settings icon
share icon
ප්‍රශ්නය

මම යහපත් (හොඳ) කිතුනුවකු වන්නේ කෙසේද?

පිළිතුර


කිතුනු (ක්‍රිස්තියානි) ජීවිතයේ පිරික්සුම් ලැයිස්තුවක් තිබේ නම් එය හොඳ නොවේද? අප “යහපත් කිතුනුවන්” වීම සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ලබා දීම සඳහා වූ වට්ටෝරුවක්ද? ජීවිතයේ සමහර දේවල් ඒ ආකාරයට වැඩ කරයි. ඇත්ත වශයෙන්ම, අනුගමනය කළ වට්ටෝරු පවා සැමවිටම සිදු නොවේ. කාලගුණයේ බලපෑම්, අමුද්‍රව්‍යවල සුළු වෙනස්කම්, උඳුනේ උෂ්ණත්වයේ විචලනය හෝ වෙනත් සාධක ගණනාවක් ගැන ගණන් දීමට ඔවුහු අසමත් වෙති. තවද “හොඳයි” ඇත්තේ අනුභව කරන්නාගේ රස අංකුර වල ය. යහපත් කිතුනුවකු වීමට කුමක් කළ යුතුද?

දිනපතා ඔබේ බයිබලය කියවීම, අවම වශයෙන් දිනකට දෙවරක් යාච්ඤා කිරීම, සභාවේ සේවය කිරීම, දසයෙන් කොටස, මිෂනාරිවරයෙකුට සහයෝගය දැක්වීම, එවැන්ජලිස්තකරණය සහ ඒ හා සමාන දේ එහි තේරුම බව බොහෝ දෙනෙක් කියනු ඇත. මේ සියල්ල කිතුනුවන් සඳහා ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරකම් වන නමුත් කිතුනු (ක්‍රිස්තියානි) ජීවිතය යනු ඒවා නොවේ.

කිතුනුවකු යනු ක්‍රිස්තුස්වහන්සේ තුළ අලුත් කරවා (2 කොරින්ති 5:17) දෙවියන්වහන්සේ සමඟ සබඳතා යථා තත්වයට පත් කළ අයෙකි. කිතුනු (ක්‍රිස්තියානි) ජීවිතය නම් දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීම, උන් වහන්සේ භුක්ති විඳීම සහ උන්වහන්සේට ගෞරවය ගෙන දීමයි (යෙසායා 43: 7; 2 කොරින්ති 3:18; යොහන් 17:1-5, 22). අපි දෙවියන් වහන්සේව දැනගත් විට යම් යම් ක්‍රියාවන් ස්වභාවිකව සිදු වන බව සත්‍යයකි. යේසුස්වහන්සේ පැවසුවේ, “මම අණ කරන දේ ඔබ කරන්නේ නම් ඔබ මගේ මිතුරන්” (යොහන් 15:14). නමුත් ඊට පෙර උන්වහන්සේ කීවේ, “මම සැබෑ මිදි වැල මගේ පියා උයන්පල්ලා ය. ... මා තුළ රැඳී සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. කිසිදු අත්තකට තනිවම පල දැරීමට නොහැකිය; එය මිදි වැල තුළ තිබිය යුතුයි.” ඔබ මා තුළ නොසිටින්නේ නම් ඔබට පල දරා ගත හැකිද .... ඔබ මාගේ ගෝලයන් බව පෙන්වමින් ඔබ බොහෝ පල දරා සිටීම මාගේ පියාණන්වහන්සේගේ මහිමයට හේතු වේ. “පියාණන්වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමත් ඔබට ප්‍රේම කළෙමි. දැන් මගේ ආදරයේ රැඳී සිටින්න. මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපදිමින් උන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතිනවාක් මෙන් ඔබ මාගේ ආඥා පිළිපදින්නේ නම්, ඔබ මාගේ ප්‍රේමයෙහි පවතිනු ඇත. මම මෙය ඔබට කීවේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත් ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්ය” (යොහන් 15:1-11) දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ සිටින්න, එබැවින් උන්වහන්සේගේ ප්‍රීතිය අත්විඳින්න.

“යහපත් කිතුනුවකු” වීම යනු යම් යම් ක්‍රියා සිදු කිරීම නොවේ. එය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇල්ම වැඩීම සහ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට අපේ හදවත් හා ජීවිත වෙනස් කිරීමට ඉඩ දීම ගැන ය. යේසුස්වහන්සේ අපගේ ඇදහිල්ලේ කර්තෘ හා පරිපූර්ණයා ය (හෙබ්‍රෙව් 12:2), අපේ ජීවිත සඳහා වට්ටෝරු-රචකයා සහ රස පරීක්‍ෂක. අපි දෙවියන්වහන්සේව දැන උන් වහන්සේව මහිමයට පත් කිරීමට උත්සාහ කරන විට, අපි උන්වහන්සේට භුක්ති විඳීමට ද පුළුවනි (ගීතාවලිය 73:25-26). යහපත් කිතුනුවා දෙවියන්වහන්සේව දන්නා අතර දෙවියන්වහන්සේ භුක්ති විඳින අතර කරුණාවෙන් වැඩෙයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම යහපත් (හොඳ) කිතුනුවකු වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries