settings icon
share icon
ප්‍රශ්නය

ඥානවාදි සුභාරංචි ලියවිලි යනු කුමක්ද?

පිළිතුර


ඥානවාදි සුභාරංචි ලියවිලි ප්‍රකාශයට පත් කරන ලද්දේ මුල් කිතුනු ඥානවාදීන් විසිනි. කිතුනු යුගයේ ප්‍රථම ශත වර්ශයට පසුව සාධාර්මික කිතුනු ධර්මය සහ ඥානවාදී කිතුනු ධර්මය යනුවෙන් මුලික න්‍යායන් දෙකක් බිහිවිය. සාධාර්මික කිතුනුවන් වර්තමානයේ දී සාධාර්මික කිතුනු ධර්මය ලෙස සලකන දේවවචනයේ (බයිබලයේ) අඩංගු පොත් කෙරෙහි තදින් නැඹුරු වුහ. ඥානවාදී කිතුනුවන් (ඔවුන් සැබෑ කිතුනුවන් ලෙස හැදින්වේ නම්) දේවවචනය ගැනද, ගැලවීම ගැනද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනද, එමෙන්ම වෙනත් සියලූම ප්‍රධාන කිතුනු ඉගැන්වීම් ගැනද, බලනුයේ පැහැදිලිවම වෙනත් දෘෂඨි කෝණයකිනි. කෙසේ වුවද, මෙම විශ්වාසයන් සදහා අවශ්‍ය නීතිමය කරුණු ඇතුලත් අපෝස්තුඵවරුන් විසින් ලියන ලද ලියවිලි ඔවුන් සතුව නොතිබින.

ඥානවාදි සුභාරංචි ලියවිලි නිර්මානය වුයේ මෙම කරුණු උපයෝගි කර ගෙනය. මෙම ඥානවාදි සුභාරංචි ලියන ලද්දේ ප්‍රසිද්ධ කිතුනු චරිත වන තෝමස් පිලිප් සහ මරියා යයි ඔවුන් සාවද්‍ය ලෙස පෙන්නුම් කරති. 1945 දී සොයා ගන්නා ලද දකුණු ඊජිප්තුවේ නැග් හමාඩි පුස්තකාලයේ තිබී හමුවු ඥානවාදි සුභාරංචි ලියවිලි රාශියක් බොහෝ විට “දේව වචනයේ” “අඩංගු නොමැති ලියවිලි” ලෙස හැදින්වේ.

ඥානවාදි සුභාරංචි ලියවිලි සම්බන්ධව අපගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද? එම ලියවිලි සියල්ලම හෝ සමහරක් දේවවචනයේ අඩංගු කළ යුතුද? නැත.එසේ විය යුතුද නැත. ප්‍රථමයෙන්ම සදහන් කළ යුත්තේ මෙම ඥානවාදි සුභාරංචි ලියවිලි, සාවද්‍ය වන බවද, එම ලියවිලි අපෝස්තඵවරුන්ගේ නමින් වංචා සහගතව පිලියෙල කර ඇත්තේ මුල් සභාව තුල එම ලියවිලි වලට නීතිමය භාවයක් ලබා දීම සදහාත් බවය. මුල් සභාවේ වැඩිහිටි අය මෙම ඥානවාදී සුභාරංචි ලියවිලි පිලිගැනීම සම්බන්ධව බොහෝදුරට එකමතික තීරණයක සිටීම සතුටු විය හැකි කරුණකි. ඥානවාදී සුභාරංචි ලියවිලි සහ මතෙව් මාර්ක් ලූක් යොහාන් යන අපෝස්තුඵවරුන් විසින් ලියන ලද සැබෑ සුභාරංචි ලියවිලි අතර කිව නොහැකි තරම් පරස්පරතාවයන් ඇත. මුල් ක්‍රිස්තියානි මිත්‍යාවාදයන් අධ්‍යයනය කිරීම සදහා මෙම ඥානවාදී සුභාරංචි ලියවිලි හොද මාර්ගයකි. එනමුත් එම ලියවිලි දේවවචනයට අයත් නොවන බැවින්ද, එමෙන්ම සත්‍යවාදි කිතුනු ඇදහිල්ල නියෝජනය නොකරන බැවින්ද, එම ඥානවාදී සුභාරංචි ලියවිලි සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඥානවාදි සුභාරංචි ලියවිලි යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries