settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කුමක්ද?

පිළිතුර


ශුභාරංචිය යන වචනයේ තේරුම “සහපත් ආරංචිය”, එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කරන සියල්ලන්ට පව්වලට සමාව දීමට උන් වහන්සේගේ පැමිණීම පිළිබඳ ශුභාරංචියයි (කොලොස්සි 1:14; රෝම 10:9). පළමු මිනිසාගේ පාපයේ සිට මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේගේ දඞුවමට යටත් වී ඇත (රෝම 5:12). සෑම කෙනෙකුම පාපය කිරීමෙන් දෙවියන් වහන්සේගේ පරිපූර්ණ නීතිය කඩ කරන නිසා, සෑම කෙනෙකුම වැරදිකරුවන් වේ (රෝම 3:23). පාපයේ වරදට දඞුවම ශාරීරික මරණයයි (රෝම 6:23) ඉන්පසු සදාකාලිකව දඞුවම් කරන ස්ථානයක ගත කරයි (එළිදරව් 20:15; මතෙව් 25:46). දෙවියන් වහන්සේගෙන් මෙම සදාකාලික වෙන්වීම “දෙවන මරණය” ලෙසද හැඳින්වේ (එළිදරව් 20:14-15).

සියල්ලන්ම පාපයට වැරදිකරුවන් වන අතර දෙවියන්වහන්සේ විසින් හෙළා දකින ලද නරක ආරංචිය ශුභාරංචිය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය. දෙවියන්වහන්සේ, ලෝකයට ඇති ප්‍රේමය නිසා, මිනිසාට ඔවුන්ගේ පව්වලට සමාව ලැබීමට මාර්ගයක් සකසා ඇත (යොහන් 3:16).

කුරුසියේ මරණයෙන් මනුෂ්‍ය වර්ගයාගේ පව් තමන් වෙතට ගෙන ඒමට උන් වහන්සේ තම පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා (1 පේත්‍රැස් 2:24). අපගේ පාපය ක්‍රිස්තුස්වහන්සේ මත තැබීමේදී, යේසුස්වහන්සේගේ නාමය විශ්වාස කරන සියල්ලන්ට සමාව දීමට දෙවියන්වහන්සේ සහතික විය (ක්‍රියා 10:43). යේසුස්වහන්සේගේ උත්ථානය විශ්වාස කරන සියල්ලන්ගේ යුක්තිසහගත බව සහතික කරයි (රෝම 4:25).

ශුභාරංචි පණිවුඩයේ අන්තර්ගතය බයිබලයෙහි සඳහන් වේ. “සහෝදරවරුනි සහ සහෝදරියනි, මම ඔබට දේශනා කළ ශුභාරංචිය ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. එය ඔබට ලැබී ඇති අතර ඔබ ගත් ස්ථාවරයයි. මා ඔබට දේශනා කළ වචනය ඔබ තදින් අල්ලාගෙන සිටියහොත් මෙම ශුභාරංචියෙන් ඔබ ගැළවෙනු ඇත. එසේ නොමැතිනම් ඔබ නිෂ්ඵල ලෙස විශ්වාස කර ඇත. මට ලැබුණු දෙයින් මම ඔබට වැදගත් තැනක් දුනිමි. එනම්, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප උදෙසා ශුද්ධ ලියවිල්ලට අනුව මිය ගිය බවත්, උන්වහන්සේව භූමදාන කළ බවත්, ශුද්ධ ලියවිල්ලට අනුව තුන්වෙනි දවසේදී උත්ථාන වූ බවත්, උන්වහන්සේ සීපාස්ට පෙනී සිටි බවත් ඉන්පසු දොළොස් දෙනා දක්වා. ඉන්පසු උන්වහන්සේ සහෝදර සහෝදරියන් පන්සියයකට වැඩි පිරිසකට එකවර පෙනී සිටියේය” (1 කොරින්ති 15:1-6). මෙම ඡේදයේ පාවුල් ශුභාරංචියේ මූලිකත්වය අවධාරණය කරයි. එය “පළමු වැදගත්කම” වේ. ශුභාරංචි පණිවුඩයේ ඓතිහාසික කරුණු දෙකක් අඩංගු වේ, මෙම කරුණු දෙකම වෙනත් සාක්ෂි මගින් තහවුරු වේ: ක්‍රිස්තුස්වහන්සේගේ මරණය උන් වහන්සේගේ භූමදානය මගින් සනාථ වන අතර, උන්වහන්සේගේ නැවත නැඟිටීම ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් සනාථ කරනු ලැබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නම් දෙවියන්වහන්සේ මිනිසාට පාපයේ දඞුවමෙන් නිදහස් වීමට මාර්ගය ලබා දුන් බවට ශුභාරංචියයි (යොහන් 14:6; රෝම 6:23). සෑම කෙනෙක්ම ශාරීරිකව මිය ගියත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන අයට සදාකාල ජීවනයට නැවත නැඟිටීමක් පොරොන්දු වේ (යොහන් 11: 23-26). ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන අය ශාරීරිකව මිය යනවා පමණක් නොව “දෙවන මරණයටද” මුහුණ දෙනු ඇත. එය සදාකාලික ගිනි විලක් ලෙස බයිබලය විස්තර කරයි (එළිදරව් 20:13-14). ගැළවීම සොයාගත හැකි එකම තැනැත්තා යේසුස්වහන්සේය (ක්‍රියා 4:12).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඕනෑම කෙනෙකුට ඇසෙන හොඳම ප්‍රවෘත්තිය වන අතර, මෙම පුවත සමඟ පුද්ගලයෙකු කරන දේ ඔහු හෝ ඇය සදාකාලිකව ගත කරන්නේ කොතැනද යන්න තීරණය කරයි. දෙවියන් වහන්සේ ඔබට ආරාධනා කරන්නේ ජීවිතය තෝරා ගැනීමටයි. සමිඳාණන් වහන්සේගේ නාමයට යාච්ඤා කර ගැළවෙන්න (රෝම 10:13).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries