settings icon
share icon
ප්‍රශ්නය

ශුභාරංචි පොත් වල සමස්වරත්වය යනු කුමක්ද?

පිළිතුර


ශුභාරංචි පොත් වල "සමස්වරත්වය" යනු බයිබලීය ශුභාරංචි පොත් හතරේ ඇති එකඟතාවයයි. අළුත් ගිවිසුමෙහි ශුභාරංචි පොත් හතර කොටස් හතරකින් යුත් ගීතිකා කණ්ඩායමක ගායක / ගායිකාවන් මෙන් වේ. ඔවුන් හැම කෙනාටම තමන්ට වෙන්වූ විශේෂ කොටසක් ගායනා කිරීමට ඇති අතර, ඉතා අලංකාර නිර්මාණයක් සඳහා මෙම කොටස් එකතු වේ. ශුභාරංචි පොත් හතරෙහිම යේසුස් වහන්සේ පිළිබඳ යම් තම් වෙනස් වූ දෘෂ්ඨි කෝණයන් තුළින් සාක්‍ෂි දරනමුත් ඔවුන් සියලුම දෙනා එකම කතන්දරයක් පවසයි. ඔවුන් සෑම දෙනාම එකිනෙක පොත් අතර එකඟ කමක් දක්වයි. කාලනිර්ණය කිරීම සඳහා එකට පෙළගැසෙන ශුභාරංචි පොත් සමස්වර ශුභාරංචි පොත් ලෙස හදුන්වන අතර සමහර බයිබල් වල සමස්වර බයිබල් ලෙස හදුන්වා යොමුව සඳහා වෙනම කොටසක් එම කාර්යය සඳහා ඇතුලත් කර ඇත.

මතෙව්, මාර්ක් සහ ලූක් "සමදර්ශක" ශුභාරංචි පොත් ලෙස හදුන්වන්නේ ඔවුන් යේසුස් වහන්සේගේ ජීවිතයේ බොහෝ සිදුවීම් කිසිත් වෙනසක් නැතිවම ඇතුලත් කර ඇත (සමදර්ශක යන වචනයෙහි අර්ථය නම් "එකම දැක්ම" වේ). යොහාන්තුමන් තනිවම සිටගන්නා අතර, අනිත් අයගෙන් අත හැරෙන දේවල්වල හිඩැස ඔහු පුරවයි. මෙම සෑම ශුභාරංචි පොතක්ම වෙනස් ප්‍රේක්‍ෂයන්ට ලියවුන අතර, යේසුස් වහන්සේගේ සේවයේ වෙනස් විෂයාංශයන් අවධාරණය කරණ ලදී. මතෙව් ශුභාරංචිය මූලික වශයෙන් ලියන ලද්දේ යුදෙව්වන්ට වන අතර මෙසියස් වහන්සේ රජෙක් ලෙස අනාගතවාක්‍ය සම්පූර්නකරන ආකාරය අවධාරණය කරණ ලදී. මාර්ක් ශුභාරංචිය රෝමවරුන්ට හා අන්‍යජාතික කිතුණුවන්ට මූලික වශයෙන් ලියන ලද අතර එහි පරණ ගිවිසුමෙහි සමහර අනාගතවාක්‍ය ඇතුලත් වන අතර යුදෙව් වචන හා චාරිත්‍ර පිළිබඳව විස්තර කිරීමක්ද වේ. මාර්ක් ශුභාරංචියෙහි යේසුස් වහන්සේ දිව්‍යමය සේවකයා ලෙස නිරූපණය වේ. ලූක් ශුභාරංචියද මූලික වශයෙන් අන්‍යජාතික ඇදහිලිවතුන්ට ලියවුන බැවින් එහිද යුදෙව් චාරිත්‍ර හා ග්‍රීක නාමයන් විස්තර කිරීමක් සිදුවේ. ලූක්තුමා යේසුස් වහන්සේගේ ජීවිත කතන්දරය ක්‍රමවත්ව පිළිවෙළකට සකස් කර යේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා ලෙස ඉදිරිපත් කරමින් එතුමන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කරයි. යොහාන් ශුභාරංචිය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස අවධාරණය කරණ අතර අනෙකුත් ශුභාරංචි පොත් වලට වඩා යේසුස් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ එළදරව් කිරීම් ඇතුලත් කර ඇත. එමෙන්ම යේසුස් වහන්සේගේ අවසාන දවස් වල සිදුවීම් පිළිබඳ විස්තරාත්මක පිංතුරයක් ගෙන හැර දක්වයි.

සමහරුන් බයිබලයේ කතන්දර වල ඇති අසංගතතා / අස්ථීර භාවයන් ඉදිරිපත් කරමින් බයිබලයට අපකීර්තියක් ගෙන එන්නට උත්සාහ කළෝය. සිදුවීම් ඉදිරිපත් කිරීමේ පිළිවෙළෙහි ඇති වෙනස්කම් මෙන්ම සිදුවීම් වල කරුනු මඳවීම පිළිබඳවද පෙන්වා දුන්නෝය. ශුභාරංචි හතර එක්ව පෙළට තැබූ කල්හි, හැම කෙනෙක්ම නිතිමතින් එකම කාලනිර්නයක් අනුගමනය නොකරන බව පෙනෙන්නට ඇත. මෙයට හේතුව වන්නේ බොහෝ කතන්දර කාලීන පිළිවෙලට, පිළියෙළ කරන ලද බැවින් සිදුවීම් සමාන තේමා යටතේ කාණ්ඩ ගතකරන ලද බැවින්ය. දිනපතා අපගේ සාකච්ජාවන් වලදි කාලීන ප්‍රවේශයකට ඇතුළුවීම වැඩිපුරම සිදුවේ.

අප්‍රධාන විස්තර ඉදිරිපත් කිරීම් වලදී යේසුස් වහන්සේගේ සොහොන ළඟ සිටි දේව දූතයන් ගණන වැනි දෑ (මතෙව් 28:5, මාර්ක් 16:5, ලූක් 24:4, සහ යොහාන් 20:12), එම ජේදයට කතා කරන්නට ඉඩ හැර පිළිතුරද ඉන් ලබා ගන්නට අවසර දී ඇත. මතෙව් සහ මාර්ක් "දේව දූතයෙක්"ලෙස සඳහන් කරන අතර ලූක් සහ යොහාන් දේව දූතයන් දෙදෙනෙක් ලෙස සඳහන් කරයි. කෙසේ වුවද මතෙව් සහ මාර්ක් කිසිවිටෙක එහි සිටියේ එකම දේව දූතයෙක් බව සඳහන් නොකළේය. ඔවුන් සරලව පවසන ලද්දේ එහි දේව දුතයෙක් සිටි බවය. එවැනි වෙනස්කම් අනුපූරකවන අතර පරස්පර විරෝධී නොවේ. අළුත් තොරතුරු ඇතුළත්විය හැකිමුත් එය පූරාණ පුවත් වල සත්‍යතාවය කිසිවිටෙක නිශේධනය කරන්නේ නැත.

ලියවිල්ලෙහි අන් කොටස් මෙන්ම ශුභාරංචි පොත් හතරද මනූෂ්‍යයාට දෙවියන් වහන්සේගේ එළිදරව්වීම පිළිබඳ ඉතා අලංකාර සාක්‍ෂියක් ඉදිරිපත් කරයි. සුංගම් අය කරන්නා (මතෙව්) නුපුහුණු පහසුවෙන් උදාසීන වෙන යුදෙව් තරුණයෙක් (මාර්ක්) රෝමානු වෛද්‍යවරයෙක් (ලූක්) සහ යුදෙව් මාළු අල්ලන්නෙක් මනසෙහි මවා ගන්න. මොවුන් සියලුම දෙනාගේම යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ අනුකුල සාක්‍ෂි ලිපි. දෙවියන් වහන්සේගේ මැදිහත්වීමකින් තොරව මෙවැනි පුදුමාකාර නිවැරදි ලේඛන ගත කිරීමක් කිසිවිටකත් සිදුවිය නොහැක (2 තිමොති 3:16). ඉතිහාසය, අනාගතවාක්‍ය සහ පුද්ගලික කරුනු මේ සියල්ල එක්ව ක්‍රියාත්මක වූයේ, මෙසියස් වහන්සේ, රජතුමාණන්, සේවකයා සහ දෙවියන් වහන්සේගේ පුතයා යන එකම උත්තරීතර යේසුස් වහන්සේගේ නිවරද්‍ය දැක්මක් ගෙනෙන පිණිසය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුභාරංචි පොත් වල සමස්වරත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries