සුභාරංචි පණිවිඩයක තිබිය යුතු ගුණාංග කවරේද?



ප්‍රශ්නය: සුභාරංචි පණිවිඩයක තිබිය යුතු ගුණාංග කවරේද?

පිළිතුර:
සුභාරංචිය යන්නෙහි තේරුම සුභදායක ආරංචි නම් වේ. මෙය වඩාත් අර්ථවත් කළ විට සමාව ලබා ගැනීමට දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ මහත් වූ ක්‍රීයාව ලෙස ද හැඳින්විය හැක. මෙය සැබවින්ම දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේව මහත් ලෙස අදහන්නන් විසින් දයාද කර ගනු ලැබූ උරුමයකි. මෙය මනාව අප හට ලැබී ඇති බයිබලයෙහි සඳහන් වේ.

අපෝස්තලික පාවුල්ගේ කොරින්ති සභාවට ලියු පළමුවන ලිපියේ ඔහු ඔහුගේ සුභාරංචියේ පළමුවන කොටස බෙදා හරින ලද්දේ මෙසේය (1 කොරින්ති 15:1-4). තවද සහෝදරයෙනි මම නුඹලාට දේශනා කළාවූ නුඹලා පිළිගත්තාවූ නුඹලා පිහිටා සිටින්නාවූ නුඹලා ගැළවීමට පැමිණෙන්නාවූ සුභාරංවිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශ කළ කාරණා නුඹලා අල්ලාඟෙන සිටින්නහු නම් කුමන වචනවලින් එය නුඹලාට දේශනා කළෙමි දැයි දන්වමි. නැත්නම් නුඹලා නිශ්ඵල ලෙස ඇදහුවහුය. ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දුනිමි. එනම් ලියවිලි වලට ප්‍රකාරව අපගේ පව් උදෙසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත්, උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට උන්වහන්සේ තුන් වෙනිදා නැගිටුණු බවත් කේපස්ටද පසුව දොළොස්දෙනාට ද පෙණුන බවත්ය.

මෙම පරිච්ඡේදයේ අපට පෙනෙන්නට කරුණු 3 ක් ඇත, එනම් පළමුවන පදය ගත් කළ අපගේ පව් උදෙසා මරනු ලැබීම, රෝම 3:23 හි පවසන ආකාරයට සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. දෙවියන් වහන්සේ තුළ ගැළවීමේ ඔටුන්න ලබන සියළු දෙනාම පාපයේ නිවැරදි ස්වරූපය සැබෑ ලෙස දැනගත යුතුය. පව්කාරයෙකු සැමවිට පව්කාරකමෙහි භයානක කම හා සැබවින්ම එහි කුලිය මරණය බව දෙවියන්වහන්සේ ඉදිරියෙහි තේරුම් ගත යුතුය (රෝම 6: 23), මෙම පරිනත දැනුම නොමැතිව සුභාරංචියෙහි තේරුමක් නොමැත.

දෙවනුව මිනිසා හා යේසුස්වහන්සේගේ ක්‍රියා නොමැතිව සුභාරංචිය ගොඩ නඟා ගත නොහැක. යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ හා මිනිසා වන සේක (කොලොස්සි 2:9, යොහාන් 1:14) අපට ඡීවත් වීමට නොහැකි පව්කාර කමෙන් තොර ඡීවිතයක් යේසුස් වහන්සේ ගත කළ සේක (1 ප්‍රේත්‍රැස් 2:22) ඔහු මිනිස් මරණයකට ආදේශ කළ නොහැකි මරණයක් දී මිනිසාව පාපයෙන් ගළවනු ලැබුවා. අසමසම දෙවියන්වහන්සේ කෙනෙකුට විරුද්ධව පාපය කර ඉන් සමාව ලබා ගැනීමට ද අසමසම පූඡාවක් අපට අවශ්‍ය වේ. සීමාන්තික වූ මිනිසා සදාකාලයටම එනම් නිරයේදී පවා මෙම ගෙවීම කළ යුතු නුමුත් දෙවියන් වහන්සේ යේසුස්වහන්සේ එය සදහටම අපට දානය කර දෙනු ලැබුවා. යේසුස් වහන්සේ කුරුසියට ගියේ දෙවියන්වහන්සේ අප විසින් ගෙවිය යුතු ණය සියල්ල ගෙවා දමන්නටය. මෙම පූඡාවෙන් සැඟවුණා වූ සියල්ල දෙවියන් වහන්සේගේ රාඡ්‍යයෙහි උරුමය ලබනවා නිසැකය (යොහාන් 1:12).

තෙවනුව යේසුස්වහන්සේගේ ස්වර්ගස්ථ වීම සුභාරංචියට බලපාන අනෙක් කාරණාවයි. දෙවියන්වහන්සේගේ බලය පෙන්වන එකම කරුණ නම් යේසුස් වහන්සේගේ උත්ථාන වීමයි. මවනු ලැබූ ශරීරය නැවත උත්ථානය කරනු ලැබුවා. දිරන සුළු වූ මෙය නොදිරන බවටත් මරණිය වූ මෙය අමරණිය භාවයටත් පත් කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බවය (1 කොරින්ති 15:54-55).

අන් කිසිඳු ආගමක් ලෙස නොව කිතුනු ආගම මූලිකාණන් හෙවත් දෙවියන් වහන්සේ මරණය පරාඡය කර හා සිය අනුගාමිකයන්ට ද පරාඡය කිරීමට උන් වහන්සෙ බලය දුන් සේක. අන් සෑම ආගමක්ම මූලිකයාණන් මිනිසෙකු වන අතර අවසානයේදී මරණය සොහොන තුළින් නිමාව දකියි.

අවසානයේදී , යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගැළවීම අපට ත්‍යාගයක් කොට ලබා දුන්නා (රෝම 5:15,6:23). අපගේ කිසිඳු ක්‍රියාවකින් පමණක් නොව ඇදහිල්ල කරණකොටගෙන පමණක් මෙය අපට උරුම වේ (එපීස 2:8-9).

අපෝස්තලික පාවුල් තුමා පවසන්නේ සුභාරංචිය යනු, යුදෙව්වන්ට හා පසුව අන් සියල්ලන්ට එනම් අදහන්නන්ට දෙවියන්වහන්සේගේ බලය පෙනවන මාර්ගයක් බවය (රෝම 1:16). පාවුල් තුමා ද යේසුස්වහන්සේ දෙවියන් වහන්සේ යැයි නුබේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවනු ලැබුවෙහුයි නම් නුඹ අදහන්නෙමි නම් නුඹ ගළවනු ලබන්නෙහිය (රෝම 10:9).

මෙම කරුණු තුන සුභාරංචියේ ප්‍රධාන කාරණා තුන ලෙස අපට හැඳින්විය හැක. සියළු මිනිසුන්ගේ පව්කාරකම, යේසුස්වහන්සේ ඒ සියල්ල දරා ගෙන කුරුසියට යාම, මරණය පරදා යේසුස්වහන්සේගේ උත්ථානය හා ඒ තුළින් අප සියළු දෙනා උන් වහන්සේ කෙරෙහි අදහාගැනීම හා ගැළවීම නැමැති ත්‍යාගයෙන් අප පැළඳවීම.



නැවතත් සිංහල මුල් පිටුවට



සුභාරංචි පණිවිඩයක තිබිය යුතු ගුණාංග කවරේද?