ක්‍රිස්තියානි ස්ත්‍රින් සභාව තුල හිස් වැස්ම අනිවාර්යද?



ප්‍රශ්නය: ක්‍රිස්තියානි ස්ත්‍රින් සභාව තුල හිස් වැස්ම අනිවාර්යද?

පිළිතුර:
1කොරින්ති 11:2-16 වන පදවල ස්ත්‍රීන් හිස් වැස්ම පිළිබඳව, මුල්වරට දේවවචනයේ සඳහන් වේ. මෙහි සන්දර්භය අනුව ස්ත්‍රීන් හිස වැසීම දෙවියන් වහන්සේ විසින් දුන් නියොගයක්, මුලිකත්වයට යටහත් වීම සඳහා දෙවියන්වහන්සේ දුන් ආඥාවක් වේ. මෙහි මූලික පදය වන්නේ 1 කොරින්ති 11:3 “එක එක පුරුෂයන්ගේ හිස ක්‍රිස්තුස් වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ බවද නුඹලා දැන ගන්නවාට කැමත්තෙමි” ඊලඟ පදයෙහි ආදේශවු සත්‍යතාවය විස්තර කරයි. එනම් ආධිපත්‍යයෙහි පිළිවෙල නම්, ස්වාමින් වහන්සේවු පියාණන් වහන්සේ, ස්වාමින්වු පුත්‍රයාණන් වහන්සේ, මනුෂයා හෝ පුරුෂයා සහ ස්ත්‍රිය හෝ භාර්‍යාව. දෙවියන් වහන්සේහේ නියෝගය නම්, ක්‍රිස්තියානි ස්ත්‍රිය තම පුරුෂයාට යටහත් බව ප්‍රකාශ කරන පිණිස, හිස වැසිය යුතු වේ.

10 වන වගන්තිය ඉතා රසවත් වේ, “එහෙයින් දේව දූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්නට ස්ත්‍රීන්ට යුතුය”. ස්ත්‍රීන් හිස වැසීම ස්ත්‍රීන්ට වැඳගත් වන්නේ ඇයි? දෙවියන් වහන්සේ හා මනුෂයන් අතර ඇති සම්බන්ධතාවය කෙරෙහි දේවදූතයන් බලා යමක් ඉගෙන ගන්නවා (1කොරින්ති 1:12). එම නිසා දෙවියන් වහන්සේ විසින් පවරන ලද ආධිපත්‍යයට ස්ත්‍රිය යටත්වීමේදි, එය දෙවිදුන්ගේ ආදර්ශයක් වේ. ශුද්ධවු දේවදූතයන් දෙවියන් වහන්සේට මුලුමනින්ම යටත් වන විට, ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයා වන අපට එසේ විය යතුයි.

ස්ත්‍රියගේ හිස වැස්ම රෙද්දක් විය හැකි බව හෝ ඇයගේ දිග හිසකෙස් බවටද සැලැකිය හැක (13 වන පදය). “පුරුෂයෙකුට දික්වු හිසකේ තිබේ නම්, එක ඔහුට අගෞරවයක් බව ස්වාභාව ධර්මයෙන්ම නුඹලා ඉගෙන ගන්නවා නොවේ ද? නුමුත් ස්ත්‍රියකට දික්වු හිසකේ ඇත්නම් එය ඇට ගෞරවයක්ය” (1කොරින්ති 11:14,15). මෙහි ස්ත්‍රියක් හිසකේ දිගට වැවිම සුදුසු වුවත්, පුරුෂයන්ට එය නුසුදුසු වේ. කොරින්ති සංස්කෘතිය අනුව ස්ත්‍රියගේ දික් වූ හිසකේ, පුරුෂයාගේ මුලිකත්වය ප්‍රකාශ කරයි. දෙවියන් වහන්සේගේ කැමත්ත හා ක්‍රමය අනුව, පුරුෂයාගේ හා ස්ත්‍රියගේ කාර්යන් ආත්මික ලෙස පින්තාරු කර සැලැසුම් කරන ලදි.

එහෙත් හිස කෙස් ගැන කරුණ කොරින්තියට ප්‍රශ්නයක් වුනේ ඇයි? ඒ දවස්වල වැරදි සංස්කෘතියක් නිසා මෙම ප්‍රශ්නයට හේතු විය. එනම් කාමුක ප්‍රේමයේ දෙවිවරුන්ට කැපවු දේවාල කොරින්ති නගරයේ තිබුණි. මෙම දේවාල ගණිකාවන්ට ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් විය. මේ දේවාල සේවයේ යේදි සිට ස්ත්‍රීන් තම හිස බූගා සිටියේ. කොරින්ති සංස්කෘතිය අනුව මෙම දේවාල වල ගණිකා ස්ත්‍රීන් හිස බූගා සිටිය යුතුයි. මෙම ස්ත්‍රීන් දේව ගෘහයේදි ප්‍රශ්නයක් නොවනසේ, ස්ත්‍රීන් හිස වැසිය යුතු බව පාවුල්තුමා සභාවට ප්‍රකාශ කළා (1කොරින්ති 11:3). එසේම හිසකෙස් කපා සිටින ස්ත්‍රීන් මහිමයෙන් හීනව සිටින අතර තම පුරුෂයාගේ ආරක්ෂාවෙන් තොරව සිටින බව එතුමා ප්‍රකාශ කළා. මේ නිසා හිසකෙස් වැවිම දෙවියන්වහන්සේගේ නියෝගයක් බවත්, උන්වහන්සේට යටත් වන බවත්, එය හිස වැස්මට සමාන බවත්, කොරින්ති සභාවට පාවුල්තුමා ඉගැන්නුවේය. මෙය මිථ්‍යාදෘෂ්ඨින්ගේ සංස්කෘතියෙන් වෙන් කරගැනීම සහ කොරින්ති සභාව ආරක්ෂා කරගැනීමේ ක්‍රමයකි (2කොරින්ති 6:17).

මෙහි ස්ත්‍රියෙක් මනුෂ්‍යයාට වහල් බව හෝ සෑම මනුෂයන්ට යටත් බව හෝ නොව පවසන්නේ. විවාහ ජීවිතයේ පුරුෂයා ආත්මික මූලිකයා බව දෙවියන්වහන්සේ පෙන්නුම් කරන සේක. ස්ත්‍රියෙක් නමස්කාර කිරිමේදි හෝ පොදු ස්ථානයකදි තම හිස වැසිමෙන් ආධිපත්තියට යටත් බව ප්‍රකාශ කරන්නිය.

වර්ථමාන සංස්කෘතියට අනුව හිස් වැසීම වෙනස් වී පවති. අද සමාජය, ස්කාෆ් හෝ තොප්පියක් හෝ පලඳියි. ස්ත්‍රිය තම යටත් කම සඳහා හිස් වැස්මක් තෝරා ගැනීම හෝ තෝරා නොගැනීම ඇය සතු කරුණකි. සැබෑ කරුණ නම්, ඇයගේ ආකල්පය වැදගත් වේ. හේතුව ඇයගේ කීකරුකම හා යටහත්කම හදවතින්ම පැමිණීමයි අවශ්‍ය වන්නේ. දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ හිස වැසීමට වඩා කීකරුවීමේ ආකල්පයයි (එපිස 5:22).





නැවතත් සිංහල මුල් පිටුවට



ක්‍රිස්තියානි ස්ත්‍රින් සභාව තුල හිස් වැස්ම අනිවාර්යද?