settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවන් වෛරී ප්‍රකාශ (කථන) සම්බන්ධයෙන් වැරදිකරුවන්ද?

පිළිතුර


වෛරී ප්‍රකාශයේ (කථනයේ) ක්‍රියාකාරී නිර්වචනයක් වන්නේ “පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට ඔවුන්ගේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ලිංගික දිශානතිය, දේශපාලන අනුබද්ධතාව, රැකියාව, ආබාධිතභාවය හෝ ශාරීරික පෙනුම මත පදනම්ව අපහාස කිරීම, බිය ගැන්වීම හෝ අගතිය ඇති කිරීම සඳහා අදහස් කරන කථාවයි.” එය පිළිගත් නිර්වචනය නම්, කිතුණුවකු කිසි විටෙකත් වෛරී ප්‍රකාශවලට සහභාගී නොවිය යුතුය. කෙසේ වෙතත්, ගැටලුව වන්නේ වෛරී ප්‍රකාශයේ නිර්වචනය කාලයත් සමඟ පුළුල් වීමයි. බයිබලානුකුල ප්‍රතිපත්ති මත පදනම් වූ යම් විශ්වාසයක් වැරදි හෝ යම් ක්‍රියාකාරකමක් පාපකාරී බව ප්‍රකාශ කිරීම, වෛරී කථනයේ නිර්වචනයට වැඩි වැඩියෙන් ඇතුළත් වෙමින් පවතී.

එපීස 4:15 සඳහන් කරන්නේ “ප්‍රේමයෙන් සත්‍යය කතා කිරීම” යන්නයි. පළමු පේතෘස් 3:15 කිතුණුවන්ට ඔවුන්ගේ ඇදහිල්ල ආරක්ෂා කරන ලෙස උපදෙස් දෙයි, නමුත් එය “මෘදුකමෙන් හා ගෞරවයෙන්” කරන්න. කොලොස්සි 4:6 ප්‍රකාශ කරයි, “ඔබේ සංවාදය සැමවිටම කරුණාවෙන් පිරී, ලුණු රසයෙන් යුක්ත වේවා.” කනගාටුවට කරුණක් නම්, සමහර කිතුණුවන් මෙම බයිබල් උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීමයි. සමහර කිතුණුවන් (හෝ අවම වශයෙන් කිතුණුවන් යැයි කියාගන්නා අය) සත්‍යය කථා කරයි, නමුත් එය ඉතා පිළිකුල් සහගත ලෙස කථා කරයි.

නුදුරු අනාගතයේ දී ආණ්ඩු විසින් තවත් කතා වෛරී ප්‍රකාශ ලෙස ප්‍රකාශ කිරීමට පටන් ගන්නා අතර එමඟින් එය නීති විරෝධී වනු ඇත. ලෝකයේ සමහර රටවල සමලිංගිකත්වය පාපයක් යැයි කීම නීති විරෝධී ය. සමහර රටවල එක ආගමක් හරි, අනිත් ආගම් වැරදියි ප්‍රකාශ කිරීම නීති විරෝධීයි. වෛරී ප්‍රකාශය ලෙස සුදුසුකම් ලබා ඇති දේ මෙම ස්ථාවර පුලුල් කිරීම අවසානයේ ඕනෑම එවැන්ජලිස්ත ප්‍රයත්නයක් වෛරී ප්‍රකාශයක් ලෙස ප්‍රකාශ කිරීමට හේතු විය හැක, මන්ද පුද්ගලයෙකුට ඔහු / ඇය දැනට විශ්වාස කරන දේ වැරදි බව පැවසීම “වෛරී” වනු ඇත.

මෙම පුළුල් වූ වෛරී කථන නිර්වචනයේ අපරාධකරුවන්ට අවබෝධ කර ගැනීමට (හෝ පිළිගැනීමට) අපොහොසත් වන දෙය නම්, යමෙකුට සත්‍යය පැවසීම ආදරයේ ක්‍රියාවක් මිස වෛරයක් නොවන බවයි. ගුරුවරයෙකු ශිෂ්‍යයෙකුට ඔහුගේ / ඇයගේ පිළිතුර වැරදි බව පැවසීම පිළිකුල් සහගතද? වැරදි පදනමක් මත ඉදිකරන බව ඉදිකිරීම් ආයතනයකට පැවසීම ගොඩනැගිලි පරීක්ෂකවරයාට පිළිකුලක්ද? ඇත්ත වශයෙන්ම, මෙම ප්‍රශ්නවලට පිළිතුර නැත යන්නයි. කෙසේ වෙතත්, වර්තමාන වෛරී ප්‍රකාශන ව්‍යවස්ථාවට අදාළ වන තාර්කිකත්වය එයයි. යමෙකුට ඔහුගේ / ඇයගේ ආගමික අදහස් වැරදි යැයි පැවසීම කෙසේ හෝ ද්වේෂයකි. යමෙකුට ඔහුගේ / ඇයගේ ජීවන රටාව දුරාචාර බව පැවසීම කෙසේ හෝ ද්වේශ සහගතය. තර්කය, සමාජයේ අනෙකුත් ක්ෂේත්‍රවල සත්‍යය නිර්ණය කරන ආකාරය සමඟ කිසිඳු අර්ථයකින් අනුකූල නොවේ.

GotQuestions.org හි අපගේ ඉලක්කය වන්නේ ආදරයෙන් සත්‍යය කථා කිරීමයි. අපි මුස්ලිම්, හින්දු, බෞද්ධ, කතෝලික, මෝමන් හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වෛර කරන්නේ නැහැ. ඒ වෙනුවට, අපි සරලවම විශ්වාස කරන්නේ මෙම කණ්ඩායම් බරපතල දේවධර්මීය හා බයිබලානුකුල වැරදි සිදු කරන බවයි. අපි සමලිංගිකයන්ට, සල්ලාලයන්ට, කාමුක දර්ශනකරුවන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට හෝ වේශ්‍යාකම් කරන්නන්ට වෛර නොකරමු. ඒ වෙනුවට, අපි සරලවම විශ්වාස කරන්නේ එවැනි ක්‍රියා කරන අය දුරාචාර හා අධාර්මික තීරණ ගන්නා බවයි. යමෙකුට ඔහු / ඇය වැරදි බව පැවසීම ද්වේශ සහගත නොවේ. ඇත්ත වශයෙන්ම, යමෙකුට සත්‍යය පැවසීම ප්‍රතික්ෂේප කිරීම සැබවින්ම පිළිකුල් සහගත දෙයකි. සත්‍යය කථා කිරීම, ගෞරවාන්විතව ඉදිරිපත් කිරීම, වෛරී ප්‍රකාශයක් ලෙස ප්‍රකාශ කිරීම, ඇත්ත වශයෙන්ම, වෛරයේ අවසාන ප්‍රදර්ශනයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවන් වෛරී ප්‍රකාශ (කථන) සම්බන්ධයෙන් වැරදිකරුවන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries