settings icon
share icon
ප්‍රශ්නය

අන් බසකින් කතා කිරීම යනු කුමක්ද?

පිළිතුර


අන් බසකින් කතා කිරීම ධාන්‍ය සුවයට පත්වූ තත්වයකදී තේරුම් ගත නොහැකි ප්‍රභෘෂ්ට අඛන්ඩ කියමනක දෘශ්විෂය ලෙස හදුන්වනු ලැබේ. අන් බසකින් කතා කිරීම සමහර විට අනිථි භාෂා ඥානය සමඟ එනම් බයිබලිය ආත්මික දීමනාවක් වන අන්‍යභාෂාවකින් කතා කිරීම සමග පටලැවෙන තත්වයකට පත්වේ. කෙසේ වුවද අන් බසකින් කතා කිරීම තේරුම් ගත නොහැකි බසකින් බහ තේරීමක් වන අතර, බයිබලීය අන්‍යභාෂාවකින් කතා කිරීම යනු කථිකයා කිසිදිනක ඉගෙන නොගත් භාෂාවක් චතුර ලෙස කතා කිරිම වේ.

එලෙසම, බයිබලීය අන්‍ය භාෂාවකින් කතා කිරීම සහජ හෝ හැකියාවක් නොවන අතර අන් බසකින් කතා කිරීම, ඉගැන්වීම් පෙන්වා දී ඇත්තේ එය ඉගෙනගත් හැසිරීමක් ලෙසය. ලුතරන් වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් පවත්වන ලද සමීක්‍ෂණයක් තුලින් පෙන්වා දෙන්නේ අන් බසකින් කතා කිරීම සරල උපදෙස් මඟින් සූදානම් වූ බවක්ය. සමරූපීව සිසුන් ධාන්‍යයකට සමවැදීමක් හෝ විමෝහනයකින් තොරව අන් බසකින් කතා කිරීම සිදු කළ හැකි බව ප්‍රදර්ශණය කරන ලදී. තවත් සිසුන් 60 ක් සමඟ පවත්වන ලද විභාගයකදී, විනාඩි 20 ක් තුළ අන් බසක උදාහරණයකට සවන් දීමෙන් සිසුන් 20% නිවැරදිව එය ඉදිරිපත් කිරීමට හැකි බව ඔප්පු කරන ලදී. සමහර පුහුණුවීම් වලින් පසුව 70% සාර්ථක විය.

ලෝකයේ සෑම කොටසකම අන් බසකින් කතා කිරීම දැකිය හැකිවේ. මිත්‍යා දෘෂ්ඨික සියලුම ආගම් අන් බසකින් කතා කිරීම දැඩි ලෙස සිතෙහි ග්‍රහණය කරගෙන ඇත. මෙයට සුඩානයේ ෂාමන්ස්ද, අප්‍රිකාවේ බටහිර ඉවුරේ ශංගෝ මිත්‍යා ලබ්ධිකයන්ද, ඉතියෝපියාවේ සොර් මිත්‍යා ලබ්ධීන්ද, හයිටියේ වූඩූ මිත්‍යා ලබ්ධීන්ද, ඔස්ට්‍රේලියාවේ සහ දකුණු ඇමරිකාවේ ආදිවාසීන්ද අයත් වේ, අපහැදිලි තේරුමක් නැති ප්‍රලාපයක් කෙඳිරීම හෝ කතා කිරීම ගැඹුරු ගුඪවාදී ප්‍රතිවේදීය ශුද්ධ මනුෂයන් විසින් පුරාතනයේ සිදු කරන ලද අභ්‍යාසයකි.

අන් බසකින් කතා කිරීම පිළිබඳව මූලික පැතිකඩවල් දෙකක් වේ. ශබ්ද හෝ ධ්වනියක් නිකුත් කරන්නාවූ ආකාරයෙන් කෙඳිරීම හෝ කතා කිරීම පළමු පැතිකඩ වේ. ප්‍රායෝගිකව මෙය සෑම කෙනෙකුටම කළ හැකිය. අපැහැදිලි හෝ තේරුමක් නැති ප්‍රලාපයක් ලෙස තමන්ගේම භාෂාව හෝ කුඩා දරුවෙකුට මිමිනීම ඉගෙනීමට ප්‍රථම කළ හැකි වේ. මෙහි අසාමාන්‍ය දෙයක් නොමැත. මෙහි දෙවැනි පැතිකඩවන්නේ ධාන්‍යයකට සමවැදීම හෝ උද්දාමයකට පත්වීමය. ශබ්ද තරංගයක් හෝ ධ්වනියක් නිකුත් කිරීම මෙන් සිතා මතා මෙය කිරිම අපහසු වුවත් මෙහිද අසාමාන්‍යතත්වයක් නොමැත.

සමහර කිතුණුවන් විශේෂයෙන් පෙන්තකොස්ත සංවිධානය තුළ සිටින කිතුණුවන් අළුත් ගිවිසුමෙහි සඳහන් වන සොබාදහම ඉක්මවූ / අද්භුත අන්‍යභාෂාවකින් පහැදිලි කිරීමක් සිදුවන බව විශ්වාස කරයි. පෙන්තකොස්ත දවසේදී (ක්‍රියා 2) සිදු වු ආකාරයට ශුද්ධ ආත්මයාණන් වහන්සේගේ වැගිරීමක් ඔවුන් අතරට සිදු බවට ප්‍රදර්ශණය කිරීමක් ඉන් සිදුවන බව ඔවුන්ගේ මතයයි. යොවෙල් 2:17 පැවසු ආකාරයට

කිතුණු සභාවල් අතර අන්‍ය භාෂාවෙන් කතා කිරීම කෙතරම් දුරකට උසස් ලෙස හෝ කිනම් මට්ටමකට සහාය දෙනු ලැබුවද එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඒක රූපීය ගිවිසුමක් නොමැත. උදාහරණයක් ලෙස සමහරුන් එය ඉතා අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සැළකුවද සමහරුන් එය අවම දෙයක් ලෙස සැළකේ. ඉතා වැදගත් ඉගැන්වීමක් පාවුල්තුමා අන් භාෂාවකින් කතා කිරීම පීළිබඳව උගන්වන ලදී. එනම් අන්‍යභාෂාවකින් කතා කිරීම අන් ආත්මික දීමනා තරම් වැදගත් නොවන බවය. (1 කොරින්ති 13 බලන්න) සභාවේ බෙදිමක් සිදු නොවන ලෙස ප්‍රාර්ථනා කරන්නන් විසින් කතා කිරීම හෝ අත්හැරීම තමාගේ මානසික අත්දැකීමක් ලෙස සැළකේ. එමෙන්ම අන්‍යභාෂාවකින් කතා කිරීම සාතන් ගේ මුළාවක් ලෙස සළකන අයද වේ.

ලොව පුරාම විදේශීය භාෂාවන් ඇසෙන අතර තේරුම් ගැනීමද සිදුවේ. නමුත් පවතින භාෂාවක් ධාන්‍යයකට සමවැදී කතා කිරීමක් හෝ තේරුම් ගැනීමක් සිදුනොවේ. අපට ඇසෙන්නේ අතිශෝක්තියක සමෘදිය බව හෝ ප්‍රකාශණයකින් හෝ වියවුල් ස්වභාවයක් හෝ ශබ්දයක් පමණක් වේ. පළමු සභාවේ තමන්ගේ මවු බසින් කතා කළ ලෙස (ක්‍රියා 2:8) අදත් අපට ඇසෙන දේ ඔවුන්ගේම මවු බසින් කතා කරන අපට තේරුම් ගතහැකි බව ප්‍රකාශකළ නොහැකිය.

සරල ලෙස පැවසුවහොත් අන් බසකින් කතා කිරිම බයිබලීය අන්‍යභාෂාවකින් කතා කිරීමේ දීමනාව නොවේ. පාවුල්තුමා පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබූවේ අන්‍යභාෂාවේ ප්‍රධානතම පරමාර්ථය වූයේ විශ්වාස නොකළ වූවන් හට ලකුණක් ලෙසත් සුභ ආරංචිය, ක්‍රිස්තුස් වහන්සේගේ ශුභආරංචිය ප්‍රකාශ කිරීමටත් බවය (1 කොරින්ති 14:19,22).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන් බසකින් කතා කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries