settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයෙහිදී ඇදහිලිවන්තයන්ට ලබා ගත හැකි ස්වර්ගික ඔටුනු මොනවාද?

පිළිතුර


ඇදහිලිවන්තයන්ට පිරිනමනු ලබන ස්වර්ගික ඔටුනු 5 ක් පිළිබදව නව ගිවිසුමෙහි සදහන්වේ. ඒවා නම් නොදිරන ඔටුන්න, ප්‍රීතියේ ඔටුන්න, ධර්මිෂ්ඨකමේ ඔටුන්න, තේජසේ ඔටුන්න සහ ජීවිනයේ ඔටුන්න වේ. ග්‍රීක භාෂාවෙන් "ඔටුන්න" ලෙස පරිවර්තනය කරනු ලැබූ ස්ටෙෆානෝස් නම් වූ වචනය (ස්තේපන් නම් වේදසාක්ෂිකයා පිළිබද ඇති මූලාශ්‍රය) සහ එහි අර්ථය නම් රාජකීයත්වයේ ලාංඡනයක්, පොදු ක්‍රීඩා උළලේ ත්‍යාගයක් හෝ සාමාන්‍යය ගෞරව සංකේතයක්ය. ඔටුනු භාවිතා කරනු ලැබුවේ පුරාණ ග්‍රීක ක්‍රීඩාවන්හීදීය; ජයග්‍රාහකයාගේ හිස මත මල් වඩමක් හෝ කොළ වලින් සෑදු මාලයක් පළදවනු ලැබුවේ මලල ක්‍රීඩා තරගයක් ජයග්‍රහණය කිරීමේ පාරිතෝෂිකයක් ලෙසය. නව ගිවිසුමෙහි මලල ක්‍රීඩා උපහාර උපමා අලංකාර ලෙස භාවිතා කරනු ලැබුවේ විශ්වාසවන්ත අයවලූන්ට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වී ඇති ස්වර්ගයේ පාරිතෝෂිකයන් පිළිබදවය. මෙවන් ඔටුනු පිරිනැමීම පිළිබදව හොදම අර්ථ දැක්වීම සදහන් වන්නේ 1 කොරින්ති 9:24–25 හීය.

1) නොදිරන ඔටුන්න – (1 කොරින්ති 9:24–25) "දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම ඔබ සැමත් ලබාගන්නා පිණිස දුවන්න. දිනන පිණිස වීර්‍යය කරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහී නොදිරන එකක් ලබාගන්නා පිණිසය." මේ පොළොවෙහි සියල්ල දිරාපත් වීමට යටත් වන අතර ඒවා නැතිවී යනු ඇත. යේසුස්වහන්සේ අපගෙන් උදක්ම ඉල්ලා සිටිනු ලබන්නේ මේ පොළවෙහි වස්තු රැස් නොකරන ලෙසය. "පොළවෙහි ඔබ සැමට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්ති කරති, සොරුද උමං කැන සොරාගනිති" (මතෙව් 6:19). මෙය වනාහී පාවුලූ විසින් මලල ක්‍රීඩකයාගේ බිදෙන සුළු මෙන්ම බිද වැටෙන කොළ මල්වඩමට සමාකාරවේ. ස්වර්ගීක ඔටුන්න එසේ නොටෙවේ; විශ්වාසවන්ත දරාගෙන යාමක් තුළින් ස්වර්ගීක පාරිතෝෂිකයක් දිනා ගැනීමට හැකිවේ, එනම් "ඔබ සැම උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ ජරාවට නොපැමිණෙනනාවූ නොකිලිටුවූ පහ නොවන්නනාවූ උරුමයක් ගැන" (1 පේත්‍රස් 1:4).

2) ප්‍රීතියේ ඔටුන්න – (1 තෙසලෝනික 2:19) "අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමම නොවේද?" අපෝස්තුළුවූ පාවුළු අපට පිලිප්පි 4:4 හී පවසනු ලබන්නේ "ස්වාමින් වහන්සේ තුළ නිතරම ප්‍රීතිවන්න" මන්දයත් අපගේ කරුණාවන්ත දෙවියන්වහන්සේ අප තුළට වගුරුවා ඇති ත්‍යාගශීලි ආශිර්වාද කරණකොටගෙනය. කිතුණුවන් ලෙස අපට මේ ජීවිතයේදී අන් අයට වඩා ප්‍රීති වීමට බොහෝ දේ ඇත. ලුක් අපට පවසනු ලබන්නේ මේ අවස්ථාවෙහිදීත් ස්වර්ගයෙහි මහත් ප්‍රීති විමක් ඇති බවය (ලුක් 15:7). ප්‍රීතියේ ඔටුන්න වනාහී අපගේ පාරිතෝෂිකය වන්නේ "උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලූ කඳුළු පිස දමන සේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය" (එළිදරව් 21:4).

3) ධර්මිෂ්ඨකමේ ඔටුන්න – (2 තිමොති 4:8) "මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමින්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත." අප මෙම ඔටුන්න උරුම කර ගනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙනය; ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොමැතිව මෙම ඔටුන්න අත්පත් කර ගත නොහැකිවේ. මේ පොළොවෙහි සමහර ඔටුනු මෙන් එය බලහත්කාරකමින් හෝ මුලා කිරීමෙන් සපයා නොගෙන ධර්මිෂ්ඨකම කරණකොටගෙන හිමි කර ගනු ලබන හෙයින් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්නාවූ සහ ඉතාමත් උත්සුක ලෙස උන් වහන්සේගේ නැවත පැමිණීම බලා සිටින්නාවූ අයට පොරොන්දු වී ඇති සදාකාලික ඔටුන්නකි. අප අධෛර්‍යවන්තකම්, හිංසාවට ලක්වීම නොහොත් මරණය හෝ දරාගෙන යාමේදී අප සහතික වශයෙන් දැනගනු ලබන්නේ සදාකාලිත්වය තුළ අපගේ පාරිතෝෂිකය ක්‍රිස්තුස් වහන්සේ හා සමග බවය (පිලිප්පි 3:20). මෙම ඔටුන්න වනාහී ස්ව – ධර්මිෂ්ඨකම කෙරෙහි රදා පවත්නා අයවලූන්ට නොවේ. එවන් ආකල්ප තුළින් අභිජනනය වන්නේ අහංකාරය සහ උඩගුකම පමණක් වන හෙයින් ස්වාමින්වහන්සේ හා සමග සිටීමට කිසිඳු අභිලාෂයක් නොමැත.

4) තේජසේ ඔටුන්න – (1 පේත්‍රස් 5:4) "එවිට ප්‍රධාන එඞේරාණන් ප්‍රකාශ වන කල්හී ඔබ සැම තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය." තේජස යන වචනය ඉතාමත් සිත්ගන්නා සුළු වචනයක් වනුයේ එතුළින් දෙවියන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ ක්‍රියාවන් වෙත යොමු කරනු ලබන හෙයිනි. එතුළින් උන්වහන්සේගේ තේජෝමහිමය සහ දීප්තිය අවශ්‍යයෙන්ම උපදවනු ලබයි. තමාට ගල් ගසනු ලබන අවස්ථාවෙහිදී ස්වර්ගය දෙස බලා දෙවියන්වහන්සේගේ තේජස දැකීමට හැකීවූ ස්තේපන් සිහිපත් කරගන්න. (ක්‍රියා 7:55–56) එසේම මෙම වචනය තුළින් අර්ථවත් වන්නේ අප විසින් දෙවියන්වහන්සේට පුද කරනු ලබන ප්‍රශංසාව සහ ගෞරවය යෝග්‍ය වන්නේ උන්වහන්සේගේ ස්වරූපය හේතුකොටගෙනය. (යෙසායා 42:8; 48:11; ගලාති 1:5). ඇදහිලිවන්තයන් ඉතාමත් පුදුම සහගත ලෙස ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට මෙන්ම තේජසේ ඔටුන්න ලබා ගැනීමට සහ ක්‍රිස්තුස්වහන්සේගේ සමානකම එලෙසම ලබා ගැනීමට ආශිර්වාද ලබා ඇත්තෝ වෙති. පාවුළු ප්‍රකාශ කළ පරිදි "මක්නිසාද මගේ වර්තමාන කාලයේ දුක් වනාහී අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි" (රෝම 8:18).

5) ජීවනයේ ඔටුන්න – (එළිදරව් 2:10) "ඔබ විදින්ට යන දේ වලට භය නොවන්න. බලව ඔබ සැම විමසනු ලබන පිණිස යක්ෂයා ඔබ සැමගෙන් සමහර දෙනෙකුක් හිරගෙයි දමන්ට යන්නේය. ඔබ සැම දස දවසක් පීඩා විදින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න. එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි." මෙම ඔටුන්න ඇදහිලිවන්තයන්ට වන අතර විශේෂකොටම මරණයේ කෙළවර දක්වාම යේසුස්වහන්සේ වෙනුවෙන් හිංසා කරනු ලැබීමේ වේදනාවන් දරාගෙන යන්නවුන්ටය. ශුද්ධ ලියවිල්ලෙහි ජීවනය යන වචනය බොහෝවිට භාවිතා කරනු ලැබුවේ දෙවියන්වහන්සේ හා සමග නිවැරදි සබදතාවයක් විදහා දක්වනු සදහාය. යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "සතුරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුනට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය" (යොහාන් 10:10). අපගේ භෞතික ශරීරයට වාතය, ආහාර සහ ජලය අත්‍යවශ්‍යය වන්නාක් මෙන් යේසුස්වහන්සේ අපගේ අධ්‍යාත්මික ජීවිතයට අත්‍යවශ්‍යයවේ. අපට "ජීවනදායක ජලය" සපයනු ලබන්නේ උන්වහන්සේ විසිනි. "ජීවනදායක කෑම" උන්වහන්සේය (යොහාන් 4:10; 6:35). මේ පොළොවෙහි අපගේ ජීවිත අවසන් වේ. දෙවියන් වහන්සේ වෙතට යේසුස්වහන්සේ තුළින් එනු ලබන්නන්ට විෂ්මජනක පොරොන්දුවක් දී තිබේ. "උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය" (1 යොහාන් 2:25).

යාකොබ් ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේට ප්‍රේම කරනු ලබන්නන් සදහා වන ජීවනයේ ඔටුන්න බවය (යාකොබ් 1:12). ප්‍රශ්නාර්ථය වන්නේ එසේ නම් අපට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ආදර්ශනය කරනු ලබන්නේ කෙසේද යන්නය? අපෝස්තුළුවූ යොහාන් එයට පිළිතුරු සපයනු ලබයි. "මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේම වීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත." (1 යොහාන් 5:3) උන්වහන්සේගේ දරුවන් ලෙස අප උන්වහන්සේගේ ආඥා රක්ෂා කරමින් උන්වහන්සේට විශ්වාසවන්තය කීකරුවිය යුතු වෙමු. එසේ නම් අප ජීවිත්ව සිටින තාක් අප විසින් අනිවාර්‍යය පරීක්ෂණයන්, වේදනාවන්, සිත්රිදීම් සහ මහත් පීඩාවන් දරාගෙන යාමේදී අප සෑමවිටම ඉදිරියට යන්නෙමු නම් "ඇදහිලේලේ කතෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්" (හෙබ්‍රව් 12:2) අපට තබා ඇති ජීවිනයේ ඔටුන්න ලබා ගනිමුව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයෙහිදී ඇදහිලිවන්තයන්ට ලබා ගත හැකි ස්වර්ගික ඔටුනු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries