settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ සඳහන්ව තිබෙන උස් ස්ථානවල ඇති වැදගත්කම කුමක්ද?

පිළිතුර


උස් ස්ථාන, ඉතා සරළව, උස්බිම් කැබලි මත පූජනීය ස්ථාන හෝ නිම්නයක් වැනි පහත් බිම්වල පූජාසන ඔසවා තැබීම. උසස්ථාන මුලින්ම රූප වන්දනා කිරීම සඳහා කැප කරන ලදි (ගණන්කථාව 33:52; ලෙවී කථාව 26:30) විශේෂයෙන් මෝවබ්වරුන් අතර (යෙසායා 16:12). මෙම සිද්ධස්ථාන වල බොහෝවිට පූජාසනයක් සහ විවිධ හැඩයන්ගෙන් යුත් ගල් කණුවක් හෝ ලී කණුවක් වැනි පූජනීය වස්තුවක් ඇතුළත් වන අතර ඒවා වන්දනා මාන කරන වස්තුව (සතුන්, තාරකා මණ්ඩල, දේව තාවියන් සහ සශ්‍රීකත්ව දෙවිවරුන්) හඳුනාගෙන ඇත.

ඉශ්‍රායෙල්වරු සදහටම දෙවියන්වහන්සේගෙන් ඉවත්වී මොලෙක් නමස්කාරය කළ අතර බාල්ට උස් ස්ථාන ඉදි කළහ (යෙරෙමියා 32:35). සලමොන් යෙරුසලමේ දෙවියන්වහන්සේගේ මාලිගාව ඉදි කළත්, පසුව ඔහු ජෙරුසලමෙන් පිටත තම විදේශීය භාර්යාවන් සඳහා රූප වන්දනාවේ උස් ස්ථාන පිහිටුවා ඔවුන් සමඟ නමස්කාර කරමින් ඔහුට රාජ්‍යය අහිමිවිය (1 රාජාවලිය11:11). දේව මාලිගාව ඉදිකිරීමට පෙර ජනයා මිථ්‍යා දෘෂ්ටික උස් ස්ථාන වල පූජා කරමින් සිටි අතර සලමොන්ද ඔවුන් සමඟ එකතුවිය. සමිඳාණන් වහන්සේ ගිබියොන්හිදී සිහිනයකින් ඔහුට දර්ශනයවූ පසු, රජ නැවත ජෙරුසලමට ගොස් පූජා ඔප්පු කෙළේය. කෙසේ වෙතත්, ඔහු දිගටම පූජනීය ස්ථාන දෙක අතරේ සැරි සැරුවේය.

සෑම උස් ස්ථානයක්ම පිළිම වන්දනා කිරීම සඳහා කැපකර නැත. ඊශ්‍රායෙලයේ නමස්කාරයේදී ඔවුන් විශාල කාර්ය භාරයක් ඉටු කළ අතර, පසුව "උස් ස්ථානයක්" ලෙස හැඳින්වෙන නමස්කාර ස්ථානයක් ගැන මුල්ම බයිබලානුකුල සඳහන උත්පත්ති 12:6-8 දක්වා ඇත. එහිදී ආබ්‍රහම් ස්වාමින් වහන්සේට ෂෙකෙම් සහ හෙබ්‍රොන් හි පූජාසන ඉදි කළේය. ආබ්‍රහම් මොරියා ප්‍රදේශයේ පූජාසනයක් ගොඩ නඟා එහි තම පුත්‍රයාව පූජා කිරීමට කැමතිවිය (උත්පත්ති 22:1-2). මෙම ස්ථානය සාම්ප්‍රදායිකව ජෙරුසලමේ දේව මාළිගාව ඉදි කරන ලද උස් ස්ථානය යැයි විශ්වාස කෙරේ. යාකොබ් බෙතෙල් හිදී සමිඳාණන්වහන්සේට ගල් කණුවක් තැබුවේය (උත්පත්ති 28: 18-19). මොසෙස්ට දෙවියන්වහන්සේව මුණ ගැසුනේ සීනයි කන්දේදීය. (නික්මයාම 19: 1-3).

යොෂුවා යොර්දාන් ගඟෙන් එගොඩවූ පසු ගල් කණු පිහිටුවා (යෝෂුවා 4:20) මෙය උසස් නමස්කාර ස්ථානයක් ලෙස සැලකුවේ ඉශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් ඉහළ ස්ථානයට පැමිණි නිසාය. අනාගතවක්තෘ සාමුවෙල් (1 සාමුවෙල් 7:16) උස් ස්ථාන වලට ගියහ. කානානීය පිළිම නමස්කාරයේ ස්ථාන ලෙස උස් ස්ථාන (විනිශ්චයකාරයෝ 3:19) එලියාගේ කාලය දක්වා විහිදී ගියේය (1 රාජාවලිය 18:16-40). පූජා කිරීමට අවසරදී ඇති එක් උස්ස් ථානයක් පමණක් දෙවියන්වහන්සේ නම් කරනු ඇත. එය යෙරුසලමේ දේවමාළිගාව විය (2 ලේකම් 3:1). දෙවියන්වහන්සේ අණ කළේ අනෙක් උස් ස්ථාන සියල්ල විනාශ කරන ලෙසයි. යොෂියා රජ 2 රාජාවලිය 22-23 තුළ ඒවා විනාශ කළේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ සඳහන්ව තිබෙන උස් ස්ථානවල ඇති වැදගත්කම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries