settings icon
share icon
ප්‍රශ්නය

රන් අණ යනු කුමක්ද?

පිළිතුර


"රන් අණ" යනු කන්ද උඩදේ ශනාවේදී යේසුස්වහන්සේ ඉගැන්වූ මූලධර්මය කට දෙන ලද නමකි. "කන්ද උඩ දේශනාව" යන වචනද සොයා ගත නොහැකි සේම "රන් අණ" යන සැබෑ වචන ශුද්ධ ලියවිල්ලෙහි නොමැත. බයිබල් පාඩම් (ඉගැන්විම්) ටිකක් පහසු කිරීම සඳහා මෙම මාතෘකා පසුව බයිබල් පරිවර්තන කණ්ඩායම් විසින් එකතු කරන ලදී. "රන් අණ" යන යෙදුම මෙම යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වලට 16 සිට 17 වන සියවස් වලදී ආරෝපණය කිරීමට පටන් ගත්තකි.

රන් අණ ලෙස අප හඳුන්වන දේ මතෙව් 7:12 හී සඳහන් වේ: "එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරනවාට නුඹලා කැමතිද , නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. මක්නිසාද ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යත් මෙය." යේසුස්වහන්සේ මිනිස් හදවත හා එහි ආත්මාර්ථ කාමිත්වය දැන සිටියේය. ඇත්ත වශයෙන්ම, පෙර පදයේ, ඔහු මනුෂ්‍යයන් සහජයෙන්ම "නපුර" ලෙස විස්තර කරයි (11 පදය). ස්වාභාවිකවම ආත්මාර්ථකාමී මිනිසුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් මැන බැලීමට හැකි ප්‍රමිතියක් යේසුස්වහන්සේ රන් අණ තුලින් අපට ලබා දෙයි: අන් අයට ඔවුන් කැමති ලෙස සැලකිමට ක්‍රියාශීලී වන්න.

ඉංග්‍රිසි සම්මත අනුවාදය මේ ආකාරයට රන් අණ පරිවර්තනය කරයි: "අන් අය විසින් ඔබට කරනු ඇතැයි ඔබ කැමති ආකාරයට ඔවුන්ටත් එසේ කරන්න. මක්නිසාද එය නීතිය සහ අනාගත වාක්‍යයත්ය." යේසුස්වහන්සේ විසින් මුලු පරණ ගිවිසුමම එක් මූලධර්මයකින් ඉතා කෙටියෙන් විස්තර කර ඇත. ලෙවීකථාව19:18 සිට: "ඔබේ සෙනඟ අතරේ කිසිවෙකුට පළිගැනීමට හෝ අමනාපවීමට ඉඩ නොදෙන්න, නමුත් ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මම ස්වාමීන්වහන්සේ වෙමි."නැවතත්, මිනිසුන් ස්වභාවයෙන්ම තමන්ට ආදරය කරන අය බව අපට පෙනේ. එම ආඥාව මිනිස් දෝෂය අන්‍යයන්ට සලකන ආකාරය ආරම්භ කිරීමට ස්ථානයක් ලෙස යොදා ගනී.

මිනිසුන් විශ්වීය වශයෙන් ගෞරවය, ආදරය සහ අගය ඉල්ලාසි ටියි. යේසුස් වහන්සේ මෙම ආශාව තේරුම්ගෙන දේව භක්තික හැසිරීම ප්‍රවර්ධනය කිරීමට එය භාවිතා කළේය. ඔබට ගෞරවය පෙන්වීමට අවශ්‍යයද? ඉන් පසු අන් අයට ගරු කරන්න. ඔබ කාරුණික වචනයට ආශා කරනවාද? ඉන් පසු අන් අයට කරුණාවන්ත වචන කතා කරන්න. "ලැබීමට වඩා දීම භාග්‍යයක්" (ක්‍රියා 20:35). රන් අණ ද දෙවන ශ්‍රේෂ්ඨ ආඥාවේ කොටසකි, එම ආඥාව දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමේ ආඥාවෙන් ඇරඹේ (මතෙව් 22:37-39).

රන් අණ ගැන සඳහන් කළ යුතු සිත් ගන්නා කරුණ නම් වෙනත් කිසිදු ආගමික හෝ දාර්ශනික පද්ධතියකට සමානත්වයක් නොමැති වීමයි. කිතුනු නොවන සදාචාරවාදීන් විසින් පොදුවේ පිළිගත් "පරස්පරතා ආචාරධර්ම" යේසුස්වහන්සේගේ රන් අණ නොවේ. ලිබරල් විවේචකයින් සහ ලෞකික මානවවාදීන් නිතරම රන් අණ තුල ඇති සුවිශේෂත්වය පහදාදීමට උත්සාහ දරන්නේ එය සියලු ආගම් විසින් බෙදා ගන්නා පොදු ආචාර ධර්මයක් බවයි. මෙය එසේ නොවේ. යේසුස්වහන්සේගේ ආඥාවට සියුම් නමුත් ඉතා වැදගත් වෙනසක් ඇත. පෙරදිග ආගම්වල කියමන් සමීක්ෂණයකින් මෙය පැහැදිලි වනු ඇත:

• කොන්ෆියුෂියානු වාදය: "අන් අය ඔබට කරනවාට ඔබ අකමැතිදේ ඔවුන්ට නොකරන්න" (ඇනලෙක්ට්ස් 15:23)

• හින්දු ධර්මය: "මෙය රාජකාරියේ එකතුවයි: ඔබට වේදනාවක් ගෙන දෙන දේ අන් අයට නොකරන්න" (මහා භාරත 5:1517)

• බුද්ධාගම: "ඔබටම රිදවන අයුරින් අන් අයට හිංසා නොකරන්න" (උදවන වර්ගා 5:18)

මෙම කියමන් රන් අණට සමාන නමුත් ඒවා නිෂේධාත්මකව ප්‍රකාශකර නිෂ්ක්‍රියතාව මත රඳා පවතී. යේසුස්වහන්සේගේ රන් අණ යනු ප්‍රේමය කල්තියා පෙන්වීමට ධනාත්මක ආඥාවකි. පෙරදිග ආගම් පවසන්නේ "කිරීමෙන් වළකින්න"; "කරන්න!" කියා යේසුස්වහන්සේ පවසයි. පෙරදිග ආගම් පවසන්නේ ඔබේ නිෂේධාත්මක හැසිරීම පාලනය කිරීම ප්‍රමාණවත් බවයි. ධනාත්මකව ක්‍රියා කිරීමට ක්‍රම සොයන්න කියා යේසුස්වහන්සේ පවසයි. කිතුනු නොවන කියමන්ගේ "ප්‍රතිලෝම" ස්වභාවය නිසා ඒවා "රිදී රීතිය" ලෙස විස්තරකර ඇත.

පෙරදිග ආගම් වලින් රන් අණට පිළිබඳ අදහස "ණයට ගත්" බවට සමහරු චෝදනා කරති. කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ කොන්ෆියුෂියානු වාදය, හින්දු හා බුද්ධාගම සඳහාවූ ග්‍රන්ථ සියල්ලම ක ක්‍රි.පූ. 500 ත් 400 ත් අතර කාලයකදී ලියා ඇත. ක්‍රිස්තු පූර්ව 1450 දී පමණ ලියන ලද ලෙවී කථාවෙන් යේසුස්වහන්සේ රන් අණ ලබා ගනී. ඉතින්, රන් අණ සඳහා යේසුස් වහන්සේගේ මූලාශ්‍රය "රිදී පාලනය" ට අවුරුදු 1000 ක් පමණ පුරෝ කථනය කරයි. කවුරුන්ගෙන් "ණයට" ගත්තේද?

ආදරය කිරීමේ ආඥාව යනු ක්‍රිස්තියානි ආචාරධර්ම අනෙක් සෑම ආගමකම ආචාර ධර්මවලින් වෙන් කිරීමයි. ඇත්ත වශයෙන්ම, ප්‍රේමය ජයග්‍රහණය කිරීම සඳහා බයිබලයෙහි සතුරාට පවා ප්‍රේම කිරීමේ මුල ධර්මය තුල ආඥාව ඇතුළත් වේ (මතෙව් 5:43-44; නික්මයාම 23:4-5). මෙය වෙනත් ආගම් වල අසා නැති දෙයක්.

අන්‍යයන්ට ප්‍රේම කිරීම සඳහා ක්‍රිස්තියානි නායකත්වයට අවනතවීම සැබෑ කිතුනුවකුගේ සලකුණකි (යොහන් 13:35). ඇත්ත වශයෙන්ම, කිතුනුවන් අන් අයට ද ක්‍රියාශීලීව ආදරය නොකරන්නේ නම් දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව ප්‍රකාශ කළ නොහැක. "මම දෙවියන්වහන්සේට ආදරෙයි" කියා යමෙකු තම සහෝදරයාට වෛර කරන්නේ නම් ඔහු බොරු කාරයෙකි. මක්නිසාද තමා දුටු තම සහෝදරයාට ප්‍රේම නොකරන තැනැත්තාට තමා දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කළ නොහැක" (1 යොහන් 4:20). රන් අණට මෙම අදහස වටහා ගෙන ඇති අතර එය යුදෙව්-ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ලට සුවිශේෂී වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

රන් අණ යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries