settings icon
share icon
ප්‍රශ්නය

ඔබේ හදවත ආරක්ෂා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


හිතෝපදේශ 4:23-26 ඇදහිලිවන්තයන්ට උපදෙස් දෙන්නේ, "සියල්ලටම වඩා, ඔබේ සිත ආරක්ෂා කර ගන්න. මක්නිසාද එයින් ජිවනය නික්මෙන්නේය. ඔබේ මුඛය විකෘති තාවයකින් තොරව තබා ගන්න; දූෂිත කතා ඔබේ තොල්වලින් ඉවත් කර තබන්න. ඔබේ දෙනෙත් වලින් කෙළින්ම බලන්න, ඔබේ බැල්ම කෙලින්ම ඔබ ඉදිරියේ සවි කරන්න. ඔබේ පාද සඳහා මංපෙත් ගැන හොඳින් සිතා බලා ඔබේ සියලු මාර්ග වල ස්ථිරව සිටින්න." සලමොන් හදවත ආරක්ෂා කිරීම ගැන සඳහන් කරනවිට, ඔහු සැබවින්ම අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ අභ්‍යන්තර හරය, සිතුවිලි, හැඟීම්, ආශාවන්, කැමැත්ත සහ තේරීම් එම පුද්ගලයා ඔහු / ඇය කවුද යන්නයි. අපගේ සිතුවිලි බොහෝවිට අප කවුරුන්ද යන්න තීරණය කරන බව බයිබලය අපට පවසයි (හිතෝපදේශ 23: 7; 27:19). මිනිසෙකුගේ මනස පිළිබ්ඹු කරන්නේ ඔහු සැබවින්ම කවුරුන්ද යන්න මිස ඔහුගේ ක්‍රියාවන් හෝ වචන නොවේ. දෙවියන්වහන්සේ මිනිසෙකුගේ හදවත විමසා බලන්නේ ඔහුගේ බාහිර පෙනුම හා ඔහුගේ පෙනෙනදේ දෙස නොව (1 සාමුවෙල් 16:7).

ශාරීරික හදවතට බලපාන බොහෝ රෝග හා ආබාධ ඇතිවා සේම, ඇදහිලිවන්තයෙකු ලෙස වර්ධනය හා සංවර්ධනය අඩාල කළ හැකි අධ්‍යාත්මික හදවතේ බොහෝ රෝග තිබේ. ධමනි සිහින්වීම, එනම් ධමනි බිත්ති වල කොලොස්ටරොල් එකතුවිම නිසා කැළැල් හේතුවෙන් ධමනි සිහින්විමක් සිදුවේ. අධ්‍යාත්මික හදවත දැඩි කිරීමද සිදුවිය හැකිය. හදවත දැඩිවිම සිදුවන්නේ අප දෙවියන්වහන්සේගේ සත්‍යය ඉදිරිපත් කළ විට වන අතර අපි එය පිළිගැනීම හෝ පිළිගැනීම ප්‍රතික්ෂේප කරමු.

පාරාවෝ ඉශ්‍රායෙලිතයන්ව ඔවුන්ගේ වහල් භාවයෙන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ විට ඊජිප්තුව එක් එක් වසංගත වලින් පීඩා වින්දේය. නමුත් සර්වබලධාරි දෙවියන්වහන්සේ තම සෙනඟව ඊජිප්තුවෙන් ගලවා ගැනීමට අදහස් කළ සත්‍යයට එරෙහිව ඔහු තම සිත දැඩි කළේය (නික්මයාම 7:22; 8:32; 9:34). ගීතාවලිය 95:7-8 හී දාවිත් රජ තම සෙනඟගෙන් ඉල්ලා සිටියේ පාළුකරයේ කළාක්මෙන් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසීමෙන් ඔවුන්ගේ සිත් දැඩි කර නොගන්නා ලෙසයි. හදවත දැඩි කර දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයෙකුට මඟ පෑදිය හැකි බොහෝදේ ඇති අතර, කොලෙස්ටරෝල් රුධිර ප්‍රවාහය අවහිර කරනවා සේම, ඔවුන් ඇදහිලිවන්තයෙකුට දෙවියන්වහන්සේගේ සාමය සහ කීකරුකමෙන් ලැබෙන ආශීර්වාද නොමිලේ ගලා යාමෙන් වළක්වයි. කැරලිකාර ආත්මයකින් ආරක්ෂාවීම සහ දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීමේ ස්වභාවයක් වර්ධනය කිරීම, එබැවින් හදවත ආරක්ෂා කිරීමේ පළමු පියවරවේ.

හෘද මැසිවිලි යනු දෝෂ සහිත හෘද කපාට හේතුවෙන් අසාමාන්‍ය ප්‍රවාහ රටාවන්ය. හෘද කපාට හදවතට රුධිරය පසු පසට ගලා යාම වැළැක්වීමට දොරවල් ලෙස ක්‍රියා කරයි. ඇදහිලිවන්තයන් පැමිණිලි කිරීම, ඕපාදූප, ආරවුල් සහ වාදවිවාද වලදී ආත්මික හෘද මැසිවිලි නඟයි. දොස්කිම, මැසිවිලි නැගිම හා පැමිණිලි කිරිමෙන් වළකින ලෙස ඇදහිලිවන්තයන්ට බොහෝ වාරයක් උපදෙස් දෙනු ලැබේ (යොහන් 6:43; පිලිප්පි 2:14). මෙම ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේගේ සැලසුම්, අරමුණු සහ අතීත ආශීර්වාද වලින් ලෝකයේ දේවල් වෙත අවධානය යොමු කරයි. දෙවියන්වහන්සේ මෙය දකින්නේ ඇදහිල්ලේ හිනතාවක් ලෙස වන අතර ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව සතුටු කිරීමට නොහැකිය (හෙබ්‍රෙව් 11:6). ඒ වෙනුවට, කිතුනුවන්ට උපදෙස්දී ඇත්තේ සෑම දෙයකින්ම සෑහීමකට පත්වීමට උත්සාහ කරන්න, දෙවියන් වහන්සේගේ යහපත් කාලය තුළ අවශ්‍යදේ සැපයීමට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න (හෙබ්‍රෙව් 13:5). පැමිණිලි කරන ආත්මයකින් ආරක්ෂාවීම සහ කෘතඥාතාව සහ විශ්වාසය වර්ධනය කිරීම හදවත ආරක්ෂා කිරීමේ දෙවන පියවරවේ.

තදබල හෘදයාබාධ යනු හදවතේ බිත්ති තුළ ඇති දුර්වලතා හේතුවෙන් ශරීරය හරහා රුධිරය සාර්ථකව පොම්ප කිරීමට නොහැකිවීමයි. අධික රුධිර පීඩනය, හෘදයා බාධ සහ හදවත අසාමාන්‍ය ලෙස විශාලවීම නිසා හෘදයාබාධ ඇතිවිය හැක. අධ්‍යාත්මික සමානකම් වන්නේ කෝපය, පරීක්ෂාවට යටත්වීම සහ උඩඟු කමයි. කෝපය ශාරීරිකව හා අධ්‍යාත්මිකව ශරීරය මත විෂක් ලෙස ක්‍රියා කරන අතර අපගේ ක්‍රියාවන් හා වචන වලින් අන් අයට හිංසා කිරීමේ පරීක්ෂාවට ඇදහිලිවන්තයෙකු වඩාත් අවදානමට ලක් කරයි. එපීස 4:31-32, "සෑම ආකාරයකම අමිහිරි, කෝපයෙන්, පොර බැදීමෙන් හා අපහාසයෙන් මිදෙන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට සමාව දුන් ආකාරයටම එකිනෙකාට සමාවදී එකිනෙකාට කරුණාව දක්වන්න. "

සෑම කිතුනුවෙකුම යක්ෂ බල වේග සමඟ නිරන්තර, දැඩි යුද්ධයකට කොටුවී සිටී. අපගෙන් බොහෝ දෙනෙක් බාහිර අධ්‍යාත්මික යුද්ධයට එරෙහිව සටන් කිරීමට කොතරම් පෙළඹී ඇත්දයත්, අපගේ සටන බොහෝමයක් බාහිර බලවේග සමඟ නොව අපේම මනසින් හා සිතුවිලි වලින් බව අපට අමතකවේ. යාකොබ් 1:14-16 අපට පවසනවා, "සෑම පුද්ගලයෙකුම තමන්ගේම නපුරු ආශාවෙන් ඇද ගෙන ගොස් පොළඹවන විට පරීක්ෂාවට ලක්වේ. ආශාව පිළිසිඳ ගැනීමෙන් පසු එය පාපය බිහි කරයි; පාපය පූර්ණ ලෙස වැඩුණු විට මරණය බිහි කරයි. රැවටෙන්න එපා, මගේ ආදරණීය සහෝදරවරුනි." පාපය සැමවිටම සිතේ ආරම්භවේ. පව්කාරයෙකු මුලින්ම පිළිසිඳගෙන පව්කාර ක්‍රියාව සිදුකිරීමට පෙර එය පිළිපැදිය යුතුය. එබැවින් ආරක්‍ෂාවේ පළමු පේළිය විය යුත්තේ වැරදි ක්‍රියාවක් ගැන සිතීම පවා ප්‍රතික්ෂේප කිරීමයි. ප්‍රේරිත පාවුල්තුමා අපට පවසන්නේ සෑම සිතුවිල්ලක්ම වහල් භාවයට ගෙන යන ලෙසයි. එවිට එය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලවේ (2 කොරින්ති 10:3-5).

උඩඟුකම විනාශයට මඟ පෙන්වන බව හිතෝපදේශ 16:18 අපට පවසයි. හිතෝපදේශ 16:5 පවසනවා, "හදවතින් ආඩම්බර වන සෑම කෙනෙක්ම ස්වාමින්වහන්සේට පිළිකුලකි. සාතන් දෙවියන්වහන්සේ හා සමාන විය හැකි යැයි සිතූ දේවදූතයන්ගෙන් තුනෙන් එකක් ස්වර්ගයේ කුමන්ත්‍රණයක් කිරීමට පොළඹවන විට සාතන්ගේ පළමු මහා පාපය උඩඟු කමයි (එසකියෙල් 28:17). මේ හේතුව නිසා සාතන්ව ස්වර්ගයෙන් නෙරපනු ලැබීය. සාතන් ඒදන් උයනේදී ඒවව පොළඹවා ගත්තේ ඇගේ තෘෂ්ණාවට ආයාචනා කරමිනි. සාතන් පැවසුවේ "මක්නිසාද ඔබ [තහනම් ගසෙන්] කනවිට ඔබේ ඇස් ඇරෙන බවත්, යහපත හා නපුර දැනගෙන ඔබ දෙවියන් වහන්සේ හා සමාන වන බවත් දෙවියන්වහන්සේ දනී" (උත්පත්ති 3:5). දෙවියන්වහන්සේ තරම් ඥානවන්ත වීමට ඒවට වුවමනාවූ නිසා ගසෙහි පල අනුභව කිරීමට සාතන්ගේ උපදෙස් වලට ඇය යටත් වූවාය. උඩඟුකම මිනිසාගේ පරිහානියද විය. සාතන්ට අව්‍යවූයේ මිනිසා දෙවියන්වහන්සේට කීකරුවීම නොව තමාගේම දෙවි කෙනෙකු වීමයි. එනම් යථාර්ථය, අර්ථය සහ ආචාරධර්ම තමා විසින්ම තීරණය කර ගැනීමයි. මෙම සාතන් දර්ශනය මන්ත්‍ර ගුරුකම්, ලෞකික මානවවාදය සහ නව යුගයේ ගුප්ත විද්‍යාවේ පදනම් දර්ශනයයි.

කෝපය, උඩඟු කම සහ පරීක්ෂාවෙන් වැළකී සිටීමද හදවත ආරක්ෂා කිරීමේ තීරණාත්මක අංගවේ. ප්‍රේරිත පාවුල්තුමා අපට උපදෙස් දෙන්නේ, "අවසාන වශයෙන්, සහෝදරවරුනි, සත්‍යය, උතුම්දේ, හරිදේ, නිර්මලදේ, පිරිසිදුදේ, සුන්දරදේ, ප්‍රශංසනීයදේ — ඕනෑම දෙයක් විශිෂ්ට හෝ ප්‍රශංසනීය නම් එවැනිදේ ගැන සිතන්න" ( පිලිප්පි 4:8). මේ දේවල් මත වාසය කිරීම අපගේ හදවත් වටා ආරක්ෂක වැටක් තැනීමට උපකාරීවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබේ හදවත ආරක්ෂා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries