රියා 3:14). දේවත්වයේ නියම ස්වභාවය සඳහා ශුද්ධත්වයේ ඇති වැදගත්කම තමන් වහන්සේගේ නාමයෙන්ම හඟවන ත්‍රිත්වයේ තුන්වන තැනැන්වහන්සේ වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේය.

අවසානයේ, සිංහාසනය වටා සුරදූතයින් "සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය" යැයි මොරගැසීම පැහැදිලිව පෙන්වා දෙන්නේ ගිවිසුම් දෙකෙහිම සිටින්නේ එකම දෙවියන් වහන්සේ බවය. බොහෝවිට අප සිතන්නේ පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ උදහසේ දෙවියන්වහන්සේ ලෙසත් නව ගිවිසුමේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ දෙවියන්වහන්සේ ලෙසටය. එහෙත් යෙසායා සහ යොහාන් ඒකාබද්ධව ඉදිරිපත් කරන පිංතුරය නම් අපගේ ශුද්ධවූ, මහානුභානු සම්පන්න, තේජාන්විත වෙනස් නොචන (මලාකි 3:6), ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර වූ (හෙබ්‍රෙව් 13:8), "පහව යන බවට ඡායා මාත්‍රයකුදු නැති" (යාකොබ් 1:17) දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ සදාකාලිකසේම උන්වහන්සේගේ ශුද්ධත්වයද සදාකාලිකය. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries