settings icon
share icon
ප්‍රශ්නය

ශුභාරංචි ඇතුළත් කිරීම යනු කුමක්ද?

පිළිතුර


ශුභාරංචි ඇතුළත් කිරීම යනුයනු නවනාමයක් ලබා දී ඇති විශ්වවාදයේ පැරණි මිථ්‍යා දෘෂ්ටියයි. විශ්වවාදය යනු සියළු මිනිසුන් අවසානයේදී ගැළවී ස්වර්ගයටයනු ඇතැයි යන විශ්වාසයයි. කාල්ටන් පියර්සන් සහ වෙනත් අය විසින් උගන්වන ලද පරිදි ශුභාරංචි ශුභාරංචි ඇතුළත් කිරීම ව්‍යාජ විශ්වාසයන් කිහිපයකින් සමන්විත වේ.

1. ශුභාරංචි ඇතුළත් කිරීමේ සඳහන් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම පසුතැවිල්ලකින් තොරව ස්වර්ගයේ සදාකාළ ජීවනය භුක්ති විඳීමට සියළු මනුෂ්‍යය වර්ගයාට වන්දිගෙවූ බවයි.

2. ශුභාරංචි ඇතුළත් කිරීමේ උගන්වන්නේ ගැළවීම කොන්දේසි විරහිත බවත් මනුෂ්‍යය වර්ගයාගේ පාප, ණය සඳහා ගෙවීමක් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල අවශ්‍යය නොවන බවත්ය.

3. ශුභාරංචි ඇතුළත් කිරීමේ විශ්වාසකරන්නේ සියළු මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයේ ජීවත් වීමට නියම කර ඇති බවයි.

4. ශුභාරංචි ඇතුළත් කිරීමේප්‍රකාශකරන්නේ ආගමික බැඳීම් නොසළකා සියළු මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයට යන බවයි.

5. අවසාන වශයෙන් ශුභාරංචි ඇතුළත් කිරීමේ දරන්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හිතාමතාම හා දැනුවත්ව ප්‍රතික්ෂේප කරන අය පමනක් ඔහුගේ වරප්‍රසාදයෙහි "පලතුරුවල රස බැලීමෙන්" පසුව දෙවියන් වහන්සේගෙන් වෙන්ව සදාකාලිකව ගත කරනු ඇති බවයි.

ශුභාරංචි ඇතුළත් කිරීමේ යේසුස් වහන්සේගේ හා බයිබලයෙහි පැහැදිලි ඉගැන්වීමට පටහැනිය. ගැළවීම සඳහා ඇති එකම මාර්ගය යේසුස් වහන්සේ තුළින් බව යොහාන් ශුභාරංචිය පැහැදිලිවම පවසයි. (යොහාන් 14:6) වැටී ඇති මනුෂ්‍යය වර්ගයාට ගැළවීම ලබා ගැනීම සදහා දෙවියන් වහන්සේ යේසුස්ව ලෝකයට එවා ඇත. නමුත් එම ගැළවීම ලබා ගත හැක්කේ ඔවුන්ගේ පාපයට දෙවියන් වහන්සේගේ වන්දිය ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට පමණි (යොහාන් 3:16) ප්‍රේරිතයන් එම පණිවිඩය ප්‍රතිරාවය කරයි. (එපීස 2:8-9, 1ප්‍රේතෘස් 1:8-9, යොහාන් 5:13) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු ක්‍රියාවන් මත පදනම්ව ගැළවීම ලබා ගැනීම සඳහා යේසුස් කළ දෙය ප්‍රමාණවත් යැයි විශ්වාස කිරීමයි.

ඇදහිල්ල සමඟාමීව පසුතැවීමයි. පසුතැවීම යනු ඔබගේ පාපය පිළිබඳ මතය වෙනස් කිරීම සඳහා ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම සඳහා අවශ්‍යතාවයයි (ක්‍රියා 2:38). පසුතැවීමේ ක්‍රියාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි ගැළවීම කරා යන බව අප පිළිගන්නා අතර එබැවින් අපි පසුතැවිලි වෙමු. "පසුතැවිලි වන්න" යන ග්‍රීක වචනයෙහි තේරුම "ඔබේ මනස වෙනස් කිරීම" අපගේ පාපයන්ගෙන් අපි ඉවත්වී ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේ සොයන්නෙමු.

පසුතැවිලිවී විශ්වාස කිරීමට කැමති සියල්ලන්ට යේසුස් ගැළවීම ලබා දෙයි ( යොහාන් 3:16). කෙසේ වෙතත් යේසුස් වහන්සේම පැවසුවේ සැම කෙනකුම විශ්වාස නොකරන බවයි (මතෙව් 7:13-14, යොහාන් 3:19). ප්‍රේමණීය හා කරුණාවන්ත දෙවි කෙනෙක් මිනිසුන්ව නිරයට යවනූ ඇතැයි සිතීමට කිසිවෙකු කැමති නැත. නමුත් බයිබලය උගන්වන්නේ එයයි. එඩේරෙක් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන ආකාරයට මනුෂ්‍යය පුත්‍රයා සියළු ජාතින් වෙන් කරන බව යේසුස් පවසයි. බැටළුවන් (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම ලබාගත් අය නියෝජනය කරයි). යේසුස් සමඟ රාජ්‍යයට යයි. එළුවන් (යේසුස් දෙන ගැළවීම ප්‍රතික්ෂේප කළ අය නියෝජණය කරමින්) නිරයට යනු ඇත. එය සදාකාළික ගින්නක් ලෙස විස්තර කෙරේ. (මතෙව් 25:31-46) මෙම ඉගැන්වීම බොහෝ දෙනෙක්ගේ සිත් රිදවන අතර ඔවුන්ගේ චින්තනය දේවවචනය පිළිබඳ පැහැදිලි ඉගැන්වීමකට අනුකුළ කරනවා වෙනුවට සමහරු බයිබලය පවසන දේ වෙනස්කර මෙම ව්‍යාජ ඉගැන්වීම පතුරවති. ශුභාරංචි ඇතුළත්කිරීම මෙයට නිදසුනකි.

ඇතුළත් කිරීමේ ශුභාරංචියට එරෙහිව අමතර තර්ක කීපයක් මෙන්න.

1. ගැළවීමක ත්‍යාගය ලැබීමට ඇදහිල්ල හා පසුතැවීම අවශ්‍යය නොවන්නේ නම්, පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබේ ඇදහිල්ල තැබීමට නව ගිවිසුමේ කැඳවීම් පිරී ඇත්තේ ඇයි?

2. ගැළවීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ වැඩ නිම කිරීම කෙරෙහි ඇදහිල්ල අවශ්‍යය නොවන්නේ නම්, යේසුස් වහන්සේ මෙතරම් නින්දිත හා අතිශය වේදනාකාරී මරණයකට යටත් වූයේ ඇයි? දෙවියන් වහන්සේට සෑමකෙනකුටම දිව්‍යයසමාවක් ලබා දිය හැකිව තිබුණා.

3. සියළු මිනිසුන් එය තේරුම් ගත්තත් නැතත් ස්වර්ගයට යන්නේ කෙසේද? එසේ නම් නිදහස් කැමැත්ත ගැන කුමක් කිව හැකිද? අදේවවාදියා තම ජීවිතය ගත කළ දෙවියන්, බයිබලය, යේසුස් සහ ක්‍රිස්තියානි ධර්මය ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ කැමැත්තට විරුද්ධව ස්වර්ගයට ඇද ගෙන යනු ඇද්ද? ශුභාරංචි අන්තර්ගතයේ පෙන්නුම් කරන්නේ ස්වර්ගය එහි සිටීමට අවශ්‍යය නොවන අයගෙන් පිරී ඇති බවයි.

4. පරස්පර විරෝධී ප්‍රකාශයන් ඉදිරිපත් කරන බොහෝ ආගම් තිබේ නම්, ආගමික බැඳීම් නොසලකා මිනිසුන් ස්වර්ගයට යන්නේ කෙසේද? නිදසුනක් වශයෙන් පුනරුත්පත්තිය හෝ සමුල ඝාතනය වැනි මරණින් මතු ජීවිතය පිළිබඳ සම්පූර්ණයෙන්ම වෙනස් දේ විශ්වාස කරන පූද්ගලයින් ගැන කුමක් කිව හැකිද? (එනම් මරණින් පසු අප පැවැත්මෙන් පසුව යන අදහස).

5. අවසාන වශයෙන් දෙවියන්ගේ කරුණාව විවෘතව ප්‍රතික්ෂේප කරන අය ස්වර්ගයට නොයන්නේ නම්, එය ඇතුළත් කිරීමේ ශුභාරංචියක් නොවේද? සියළු මිනිසුන් ස්වර්ගයට නොයන්නේ නම් එය ඇතුළත් කිරීමේ ශුභාරංචිය ලෙස නොකියන්න. මන්ද එය තවමත් සමහරුන් බැහැර කරයි.

ප්‍රේරිත පාවුල් ශුභාරංචියේ පණිවිඩය මරණයේ සුවඳ ලෙස හැඳින්වීය. (කොරින්ති 2:16) ඔහු මෙයන් අදහස් කළේ බොහෝ දෙනකුට ශුභාරංචියේ පණිවිඩය අහිතකර බවයි. එය ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව මිනිසුන්ව ඔවුන්ගේ පාපය හා බලාපොරොත්තු රහිත පිළිබඳ සත්‍යය පවසයි. තමන් සහ දෙවියන් අතර ඇති පරතරය පියවා ගැනීමට ඔවුන්ට කළ හැකි කිසිවක් නැති බව එය මිනිසුන්ට පවසයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ බොහෝ අය පල්ලියට ඇතුළත් කර ගැනීම සඳහා ශුභාරංචියේ පණිවිඩය මෘදු කිරීමට උත්සහ කළ අය (හොඳ චේතනා ඇති බොහෝ දෙනෙක්) සිටිති. මතුපිටින් එය කළ යුතු ඥාණවන්ත දෙයක්සේ පෙනේ. නමුත් අවසානයේ එය කරන්නේ මිනිසුන්ට ව්‍යාජ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දීම පමණි.

තමා දේශණය කළ දෙයට වඩා වෙනස් ශුභාරංචියක් දේශනා කරන ඕනැම කෙනෙකුට ශාප කළ යුතු බව පාවුල් පැවසීය. (ගලාති1:8) එය ශක්තිමත් භාෂාවකි. නමුත් ශුභාරංචියේ පණිවිඩය කෙතරම් වැදගත්ද යන්න ඔබ වටහා ගත්, එය නිවැරදිව ලබා ගැනීම කෙතරම් වැදගත්ද යන්න ඔබට වැටහේ බොරු ශුභාරංචියක් කිසිවෙකුටත් නැත. ඒ සියල්ලේ වැඩි පිරිසක් නිරයට හෙළා දමන අතර ඇතුළත් කිරීමේ ශුභාරංචිය වැනි අසත්‍යයන් ඉදිරිපත් කරන අයට වැඩි හෙළා දැකීමක් ඇති කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුභාරංචි ඇතුළත් කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries