settings icon
share icon
ප්‍රශ්නය

මහා පීඩාව යනු කුමක්ද?

පිළිතුර


පීඩාව යනු නුදුරු අනාගත කාලයේ සිදුවීමට නියමිත, දෙවියන් වහන්සේගේ සැලැස්මේ පැති කඩවල් දෙකක් සම්පූර්ණ වෙන කාලපරිච්ජේදයක් වේ. 1. ඊශ්‍රායෙල් ජාතිය විනයානුකුල කිරීම සම්පූර්ණකරයි (දානියෙල් 9:24) සහ 2. නොඇදහිලිවන්ත, අභක්තික පොළොවේ වැසියන් එතුමා විනිශ්වය කරනු ලබයි (එළිදරව් 6-18). පීඩාවේ කාල සීමාව අවුරුදු හතක් වේ. මෙලෙස ස්ථීර සම්මත අවබෝධයකට පැමිණියේ දානියෙල්ගේ සති හැත්තෑව කරණකොටගෙනය (දානියෙල් 9:24-27). මහා පීඩාව යනූ පීඩා කාලයේ අවසාන භාගයයි, කාල ප්‍රමාණ වශයෙන් අවුරුදු තුනහාමාරක් වේ. එය පීඩා කාලය තුළ බව පැහැදිලිව වටහා ගනු ලැබුවේ, එම කාලය තුළදී මෘගයා හෝ අන්ත ක්‍රිස්තුස් එළිදරව් වන අතර දෙවියන් වහන්සේගේ උදහසද ඉමහත් ලෙස අධිකවනවා ඇත. එලෙසම මෙම අවස්ථාවේදී පිඩාව සහ මහා පීඩාව තුල්‍යාර්ථික නියමයන් නොවන බව වටහා ගැනීමත් වැදගත් වේ. මරණය හා අවසන් ඉරනම පිළිබඳ ඉගැන්වෙන ධර්මය තුළ (අනාගත සිදුවීම් පිලිබඳ ඉගැන්වීම්) පීඩාව සම්පූර්ණ අවුරුදු හතක කාලය සඳහා යොමු වන අතර, "මහා පීඩාව "පීඩා කාලයේ දෙවන භාගය සඳහා යොමු කෙරේ.

"මහා පීඩාව" ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පීඩා කාලයේ අවසාන භාගය ලෙස හුවා දක්වන ලදී. මතෙව් 24:21 හි යේසුස් වහන්සේ මෙසේ පවසන ලදී. "මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයි කාලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය". මෙම කොටසෙහි යේසුස් වහන්සේ මතෙව් 24:15 හි සිදුවීමට යොමු කරමින් අන්ත ක්‍රිස්තුස් හා පාළු කරන පිලිකුළ පිළිබඳ එළිදරව් කිරිමක් විග්‍රහ කරන ලද සේක. එලෙසම යේසුස් වහන්සේ 24:29-30 දක්වා මෙසේ ප්‍රකාශ කරණ ලදී. "තවද ඒ දවස් වල පීඩා පසුවු කෙනෙහිම, ඉර අදුරු වන්නේය, සඳ එහි එලිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බල පරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනූෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය." මෙම කොටසෙහි යේසුස් වහන්සේ, මහත් පීඩාව (පදය21) පාළු කරන පිළිකුළ එලිදරව්වීමේ ආරම්භය ලෙසද (පදය 15) සහ අවසානය ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණිම බවත් පෙන්වාදේ (පදය 30).

මහත් පීඩාව පිලිබඳ සඳහන් වන අනෙකුත් පාඨයන් නම් දානියෙල් 12:1 ආ කොටස, එහි "ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය". මෙහි පෙනෙන්නට ඇත්තේ යේසුස් මෙම පදය ගෙනහැර දැක්වූයේ මතෙව් පොතෙහි 24:21 වාර්ථාවූ වදන් සඳහන් කළ අවස්ථාවේදීය. තවද යෙරමියා 30:7 මෙසේ මහත් පීඩාව ගැන සඳහන් වේ. "අහෝ ඒ දවස මහත්ය. ඊට සමානවු දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය. එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත." "යාකොබ්ගේ විපත්තිය" යන වාක්‍ය ඛණ්ඩය ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් යොමුවන අතර, එනම් කිසි දිනක නොදුටු ආකාරයෙන් පීඩාවන් හා ස්වාභාවික විපත්තීන් වලට මුහුණ දෙනවා ඇත.

මතෙව් 24:15-30 යේසුස් වහන්සේ අප හට දුන් තොරතුරු අනුව මහා පීඩාවේ ආරම්භයටත් පාළු කරන පිළිකුළ හා අන්ත ක්‍රිස්තුස්ගේ ක්‍රියාවන් අතර මහත් දේ සිදුවීමට ඇති බව දැන ගන්නට හැකිය. දානියෙල් 9:26-27 අපට දැනගන්නට ලැබෙන්නේ මෙම මනුෂ්‍යයා "ගිවිසුමක්" (සමාදානයේ කතිකාව) අවුරුදු හතක කාල සීමාවක් සඳහා ඇති කරගන්නා බවය (නැවත එක "සතියක්, පීඩාව පිළිබඳ ලිපිය බලන්න). අවුරුදු හතක කාලයෙන් භාගයක කාලයක්-"සතියේ මැදදී" අපට පවසනු ලබන්නේ නුදුරු අනාගතයේ ඔහු විසින සාදනු ලබන දේව මාලිවේදී විශේෂයෙන් ඔප්පු කිරිමට නියමිත පූජාවන් සහ ධාන්‍ය පූජා ඔප්පු කිරීම නවතා දමන අතර මෙම මනූෂ්‍යයා ඔහු විසින්ම සාදන ලද ගිවිසුම බිඳ හෙලනු ලබන බවත්ය. එළිදරව් 13:1-10 දක්වා මෘගයාගේ ක්‍රියාවන් පිළිබඳ මනාව විස්තර සපයන අතර, එමඟින්, වැඳගත්ම වන ඔහු බලයේ රුඳී සිටින කාලයද සනාථ කරයි. එළිදරව් 13:5 හි ඔහුගේ කාලය මාස 42 ක් බවත් එනම් අවුරුදු තුනහමාරක කාලයක් බවත් එය නම් මහා පීඩාවේ කාලය බවත්ය.

එළිදරව් පොත මහා පීඩාව ගැන බොහෝ තොරතුරු සපයයි. එළිදරව් 13 මෘගයාගේ පැමිණීම එළිදරව් 19 හි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දක්වාම පැවතේ. අවිශ්වාසකම හා කැරලිකාරකම පිළිබඳ දෙවියන් වහන්සේගේ පොළොව පිට උදහස පිළිබඳ මනා පිංතුරයක් ගෙන හැරපායි (එළිදරව් 16-18.) ඒ සමඟින්ම තමන්ගේ සෙනඟවන ඊශ්‍රායෙල් ජාතිය, තමන් වහන්සේ විසින් ඔවුන්ට දෙන ලද පොරොන්දුව වන භුමික රාජ්‍යය පොළොවේ ස්ථාපිත වනතුරු (එළිදරවි 20:4-6) විනයානුකුල කරමින් ඔවුන්ව රැක ගන්නා ආකාරය පිළිබදවද ගෙන දක්වයි (එළිදරව් 14:1-5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මහා පීඩාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries