settings icon
share icon
ප්‍රශ්නය

නරක මිනිසුන්ට යහපත්දේ සිදුවීමට දෙවියන්වහන්සේ ඉඩ හැර ඇත්තේ ඇයි?

පිළිතුර


මෙම ප්‍රශ්නය එහි ප්‍රතිවිරුද්ධ දෙයට සමානය: "දෙවියන්වහන්සේ යහපත් මිනිසුන්ට අයහපත්දේ කිරීමට ඉඩ දෙන්නේ මන්ද?" මෙම ප්‍රශ්න දෙකම යොමු වන්නේ අප දිනපතා දකින ව්‍යාකූල අසාධාරණය ලෙස ය. 73 වන ගීතිකාව ගීතිකා කරුට වධ දුන් ප්‍රශ්න වලටම අපගේ පිළිතුරයි. දරුණු දුක්ඛිත තත්වයක හා ආත්ම වේදනාවෙන් පෙළෙන ඔහු මෙසේ ලියයි. "එහෙත්, මාගේ පාද ලිස්සා ගොස් තිබුණි. මට මගේ අඩි පාර නැතිවී තිබුණි. මක්නිසාද දුෂ්ටයන්ගේ සමෘද්ධිය දුටුවිට මම උඩඟු අයට ඊර්ෂ්‍යා කළෙමි" (ගීතාවලිය 73:2-3).

මෙම ගීතිකාවේ ලේඛකයා අසාෆ් නම් මිනිසෙකි. ඔහු දේව මාලිගාවේ එක් ගීතිකා කණ්ඩායමක නායකයෙකි. නිසැකවම, ඔහු ධනවත් මිනිසෙකු නොව, දෙවියන්වහන්සේට සේවය කිරීම සඳහා තම ජීවිතය කැප කළ අයෙකි (1 ලේකම් 25 බලන්න). නමුත් අප මෙන්ම ඔහුද යම් යම් දුෂ්කරතා අත්විඳ ඇති අතර ඒ සියල්ලේඅසාධාරණය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. තමා අවට සිටින නපුරු මිනිසුන් තමන්ගේම නීතිරීති අනුව ජීවත්වීම, ලෝකයේ සියලු ධනය හා සැප සම්පත් භුක්ති විඳීම සහ ධනය එකතු කිරීම ඔහු බලා සිටියේය. ඔහු චෝදනා කරන්නේ, "ඔවුන්ට කිසිදු අරගලයක් නැත; ඔවුන්ගේ ශරීර නිරෝගී සහ ශක්තිමත්ය. ඒවා මිනිසාට පොදු බරින් නිදහස් ය; ඒවා මිනිස් රෝගවලින් පීඩා විඳින්නේ නැත" (ගීතාවලිය 73: 4-5).

අසාෆ් ප්‍රශ්න නැති මේ අය දෙස බලා සිටියේය. ඔවුන්ට ඔවුන්ගේ බිල් ගෙවිය හැකිය. ඔවුන්ට කෑමට ඕනෑ තරම් හා සුඛෝපභෝගී දේවල් තිබුණා. නමුත් දුප්පත් අසාෆ් ගායනා කණ්ඩායම මෙහෙයවීම හා දේව භක්තික ජීවිතයක් ගත කිරීම සඳහා හිරවී සිටියේය. තත්වය තවත් නරක අතට හැරවීමට නම්, දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔහුගත් තේරීම ඔහුට උපකාර කරන බවක් නොපෙනුණි. ඔහු මේ අයට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. දෙවියන්වහන්සේ එවැනි දෙයක් සිදුවීමට ඉඩ දෙන්නේ ඇයි කියා ප්‍රශ්න කිරීමට පවා පටන් ගත්තා.

ආසාෆ් හා තත්වයට අප කොපමණ වාරයක් පත්වන්නේද? අපි දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා අපගේ ජීවිත කැප කරමු. අප මූල්‍යමය වශයෙන් අරගල කරන අතරම, අප අවට සිටින දුෂ්ට, අභක්තික මිනිසුන්ට නව දේපළ, සුඛෝපභෝගී නිවාස, උසස්වීම් සහ අලංකාර ඇඳුම් ලබා දෙන බව අපි දකිමු. පිළිතුර ඉතිරි ගීතිකාවේ ඇත. ඉතා වැදගත් දෙයක් තේරුම් ගන්නාතෙක් අසාෆ් මෙම නපුරු මිනිසුන්ට ඊර්ෂ්‍යා කළේය. ඔහු දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයට ඇතුළුවූ විට ඔවුන්ගේ අවසාන ඉරණම ඔහු හොඳින් වටහා ගත්තේය. "මම මේ සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කළ විට, මම දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ඇතුළුවන තුරු එය මට පීඩාකාරී විය. එවිට ඔවුන්ගේ අවසාන ඉරණම මට වැටහුණි. නියත වශයෙන්ම ඔබ ඒවා ලිස්සන බිමක තබන්න; ඔබ ඔවුන්ව විනාශ කරන්න. ඔවුන් හදිසියේම විනාශවී, භීෂණයෙන් මුළුමනින්ම අතුගා දමනු ලැබේ! යමෙක් අවදිවනවිට සිහිනයක් මෙන්, ස්වාමීනි, ඔබ නැඟිටින විට ඔබ ඒවා මනංකල්පිතයන් ලෙස හෙළාදකිනු ඇත" (ගීතාවලිය 73:16-20). මිහිපිට තාවකාලික ධනය ඇති අය යථාර්ථයේදී අධ්‍යාත්මික හිඟන්නන් වන්නේ ඔවුන්ට සැබෑ ධනය නොමැති සදාකාල ජීවනය නිසාය.

අපට සිදුවන්නේ කුමක්ද යන්න අපට නොතේරෙන අවස්ථා බොහෝමයක් ඇත, එසේම සැපයීම ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අපට නොතේරේ. අසාෆ් දෙවියන්වහන්සේගේ ශුද්ධස් ථානයට ඇතුළුවූ විට දුෂ්ටයන්ගේ සමෘද්ධිය ගැන ඊර්ෂ්‍යා කිරීමේ අවශ්‍යතාවක් නැති බව ඔහු තේරුම් ගත්තේය. පුරාණ රැවටිලි කාරයා වන සාතන් දෙවියන්වහන්සේගේ යථාර්ථය හඳුනා ගැනිමට බාධා කිරීම සඳහා බොරු භාවිතා කර ඇති බව ඔහු තේරුම් ගැනීමට පටන් ගත්තේය. අතී ශුද්ධ ස්ථානයට ඇතුළුවූවිට, සමෘද්ධිය යනු සුළු මොහොතකට පමණක් අපව සතුටු කරන ප්‍රසන්න සිහිනයක්මෙන්, සමෘද්ධිය යනු ක්ෂනික ඉටුවීමක් බව වටහා ගත් නමුත්, අප අවදිවූවිට, එය සැබෑ නොවන බව අපට වැටහේ. අසාෆ් තමාගේම මෝඩකම ගැන තරවටු කරයි. දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා කිරීමට හෝ විනාශවන අයට ඊර්ෂ්‍යා කිරීමට "මෝඩ හා නූගත්" බව ඔහු පිළිගනී (ගීතාවලිය73:22). මැවුම් කරුවාණන් තුළ තමාට ඇති ප්‍රීතිය, ඉටුවීම සහ සැබෑ අධ්‍යාත්මික සමෘද්ධිය අවබෝධවූ විට ඔහුගේ සිතුවිලි දෙවියන්වහන්සේ තුළ තමාගේම සතුටට නැවත පැමිණියේය.

අපට අවශ්‍ය සෑම දෙයක්ම මේ පොළොවේ අපට නොතිබිය හැකි නමුත්, අපගේ ස්වාමීන්වන යේසුස්ක්‍රිස්තුස්වහන්සේ තුළින් යම් දවසක සදාකාලයටම සමෘද්ධිමත් වන්නෙමු. අනෙක් මාර්ගය අත්හදා බැලීමට අප පෙළඹෙන සෑම අවස්ථාවකම අනෙක් මාර්ගය මළ කෙළවරක් බව අප මතක තබා ගත යුතුය (මතෙව් 7:13). නමුත් යේසුස්වහන්සේ තුළින් අපට ඉදිරියෙන් ඇති පටු මාර්ගය සදාකාල ජීවනයට යන එකම මාර්ගයයි. එය අපගේ ප්‍රීතිය හා සැනසීම විය යුතුය. "ඔබ හැර මා හට ස්වර්ගයේ සිටින්නේ කවුද? ඔබ හැර වෙන කිසිවෙක්වත් පොළොවේ මට නැත .මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශ වන්නෝය. මිථ්‍යාචාර ලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශ කළ සේක. දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශ කරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කර ගතිමි" (ගීතාවලිය 73:25,27,28).

නරක මිනිසුන්ට යහපත් දේ සිදුවන විට අප අප ගැන සැලකිලිමත් විය යුතු නැත. අප කළයුත්තේ අපගේ මැවුම්කරුවාණන් කෙරෙහි අපගේ අවධානය යොමු කර උන්වහන්සේගේ ශුද්ධ වචනයේ ද්වාරය හරහා සෑම දිනකම උන්වහන්සේ ඉදිරියෙහි ඇතුල්වී මයි. එහිදී අපට සත්‍යය, තෘප්තිය, අධ්‍යාත්මික ධනය හා සදාකාලික ප්‍රීතිය ලැබේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නරක මිනිසුන්ට යහපත්දේ සිදුවීමට දෙවියන්වහන්සේ ඉඩ හැර ඇත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries