settings icon
share icon
ප්‍රශ්නය

හාමටියලොජි නම්වූ ඉගැන්වීම කුමක්ද?

පිළිතුර


හාමටියලොජි නම්වූ ඉගැන්වීම වනාහී පාපය පිළිබදව කරන අධ්‍යයනයකි. හාමටියලොජි නම්වූ ඉගැන්වීම කටයුතු කරනු ලබන්නේ පාපයේ මූලාරම්භයත් එය මනුෂ්‍යය වර්ගයාට බලපෑම් කළ අයුරු සහ මරණින් පසුව එහි ප්‍රතිඵල මොනවාද යන්න පිළිබදෙව්. පව් කිරීම යනුවෙන් ඉඳුරාම අදහස් වනුයේ "වරදවා ගැනීමය." අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වරදවා ගන්නෙමු (රෝම 3:23). හාමටියලොජි නම්වූ ඉගැන්වීම එසේ නම් විස්තර කරනු ලබන්නේ අප වරදවා ගන්නේ මන්ද, අප වරදවා ගන්නේ කෙසේද සහ වරදවා ගැනීමේ ප්‍රතිවිපාක ආදියවේ. හාමටියලොජි නම්වූ ඉගැන්වීම පිළිබද වැදගත් ප්‍රශ්න කිහිපයක් පහත සදහන්වේ:

පාපය පිළිබද නිර්වචනය කුමක්ද? දේව වචනයෙහි පාපය විස්තර කොට තිබෙන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස (1 යොහාන් 3:4). මෙන්ම දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමය (ද්වීතීය කථාව 9:7; යොෂුවා 1:18). අප විසින් පාපය උරුම කර ගනු ලැබුවේ ආදම් සහ ඒවගෙන්ද? රෝම 5:12 මේ පිළිබදව පවසනු ලබයි. "එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුනාක් මෙන් සියලූ මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේය."

සැම පාපයක්ම දෙවියන්වහන්සේට එක හා සමාන වේද? පාපයට එක් එක් මටිටම් තිබේ – සමහර පාපයන් අනෙකුත් පාපයන්ට වඩා අයහපත්වේ. ඒ අතරම සදාකාලික ප්‍රතිවිපාක සහ ගැලවීම යන දෙකෙහිම සියලූ පාප එක හා සමානවේ. සෑම පාපයක්ම සදාකාලික දඩුවමට තුඩුදේ (රෝම 6:23).

යමක් පාපයක්ද යන්න මා විසින් දැනගනු ලබන්නේ කෙසේද? දේව වචනයේ විශේෂයෙන්ම සදහන් කර පාපයන් ලෙසට ප්‍රකාශ කරන දේවල් තිබේ. වඩාත්ම අසීරු කාරණය වන්නේ දේව වචනයේ සෘජුවම ආමන්ත්‍රණය කරන පැති වල පාපිෂ්ඨ දේ නිර්ණය කරනු ලැබීමවේ.

පාපය වැනි විෂාදකාරි විෂයක් අධ්‍යයනය කිරීම කිතුණුවෙකුට අපේක්ෂිත ප්‍රතිඵලයට විරුද්ධ ප්‍රතිඵලයක් ගෙන දෙන්නක් විය හැක. ඒ එසේ වූවත් අප යේසුස්වහන්සේගේ රුධිරයෙන් ගැළවීම ලැබූවෝ නොවෙමුද? එසේය! අප ගැළවීම අවබෝධ කරගැනීමට ප්‍රථමයෙන් අපට ගැළවීම අවශ්‍යය වන්නේ මන්ද යන්න අවබෝධ කරගත යුතුවෙමු. හාමටියලොජි නම්වූ ඉගැන්වීම සම්බන්ධ වනුයේ එතැන්හිදීය. එතුළින් පැහැදිලි කරනුයේ අප සියල්ලන්ම උරුමයෙන්ද ආරෝපණයෙන්ද අපගේ පෞද්ගලික තෝරාගැනීමෙන් පව්කාරයන් වී ඇති බවය. එයින් ගෙනහැර දක්වනු ලබන්නේ අපගේ පාපයන්ට දෙවියන්වහන්සේ දඩුවම් නියම කරනු ලබන්නේ මන්ද යන්නය. හාමටියලොජි නම්වූ ඉගැන්වීම පාපයේ විසඳුම කරා යොමු කරනු ලබන්නේ – යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පව්කමා කිරීමේ පූජාව වෙතටය. අපගේ පව්කාර ස්වභාවය අප සැබවින්ම මනා ලෙස අවබෝධ කරගත් කළ එක් අතකින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය කරණකොටගෙන පව්කරුවන්ට නිසි දඩුවම් කරන්නාවූත් අනෙක් අතට පරිපූර්ණත්වය සදහා ඇති උන්වහන්සේගේ අවශ්‍යයතාවය තෘප්තියට පමුණුවා ගන්නාවූත් අපගේ බලවත් දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ගැඹුර සහ පළල සත්‍යය ලෙස සොයා දැනගැනීමට අපට හැකි වනු ඇත. අප විසින් පාපයේ ගැඹුර අවබෝධ කරගත් කළ පමණක් පව්කරුවන් කෙරෙහි දෙවියන්වහන්සේට ඇති අග්‍ර ස්ථානය අවබෝධ කර ගැනීමට අපට හැකිවනු ඇත.

හාමටියලොජි නම්වූ ඉගැන්වීම පිළිබදව ඇති ප්‍රධානම ශුද්ධ ලියවිලි පාඨයක් නම් රෝම 3:23-24 වේ. "මක්නිසාද සියල්ලෝම පවිකොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔව්හූ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති."

English



නැවතත් සිංහල මුල් පිටුවට

හාමටියලොජි නම්වූ ඉගැන්වීම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries