settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ උතුම් ධර්මය (ආගම) හැරයාමක් (අත්හැරීමක්) / වැටීමක් සිදුවනු ඇත්ද?

පිළිතුර


අවසාන කාලයේදී උතුම් ධර්මය (ආගම) හැරයෑමක් සිදුවන බව බයිබලය පෙන්වා දෙයි. “උතුම් ධර්මය හැරයාම” 2 තෙසලෝනික 2:3 හි සඳහන් වේ. ඇදහිල්ල අත්හැරීම යනු කැරැල්ලකි, සත්‍යය අතහැර දැමීමකි. අවසාන කාලයට දෙවියන්වහන්සේගේ එළිදරව්ව තොග වශයෙන් ප්‍රතික්ෂේප කිරීම ඇතුළත් වන අතර එය දැනටමත් වැටී ඇති ලෝකයක තවත් “වැටීම” වේ.

පාවුල් තෙසලෝනිකවරුන්ට ලියූ අවස්ථාව නම්, ඇදහිලිවන්තයන් බොරු ගුරුවරුන්ගෙන් අසා ඇති අවසාන කාලය පිළිබඳ වැරදි කිහිපයක් නිවැරදි කිරීමයි. අසත්‍යයන් අතර “ස්වාමින්වහන්සේගේ දවස දැනටමත් පැමිණ තිබේ” (2 තෙසලෝනික 2:2). තෙසලෝනිකයේ කිතුනුවන් බිය වූයේ යේසුස් වහන්සේ ඒ වන විටත් පැමිණ ඇති බවත්, ඔසවා ගැනීම මග හැරී ඇති බවත්, ඔවුන් දැන් පීඩාවට පත්ව සිටින බවත්ය. ඔසවා ගැනීම පිළිබඳව පාවුල් තම පළමු ලිපියෙන් ඒ වන විටත් පැහැදිලි කර තිබුණි (1 තෙසලෝනික 4:16-17). පාවුල් තම දෙවන ලිපිය ලියන්නේ ඔවුන් ඇසූ දෙයට පටහැනිව හා ඔවුන් විඳදරාගත් පීඩා මධ්‍යයේ වුවද “ක්‍රිස්තුස්වහන්සේගේ දවස” තවම පැමිණ නැති බවය.

2 තෙසලෝනික 2:3 හි පාවුල් පැහැදිලි කරන්නේ ස්වාමින්වහන්සේගේ දවස, ලෝක විනිශ්චය කාලය (යෙසායා 13:6; ඔබදියා 1:15), කාරණා දෙකක් සිදුවන තුරු එය සිදු නොවන බවයි. පළමුව, වැටීම හෝ විශාල ඇදහිල්ල අත්හැරීම සිදුවිය යුතුය. දෙවනුව, “අවනීතියේ මිනිසා” හෙළි කළ යුතුය, “විනාශයේ පුත්‍රයා” ලෙස හඳුන්වනු ලබන තැනැත්තා අන්ත ක්‍රිස්තුස් ලෙසද හැඳින්වේ. මෙම පුද්ගලයා තමා ප්‍රසිද්ධියට පත් කළ පසු, අවසාන කාලය පැමිණෙනු ඇත. පළමුවන ශතවර්ෂයේ ආරම්භයේ සිට පාපයේ මිනිසාගේ අනන්‍යතාවය පිළිබඳ බොහෝ සමපේක්ෂනවලට කැලිගුලා, කයස් සීසර්, මොහොමඩ්, නැපෝලියන් සහ රෝමානු පාප්වරුන් ගණනාවක් ඇතුළත් වේ. ඔවුන්ගෙන් කිසිවෙක් අන්ත ක්‍රිස්තුස් නොවේ.

2 තෙසලෝනික 2:4 ට අනුව අවනීතියේ මනුෂ්‍යයා “දෙවියන්වහන්සේ යැයි කියනු ලබන හෝ නමස්කාර කරන සෑම දෙයකටම විරුද්ධ වන අතර උසස් වන්නේය.” පැහැදිලිවම, මෙය තවමත් සිදුවී නැත; පාවුල්ගේ කාලයේ සිට කිසිවෙකු යුදෙව් දේවමාළිගාවේ දෙවියන්වහන්සේ ලෙස පෙනී සිට නැත. ලිපිය ලියා වසර දෙදහසක් ගත වී ඇති අතර “ස්වාමින්වහන්සේගේ දවස” තවම පැමිණ නැත. වැටීම පළමුවෙන් පැමිණෙන තෙක් එය නොපැමිණෙන බව පාවුල් අපට සහතික කරයි.

3 වන පදයෙහි “කැරැල්ල” හෝ “වැටීම” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය ඇදහිල්ල අත්හැර යාමයි. එය සැබෑ දෙවියන් වහන්සේ, බයිබලය සහ ක්‍රිස්තියානි ඇදහිල්ලෙන් පොදුවේ බැහැරවීමක් ගැන සඳහන් කරයි. සෑම යුගයකම එහි අඩුපාඩුකම් ඇත, නමුත් අවසාන වේලාවට වැටීම සම්පූර්ණ හා ලොව පුරා සිදුවනු ඇත. මුළු පෘථිවියම දෙවියන්වහන්සේට හා උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව කැරලි ගසනු ඇත. සෑම කුමන්ත්‍රණයකටම නායකයෙකු අවශ්‍ය වන අතර, මෙම ගෝලීය ඇදහිල්ල අත්හැර යෑමට අන්ත ක්‍රිස්තුස්ව යොමු කරනු ඇත. සභාව පොළොවෙන් ඔසවා ගැනීමෙන් පසුව මෙය සිදුවන බව අපි විශ්වාස කරමු.

මතෙව් 24:10-12හි අවසාන දවස් ගැන යේසුස්වහන්සේ ගෝලයන්ට අනතුරු ඇඟවීය. “ඒ කාලයේදී බොහෝදෙනෙක් ඇදහිල්ලෙන් ඈත් වී එකිනෙකා පාවා දී එකිනෙකාට වෛර කරන්නෝය. බොරු අනාගතවක්තෘවරු බොහෝ දෙනෙක් පැමිණ බොහෝ මිනිසුන් රවටනු ඇත. දුෂ්ටකම වැඩිවීම නිසා බොහෝදෙනෙකුගේ ප්‍රේමය සීතල වනු ඇත. ” අවසාන කාලයේ ඇදහිල්ල අත්හැර යෑමේ ලක්ෂණ මේවා ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ උතුම් ධර්මය (ආගම) හැරයාමක් (අත්හැරීමක්) / වැටීමක් සිදුවනු ඇත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries