settings icon
share icon
ප්‍රශ්නය

දේවභක්තික දෙමව්පියන් සෑම විටම දේවභක්තික දරුවන් ඇති කරන බවට බයිබලය පොරොන්දු වෙනවාද (හිතෝපදේශ 22:6)?

පිළිතුර


හිතෝපදේශ 22:6 හී මෙසේ සඳහන් වේ. "දරුවෙකු යා යුතු මාර්ගයේ ඔහුව පුහුණු කරන්න / ඔහු වයසට ගියත් ඔහු එයින් ඉවත් වන්නේ නැත."

දේවවචනයෙන් දරුවන් ඇති දැඩි කිරීම සැමවිටම වැඩිහිටියන් ලෙස දෙවියන් වහන්සේව අනුගමනය කරන දරුවන්ට හේතු වන බවට මෙම පදය පොරොන්දු වේද? දරුවන් කැරලි ගසන දේවභක්තික දෙමාපියන් ගැන කුමක් කිව හැකිද?

හිතෝපදේශ, සාහිත්‍යමය ස්වරූපයක් ලෙස, සෘජු පොරොන්දු නොවේ; ඒ වෙනුවට, ඒවා සාමාන්‍යයෙන් සත්‍ය වන ජීවිතයේ සාමාන්‍ය නිරීක්ෂණ වේ.

සමහර දෙමව්පියන් තම දරුවා දෙවියන්වහන්සේව අනුගමනය කිරීම සඳහා විශ්වාසවන්තව ඇති දැඩි කරන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට මෙය උපකාරී වේ, නමුත් දරුවා වැඩිහිටියෙකු ලෙස දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසයි.

හිතෝපදේශ 22:6 උගන්වන්නේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට හැදී වැඩුණු දරුවෙකු වැඩිහිටියෙකු ලෙස දිගටම කරගෙන යන බවයි. මීට වසර 3,000 කට පෙර සිට ජීවිතය නිරීක්ෂණය කිරීම මෙය වූ අතර, එය අදටත් ඔප්පු වෙමින් පවතී. බොහෝ කිතුනු දෙමව්පියන් තම දරුවන් දේවභක්තිකව හදා වඩා ගන්නා අතර වැඩිහිටියන් ලෙස දෙවියන්වහන්සේට ප්‍රේම කරන දරුවන්ගේ උරුමයක් ඉතිරි වේ. "ස්වාමින්වහන්සේගේ පුහුණුව හා උපදෙස්" තුළ දරුවෙකු ඇති දැඩි කිරීම (එපීස 6:4) පසුකාලීන ජීවිතයේ දී දරුවා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා ගැනීමේ සම්භාවිතාව නාටකාකාර (චමත්කාර ජනක) ලෙස වැඩි කරයි.

තිමෝතිගේ ජීවිතයේ විශිෂ්ට බයිබලානුකුල උදාහරණයක් සොයාගත හැකිය.

2 තිමෝති 1:5 හී පාවුල් මෙසේ පවසයි. "ඔබේ ආච්චි ලොයිස් සහ ඔබේ මව යුනිස් තුළ මුලින්ම ජීවත් වූ ඔබගේ අවංක ඇදහිල්ල මට මතක් වේ, මට ඒත්තු ගැන්වී ඇත, දැන් ඔබ තුළද වාසය කරයි." තිමෝතිගේ මව සහ ආච්චි යන දෙදෙනාම දෙවියන්වහන්සේට ප්‍රේම කළ අතර තිමෝතිවද එසේ කිරීමට හදා වඩා ගත්හ. තිමෝති යෞවනයෙකු ලෙස මිෂනාරි සහායකයෙකු ලෙස පාවුල් සමඟ එකතු වූ අතර ඔහුගේ විශ්වාසවන්ත සගයන්ගෙන් කෙනෙකු බවට පත්විය. අළුත් ගිවිසුමේ තිමෝති මිෂනාරිවරයෙකු, ප්‍රේරිතයන්ගේ සහායකයා සහ දේවගැතිවරයා ලෙස විසිපස් වතාවක් සඳහන් කරයි.

ඉතිහාසය පුරාම සිදු වූවාක් මෙන් අදත් දේවභක්තික දෙමව්පියන් අත්‍යවශ්‍ය වේ. දෙවියන්වහන්සේට ප්‍රේම කරන හා උන්වහන්සේ උදෙසා ජීවත් වන දේවභක්තික තරුණ තරුණියන්ඇති දැඩි කිරීම සඳහා යතුර (ප්‍රධානින්) පියවරුන් සහ මව්වරුන් ය. දේවගැතිවරුන්, තරුණ නායකයින් සහ වෙනත් දේවභක්තික ආශීර්වාද තිබියදීත්, ක්‍රිස්තියානි ඇදහිල්ල අනුව ජීවත් වී තම දරුවන්ට භාර දෙන දේවභක්තික දෙමාපියන්ගේ භූමිකාව ප්‍රතිස්ථාපනය කිරීමට කිසිවෙකුට නොහැකිය. හිතෝපදේශ 22:6 හී කතුවරයාට නිවැරදිව කියා සිටිය හැක්කේ, "දරුවන් යා යුතු මාර්ගයෙන් ඔවුන්ව ආරම්භ කරන්න, / මහලු වූ විට පවා ඔවුන් එයින් ඉවත් නොවනු ඇත."

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවභක්තික දෙමව්පියන් සෑම විටම දේවභක්තික දරුවන් ඇති කරන බවට බයිබලය පොරොන්දු වෙනවාද (හිතෝපදේශ 22:6)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries