settings icon
share icon
ප්‍රශ්නය

කෑදරකම පාපයක්ද? පමණට වඩා ආහාර ගැනීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


කෑදරකම නම් කිතුනුවන් විසින් නොසලකා හැරීමට කැමති පාපයකි. අප බොහෝවිට දුම්බීම හා මත්පැන් පානය පාපයන් ලෙස නම් කිරීමට ඉක්මන් වන අතර කුමණ හෝ හේතුවක් මත කෑදරකම පිලිගත හැකි නොහොත් ඉවසිය හැකි කාරණයක් බවට පත්ව ඇත. දුම්බීම හා මත්පැන් පානය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යය හා ඇබ්බැහිවීම් වලට විරුද්ධව නොයෙකුත් තර්ක ඉදිරිපත් කර ඇති සේම පමණට වඩා ආහාර ගැනීමටද ඒවා ඒ හා සමානව ආදාලවේ. බොහෝ ඇදහිලිවන්තයන් මුද්‍රිකපානය වීදුරුවක් ගැනීම හෝ එක් දුම් වැටියක් හෝ භාවිතා කිරීම ගැන සලකාවත් නොබලන නමුත් ආහාර මේසයේදී අධික ලෙස බඩ පුරා අනුභව කිරීම පිළිබඳව කිසිඳු සැකයක් ඇති නොකර ගනියි. මෙය එසේ සිදු විය යුත්තක් නොවේ.

හිතෝපදේශ 23:20-21 හි අපට අනතුරු අඟ වන්නේ “මුද්‍රිකපානයේ ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජු වූවන්ටවත් එක් නොවන්න, මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳු වන්නේය.” හිතෝපදේශ 28:7 කියා පාන අයුරු “ව්‍යවස්ථාව රක්‍ෂා කරන්නා ඥාණවත් පුත්‍රයෙක්ය. එහෙත් නාස්ති කාරයන්ගේ යහලුවා තමාගේ පියාව ලජ්ජාවට පමුණුවයි.” හිතෝපදේශ 23:2 ප්‍රකාශ වන ආකාරයට “නුඹ ගිජු කෙනෙක් නම් නු‍ෙඕ උගුරට පිහියක් තබා ගනින්න.”

භෞතිකව ඇතිවන ආහාර රුචිය නම් අපට අපව පාලනය කර ගැනීමේ හැකියාව පෙන්නුම් කරන සාදෘෂ්‍යයකි. අප ආහාර ගැනීමට පුරුදුවී ඇති ස්වභාවය අපට පාලනය කර ගත නොහැකි නම් අපගේ අනෙකුත් පුරුදු එනම් මනස හා සම්බන්ධ (කාම තෘෂ්ණාව, අන් සතු වස්තුන් වලට ඇති ආශාව, කෝපය) සහ අපගේ මුඛවල්, ඔපාදූප කථා කිරීම සහ ආරාවුල් ඇති කර ගැනීමෙන් වැළකී සිටිනානට නොහැකි වේ. ආහාර රුචියට අපව පාලනය කිරීමට ඉඩ නොදිය යුතු අතර ආහාර රුචිය අප විසින් පාලනය කර ගත යුතු වේ. ඕනෑම අතීරේකිව ඇති දෙයකට අවශ්‍ය නැත යයි කීමට ඇති හැකියාව, එනම් ආත්ම දමනය, සියලු ඇදහිලිවන්තයන්ට පොදු වූ ශුද්ධාත්ම ඵල වලින් එකකි (ගලාති 5:22).

දෙවියන් වහන්සේ මේ පොළොව ප්‍රණීත පෝෂ්‍යදායි සතුටුදායක ආහාර වලින් පුරවා අපට ආශීර්වාද කර ඇත. අප එම ආහාර භුක්ති විඳීමෙන් සහ නියමිත ප්‍රමාණයට අනුභව කිරීමෙන් දෙවියන් වහන්සේගේ මැවිල්ලට ගෞරවය කළ යුතුය. දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ, අපට අපගේ ආහාර රුචිය පාලනය කර ගැනීමට මිස ඒවාට අපව පාලනය කිරීමට නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කෑදරකම පාපයක්ද? පමණට වඩා ආහාර ගැනීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries