settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනාකූලව දික්කසාද වීමට ඇති හැකියාවන් මොනවාද?

පිළිතුර


දික්කසාද වීම පිළිබඳව බයිබලය පෙන්වා දෙන්නේ කුමක්ද යන්න සාකච්ඡා කරන විට මලාකි 2:16 හි සඳහන් මෙම වදන් මතකයේ තබා ගැනීම ඉතා වැදගත්ය. දෙවියන්වහන්සේ මෙසේ වදාරණ සේක. මම දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වෙමි. බයිබලයේ දික්කසාද වීම සඳහා කුමන හේතු දක්වා ඇතත්, එම අවස්ථාවන්හි වුවද, දික්කසාද වීම දෙවියන්වහන්සේගේ අභිප්‍රාය බව එයින් නොහැගේ. මෙම කරුණ දික්කසාදයක් සඳහා හේතුවක්ද? යන්න වෙනුවට මෙම කරුණ කමාව දීම, නැවත සමගිවීම සහ / හෝ උපදේශන ලැබීම සඳහා හේතුවක් වන්නේද? යන්න ගැන සලකා බැලීම වඩාත් යෝග්‍ය වේ.

බයිබලය අනුව දික්කසාදය සඳහා පැහැදිළි හේතු දෙකක් පෙන්වා දී ඇත. (1) ලිංගික වේශ්‍යාකම, (මතෙව් 5:32, 19:9) සහ (2) නොකිතුනු සහකරුවන්ගෙන් වෙන්වීම (1 කොරින්ති 7:15). එහෙත් මෙම අවස්ථා දෙකෙහිම දික්කසාද වීම අවශ්‍යම නොවන අතර, ඒ සඳහා උනන්දු කිරීමද නොකෙරේ. මෙයින් අදහස් වන්නේ ලිංගික වේශ්‍යාකම සහ නොකිතුනු සහකරුගෙන් වෙන්වීම යන අවස්ථා දික්දසාදය සඳහා හේතුවක් වීම පමණක්ය. පාපෝව්වාරණය, කමාව දීම, යලි සම්බන්ධ වීම, සහ රදාපැවැත්ම හැම විටම මුලික පියවරවල් විය යුතුය. දික්කසාදය ගැන කල්පනා කළ යුත්තේ අවසානම පියවර ලෙසය.

බයිබලයේ සඳහන් නොවන දික්කසාද වීමට වෙනත් හේතු ඇද්ද? එසේ තිබිය හැකිය. නමුත් අපට දේව වචනයට පිටුපා යා නොහැකිය. බයිබලයේ සඳහන් කරුණු වලට විරුද්ධව යාම ඉතා භයානකය. (1 කොරින්ති 4:6) දික්කසාද වීම සඳහා හේතු වන අඵතෙන් එක්වී ඇති, බොහෝ දෙනා විසින් විමසන කරුණු නම්, සහකරු අපචාරයට ලක් කිරීම, ළමා අපචාර (මානසික, කායික හෝ ලිංගික) අසභ්‍ය චිත්‍රපටි නැරඹීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම / මත්පැන් භාවිතය, අපරාධ / සිරගතවීම්, මුදල් අවභාවිතය (සූදුව සඳහා ඇබ්බැහිවීම) යනුවෙන්ය. මෙම හේතු කිසිවක් බයිබලයේ සඳහන් හේතු කිසිවක් අභිබවා නොයනු ඇත.

මෙම අවස්ථා කිසිවක් දික්කසාදය සඳහා සුදුසු බව දෙවියන්වහන්සේ පිළිනොගන්නා බව මෙයින් අදහස් නොවේ. උදාහරණයක් වශයෙන් ගතහොත් තමාගේ ස්වාමිපුරුෂයා තමාවත්, තම දරුවන්වත් කායික අපචාරයට ලක් කරන්නේ නම්, එම භාය්‍ර්‍යාවට, එම තැනැත්තා සමග ජීවත් වීම දෙවියන් වහන්සේගේ අභිප්‍රාය විය හැකියයි අපට සිතිය නොහැක. එම අවස්ථාවේදී භාය්‍ර්‍යාව කළ යුත්තේ තමාත්, තම දරුවනුත් ස්වාමිපුරුෂයාගෙන් වෙන්කර තබා ගැනීමය. කෙසේවුවද, එම අවස්ථාවේදි වුවද දික්කසාදයට සුදානම් වීමට පෙර, පසුතැවිලිවී සමාදානය ඇතිකර ගැනීමේ අරමුණින් එම වෙන්වීම සිදුකළ යුතුය. මෙම කරුණු බයිබලය අනුව දික්කසාද හේතු නොවූවද, එවැනි අවස්ථාවකදී තම සහකරු සමග යම් පුරුෂයෙකුට හෝ ස්ත්‍රීයකුට එකට ජීවත්වීය යුතු බව අපි අවධාරණය නොකරන බව වටහා ගත යුතුය. එම අවස්ථාව තමාටත් තම දරුවන්ටත් අහිතකර තත්වයක් වන්නේ නම් වෙන්වීම හොඳම සහ නිවැරදිම පියවර වේ.

මෙම කරුණ ගැන වෙනස් ආකාරයකින් බැලිය යුත්තේ දේව වචනාකූලව දික්කසාද විමට ඇති හේතු සහ දේවවචනාකූලව දික්කසාද වී නැවත විවහා වීමට ඇති ඉඩ අතර ඇති වෙනස සම්බන්ධයෙනි. සමහර අය මෙම හේතූන් දෙක ගැන අර්ථ නිරූපණය කරන්නේ එක් හේතුවක් යටතේ දික්කසාදයට පසුව නැවත විවහා වීම සඳහා ඉඩදීම සිදුවන අතර අනෙක් අවස්ථාවේදී එසේ නොවීම ගැනය. මෙම අර්ථ නිරූපණය සාධාරණ වුවත් අපට දේව වචනයට පිටුපෑ නොහැක.

මෙම කරුණු සියල්ලම සලකා බැලූ විට දේව වචනාකූලව දික්කසාදය සඳහා ඉඩ ඇති අවස්ථාවන් කුමක්ද? පිළිතුර වනුයේ ලිංගික වේශ්‍යකම සහ නොකිතුනු සහකරුගෙන් වෙන්වීම යනුවෙනි. මෙම අවස්ථා දෙකට වඩා දික්කසාදයට ඉඩ දෙන වෙනත් අවස්ථා ඇද්ද? තිබිය හැකඳ්‍යා දික්කසාදය සැහැල්ලූ ලෙස සලකා හෝ ප්‍රථම පියවර වශයෙන් පිළිගත හැකිද? සැබවින්ම නොහැක. ඕනෑම කෙනෙකු වෙනස් කර නිවැරදි කෙනෙකු කිරීමට දෙවියන් වහන්සේට හැකිය. ඕනෑම විවාහයක් සුවපත් කිරීමටද එය නැවත ප්‍රකෘතිමත් කිරීමටද දෙවියන්වහන්සේට හැකිය. දික්කසාද වීම සිදුවිය යුත්තේ නොකඩවා පසුතැවීමකින් තොරව සිදුකරන කෘරතර පාපයන් වලදී පමණය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනාකූලව දික්කසාද වීමට ඇති හැකියාවන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries