settings icon
share icon
ප්‍රශ්නය

අපගේ ආදරණීයයන් නොමැති නම් ස්වර්ගය සම්පූර්ණ වන්නේ කෙසේද?

පිළිතුර


පරිපූර්ණත්වය යන වචනයෙන් කිසිත් හිඟ නැත යන සම්පූර්ණය යන අදහස ගෙන දේ. යමක් පරිපූර්ණ නම" එය සම්පූර්ණය. සමහර අය අතුරුදහන් නම් ස්වර්ගය පරිපූර්ණ වන්නේ කෙසේද? අපේ ආදරණීයයන් සියල්ලෝම එහි සිටියා නම් වඩා හොඳ නොවේද?

දෙවියන්වහන්සේ පරිපූර්ණයි (ගීතාවලිය18:30). දෙවියන්වහන්සේගේ වාසස්ථානය පරිපූර්ණයි. දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම පරිපූර්ණයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ (එය පරිපූර්ණයි) දැන් උන්වහන්සේ තුළ විශ්වාසය තබන සියල්ලන්ට උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම දක්වයි. ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස නොකරන අයට කුමක් සිදුවේද? ඔවුන් පරිපූර්ණත්වය ප්‍රතික්‍ෂේප කිරීම, දෙවියන්වහන්සේගේ වාසස්ථානය ප්‍රතික්‍ෂේප කිරීම සහ දෙවියන්වහන්සේම ප්‍රතික්‍ෂේප කිරීමය. යොහාන් 3:18 පවසන පරිදි "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශවය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේ ගේ ඒක ජාතක පූත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා ගෙන නොසිටින බැවින් දැනටමත් විනිශ්වය කරනු ලැබ සිටියි." මිනිසුන්ට විශ්වාස කිරීමට, ඔවුන්ගේ පාපය නොසලකා හැරීමට හෝ ක්‍රිස්තුස්වහන්සේව මඟ හැරීමට බල කිරීම යනු ස්වර්ගයේ පරිපූර්ණත්වය විනාශ කිරීමයි.

අප ස්වර්ගයට පැමිණෙනවිට අපගේ ඉදිරි දර්ශනය වෙනස්වේ. අපගේ සීමිත, භුමික ඉදිරි දර්ශනය ශුද්ධ, ස්වර්ගීය ඉදරි දර්ශනයකින් ප්‍රතිස්ථාපනයවේ. සදාකාලිකතත්වය ගැන කථා කරමින් එළිදරව් 21:4 පවසනනේ දෙවියන් වහන්සේ "ඔවුන්ගේ ඇස් වලින් සෑම කදුළක්ම පිස දමන සේක. මරණය තවත් නොවන්නේය. වැලපීමත්, හැඬීමත්, වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන හඬක් මට ඇසුණේය". අපගේ ආදරණීයයන් අතුර්දහන්වීම බොහෝවිට වේදනාව හෝ ශෝකය යන ගණයට වැටෙනු ඇත. සමහරවිට අපට ඔවුන් ගැන කිසිදු දැනුමක් හෝ මතකයක් නොතිබෙනු ඇත. සමහරවිට අපගේ ආදරණීයයන් නොපැමිණීම දෙවියන්වහන්සේ මහිමහත් කරන්නේ කෙසේද යන්න අපට වැටහෙනු ඇත. එසේය දැන් අපට කැඩපතකින් අදුරු ලෙස පෙනෙන්නේය. නමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැන ගැන්ම අඩුය. නමුත් මා දැන ගනු ලැබූ ලෙසම මතු මම දැන ගන්නෙමි (1 කොරින්ති 13:12). මේ අතර දෙවියන්වහන්සේ පවසනදේ සත්‍යය බවත්, සදාකාලයට පරිපූර්ණත්වය අත් විඳින බවත් අපි ඇදහිල්ලෙන් පිළිගනිමු.

සදාකාලිකත්වය පිලිබඳ කෙටි විස්තරයක් සඳහා එළිදරව් 21:22 බලන්න. සෑම දෙයක්ම අළුත් කර ඇත. සෑම දෙයක්ම විශිෂ්ට, තේජාන්විත හා ආශීර්වාද ලද්දකි. එයට අපද ඇතුළත් වනු ඇත. අපගේ ශරීර,ප්‍රාණ සහ ආත්ම සම්පූර්ණයෙන්ම ආශීරාවාද කරනු ඇත. පාපය තවදුරටත් සාධකයක් නොවනු ඇති අතර අපගේ සිතිවිලි දෙවියන්වහන්සේ සමඟ එකඟවනු ඇත (1 යොහාන් 3:2). දෙවියන්වහන්සේට තම සෙනඟව සනසාලීමට සැලැස්මක් ඇත (යෙසායා 40:1). උන්වහන්සේගේ මිදුණ අය පරපූර්ණ කිරීමට (හෙබ්‍රෙව් 10:14) සහ සදාකාලයටම ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට (ගීතාවලිය 23:6).

මේ මොහොතේ අපගේ අවධානය යොමු විය යුත්තේ අපගේ සියළු ආදරණියයන් නොමැතිව අපට ස්වර්ගය හෝ සදාකාලකි තත්වය භුක්ති විඳිය හැකි ආකාරය කෙරෙහි නොවේ. ඒ වෙනුවට අප අවධානය යොමු කළ යුත්තේ අපගේ ආදරණියයන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල වෙත යොමු කරන්නේ කෙසේද යන්නයි. එවිට ඔවුන් එහි සිටිනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ ආදරණීයයන් නොමැති නම් ස්වර්ගය සම්පූර්ණ වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries