බයිබලය ශුද්ධ බයිබලය ලෙස හදුන්වන්නේ මන්ද?



ප්‍රශ්නය: බයිබලය ශුද්ධ බයිබලය ලෙස හදුන්වන්නේ මන්ද?

පිළිතුර:
බිබ්ලියා සැක්රා යන වාක්‍ය ඛණ්ඩය "ශුද්ධ පොත්" පළමුවරට දක්නට ලැබුණේ මධ්‍යතන යුගයේදීය. ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රථම වතාවට නැතහොත් මුල් වරට "ශුද්ධ බයිබලය" 1611 ඇමරිකානු කිංග්ස් ජේම්ස් අනුවාදය දෘෂ්‍යමාන වූයේ අවසර ලත් අනුවාදයක් යන ආවරණය යටතේය. ශුද්ධ යන වචනයට බොහෝ අරුත් ඇති අතර එම සියළු පද දෙවියන් වහන්සේගේ වචනය විග්‍රහ කරණ පිණිස යොදා ගෙන ඇත.

ශුද්ධ යන වචනයට එක් අරුතක් නම් " පූජනීය, පවිත්‍ර කරන ලද, පවිත්‍රභාවයට පමුණුවන ලද" වේ. ගිනිගත් පදුරෙන් දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ අවස්ථාවේ, එතුමා ඔහුගේ පයේ වූ පාවහන් මුදන පිණිස අණ කරනු ලැබුවේ ඔහූ "ශුද්ධ භුමිය" මත සිටගෙන සිටි නිසාත් භුමිය ශුද්ධ වූයේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය නිසාත්ය. දෙවියන් වහන්සේ පූජනීය බැවින් එතුමාණන් වහන්සේ කතා කරන්නාවූ වචනද පූජනීය වේ. ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ මෝසෙස්ට සීනායි කන්දේදී දුන් වචන මෙන්ම මනූෂ්‍ය සංහතියට බයිබලය හරහා දුන් සියළු වචනද පූජනීය වේ. දෙවියන් වහන්සේ පරිසමාප්ත / ශ්‍රේෂ්ඨ බැවින්, එතුමාණන් වහන්සේගේ වචනද පරිසමාප්ත වේ (ගීතාවලිය 19:7). දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ මෙන්ම පරිශුද්ධ බැවින් එතුමාණන් වහන්සේගේ වචනයද ධර්මිෂ්ඨ හා පරිශුද්ධය (ගිතාවලිය 19:8).

බයිබලයද ශුද්ධය මන්දයත් එය මනූෂ්‍යයන් ලියනු ලැබුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම හා ආනුභාවය යටතේය. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමොති 3:16). "දෙවියන් වහන්සේ හුස්ම හෙලූ සේක" යන වචනයට ග්‍රීක පදය "තියෝෆිනෙස්ටොස්" එහි තියෝස් යන්නෙන් "දෙවියන් වහන්සේ" යන අරුතද නියෝ යන්නෙන් "හුස්ම හෙලීම, හෝ හුස්ම" යන අරුත දේ. මෙම ග්‍රීක මූලය කරණකොට ගෙන ඉංග්‍රීසි වචනයක් වන නියුමෝනියා සෑදේ. එබැවින් අපගේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ වන තැණන්වහන්සේ කරණකොටගෙන වචනානුසාරයෙන් ලියවිල්ලෙහි ශුද්ධ වචන සෑම පොතක්ම ලියන ලද රචකයෙකු මත දෙවියන් වහන්සේගේ හුස්ම හෙලන ලදි. දිව්‍යමය රචකයා ශුද්ධය, එබැවින් එතුමා ලියන්නාවූ දෙයද ශුද්ධය.

ශුද්ධය යන්නට තවත් අරුතක් නම් "වෙන් කර ගන්නා ලදි" යන්නය. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය ඔවුන්ගේ සමකාලීනයන් අතරින් "පූජක රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්" ලෙස වෙන් කර ගන්නා ලදි ( නික්මයාම 19:6). පේත්‍රස් ගේ විග්‍රහ කිරීමට අනුව ඊට සමානව කිතුණුවන්ද අන්ධකාරයේ ඇවිදින නොඇදහිලිවන්ත සෙනඟ අතරින් වෙන් කර ගනු ලැබුවේය "නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැණන්වහන්සේගේ උත්ක්‍යෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධවූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය එබැවින් නුඹලාව අන්ධකාරයෙන් විස්මපත් ආලෝකයට කැඳවාගත් තැනන්වහන්සේට ප්‍රශංසා පුද කළ යුතුය". මෙම "වෙන් කර ගැනීම" බයිබලයට අනුව සැබෑ ශුද්ධකමේ ලක්‍ෂණයක් වන අතර එසේ වන්නේ එම පොතද අන් සියළු පොත් අතරින් වෙන් කර ගත් පොත බැවිනි. දෙවියන් වහන්සේ විසින්ම ලියනලද එකම පොත වන අතර මනුෂ්‍යයාව නිදහස් කර ( යොහාන් 8:32) ඔවුන්ගේ ජීවිත වෙනස් කර ඔවුන්ට ඥාණය දී (ගීතාවලිය 19:7) ඔවුන් පවිත්‍ර කර ශුද්ධකමට (යොහාන් 17:17) ගෙන ඒම කරන්නට හැකි බලය ඇත්තාවූ එකම පොතද වේ. ජීවනය, සැනසිල්ල, සහ බලාපොරොත්තුව (ගීතාවලිය 119:50) දෙන්නාවූ එකම පොතද වන අතර සදාකාලයටම පවත්නා එකම පොතද වේ (මතෙව් 5:18).





නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය ශුද්ධ බයිබලය ලෙස හදුන්වන්නේ මන්ද?