settings icon
share icon
ප්‍රශ්නය

දේව කරුණාව යනු කුමක්ද?

පිළිතුර


දේව කරුණාව වු කලී දේව වචනයේ නිතරම හමුවන මාතෘකාවක් වන අතර, එය යේසුස් වහන්සේගේ පැමිණිමට ඉවහල් වු කරුණක් වන බව නව ගිවිසුමේ දැක්වේ. (යොහාන් 1:17) එහි සදහන් "කරුණාව" යන වචනය පරිවර්ථනය වී ඇත්තේ ග්‍රීක භාෂාවෙනි. "චාරිස්" යන එම ග්‍රීක වචනයේ අර්ථය නම් "උපකාරය" ආශිර්වාදය හෝ කරුණිකත්වය වේ. අප සියඵ දෙනාටම එකිනෙකාට කරුණාව දැක්විය හැක. නමුත් කරුණාව යන වචනය දෙවියන් වහන්සේට සම්බන්ධ කළ විට එහි වඩාත් ගැඹුරු අර්ථයක් ඇත. අපගේ පව්කාර කමට දෙවියන්වහන්සේගේ ශාපය අපට උරුම විය යුතු නමුත්, උන් වහන්සේගේ කරුණාව නිසා අපට ආශිර්වාද කිරීමට උන්වහන්සේ තෝරා ගත් සේක. එය කරුණාව ලැබීමට නුසුදුසු අයහට උන්වහන්සේ දක්වන ගුණවන්ත කම වේ. එපීස 2:8 මගින් දැක්වෙනුයේ "ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදය මගින් වු ඇදහීම කරුණකොට ගෙනය. එය ඔබේම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාවය" ඕනෑම කෙනෙකුට දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයකට පිවිසිය හැකි එකම මාර්ගය අපට ලැබී ඇත්තේ, අප කෙරෙහි දෙවියන්වහන්සේ දක්වන කරුණාව නිසාය. කරුණාව ආරම්භ වුයේ ආදම් සහ ඒවා සිදු කල පාපය දුරු කිරීමට ඒදන් උයනේ දී දෙවියන්වහන්සේ සත්වයෙකු මරා දැමු විටදීය. (උප්පත්ති 3:21) මනුෂ්‍යයා දෙවියන්වහන්සේට අකීකරු වු මොහොතේදීම ඔහුව මරණයට පත් කිරීමට උන්වහන්සේට හැකිව තිබුනේය. නමුත් එලෙස මනුෂ්‍යයා විනාශ කරනවා වෙනුවට උනවහන්සේ මනුෂ්‍ය්‍යා තමන්වහන්සේ සමග සිටීම සදහා මාර්ගයක් තෝරා ගත් සේක. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා පාපි භාවයෙන් ගලවා ගැනීම සදහා රුධිර පුජාවක් ස්ථාපිත කිරීම මගින් එම ක්‍රියාවලිය පැරණි ගිවිසුම පුරාවටම පැවතිය. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ අයට පව්කමාව ලැබුණේ එම භෞතික රුධිර පුජා මගින් පව් සේදීම හේතුකොට ගෙන නොව දෙවියන්වහන්සේගේ කරුණාව මගින්ය. (හෙබ්‍රෙව් 10:10, උප්පත්ති 15:6) පව්කාර මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ හට තමන්ගේ විශ්වාසය පෙන්නුම් කලේ උනවහන්සේට අවශ්‍ය පුජාවක් ඔප්පු කිරීමෙනි.

අපොස්තුඵ පාවුල් තුමා එතුමාගේ බොහෝ හසුන් ආරම්භ කලේ මෙම පාඨය මගිනි "අපගේ පියවු දෙවියන්වහන්සේගේ හා ස්වාමිවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව සහ සමාදානය ඔබට වේවා" යනුවෙනි. (රෝම 1:7, එපිස 1:1, 1 කොරින්ති 1:3) කරුණාව මෙහෙයවන්නේ දෙවියන්වහන්සේය. අන් සියඵම කරුණාවන් නිකුත්වන්නේද එතුමාණන් තුලින්ය.

දෙවියන්වහන්සේ කරුණාව සහ අනුකම්පාව යන දෙකම දක්වන සේක, නමුත් එම දෙකම එක් දෙයක් නොවේ. අනුකම්පාව මගින් අපට ලැබිය යුතු දඩුවමක් වැලැක්වේ. කරුණාව මගින් අපට ලැබීමට නොවටිනා ආශිර්වාද ලබාදේ. දෙවියන්වහන්සේ අප වෙත දැක්වු අනුකම්පාව නිසාවෙන් අපගේ පව් මකා හැර ඒ වෙනුවට උනවහන්සේගේ අති ශුද්ධ පුත්‍රයාණන් පුජා කල සේක. (තීතස් 3:5, 2 කොරින්ති 5:21), නමුත් උනවහන්සේ අනුකම්පාවට වඩා ඔබ්බට ගොස් තම සතුරන් හට කරුණාව දැක්වු සේක. (රෝම 5:10 අපි උන්වහන්සේගේ එම දීමනා පිලිගෙන, උන්වහන්සේගේ පරිත්‍යාගයන් කෙරෙහි අපගේ විශ්වාසය තබන කල්හි උන්වහන්සේ අපට කමාව දානය කරන සේක. (හෙබ්‍රෙව් 8:12, එපීස 1:7) නැවත සම්බන්ධතාවය ඇති කරන සේක. (කොලොස්සි 1:13–20) පරිපුර්ණ ජිවිතයක් ලබා දෙන සේක. (යොහාන් 10:10) සදාතනික වස්තු ලබා දෙන සේක. (ලූක් 11:13). ඒ සමගම යම් දිනකදී උන්වහන්සේ සමග ස්වර්ගයේ ස්ථානයක් හිමි කර දෙන සේක. (යොහාන් 3:16–18).

කරුණාව යනු කිසිවක් ලැබීමට නුසුදුසු වු අප සැමට දෙවියන්වහන්සේ ලබා දෙන ඉතාමත් උතුම් වු වස්තුවකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව කරුණාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries