ප්‍රශ්නය
දෙවියන් වහන්සේඟේ මහිමය යනු කුමක්ද?
පිළිතුර
දෙවියන් වහන්සේගේ මහිමය නම් උන්වහන්සේගේ ආත්මයේ අලංකාරයයි. එය සෞන්දර්යාත්මක අලංකාරයක් හෝ ලෞකික අලංකාරයක් නොව උන් වහන්සේගේ සියලු ආකාර ස්වභාවයෙන් නිකුත්වෙන අලංකාරයයි. යාකොබ් 1:10 න් "තමා පහත් කරනු ලැබීම ගැනද උදන් අනාවා" යැයි ධනපතියාට පවසන්නේ ධන සම්පත් හෝ බලය හෝ ලෞකික අලංකාරය මහිමය නොවන බව හඟවමිනි. මෙම මහිමය මිනිනසෙකුට ඔටුනු පැළඳවීමට හෝ පොළොව පිරවීමට හැකිය. එය මිනිසා තුළ සහ ලෝකය තුළ දැකිය හැකි වුවද එය ඔවුන්ගේ නොව දෙවියන් වහන්සේගේය. මිනිසාගේ මහිමය වන්නේ ඔහුගේ ආත්මික අලංකාරය වන අතර එය දුර්වලව ක්‍රමයෙන් පහව යන බැවින් එය නින්දා සහගත බව පාඨය අපට පවසයි. එහෙත් දෙවියන් වහන්සේගේ සියලු ගුණාංගයන් තුළ විද්‍යාමාන වන උන් වහන්සේගේ මහිමය කිසිදා පහව නොයයි. එය සදාතනිකය.
දෙවියන් වහන්සේ අප මැව්වේ උන් වහන්සේගේ මහිමය සඳහා බව යෙසායා 43:7 පවසයි. අනෙකුත් පාඨ සම්බන්ධයේදී මිනිසා විසින් දෙවියන් වහන්සේ "මහිමයට පත්කරනවා" යැයි කිව හැක්කේ ප්‍රේමය, සංගීතය, වීරත්වය වැනි දෑ බලන කල අප, දෙවියන් වහන්සේට අයත් "වස්තුව රුස්කර තැබූ මැටි බඳුන් හා සමානය" (2 කොරින්ති 4:7). අප උන් වහන්සේඟේ මහිමය "අඩංගු" භාජන වෙමු. අප හට සෑම දෙයක්ම කිරීමට හැකි වන මාර්ගය ඇත්තේ උන් වහන්සේ තුළය. උන් වහන්සේ සොබාදහම සමග සම්බන්ධ වන්නේ එසේය. සොබාදහම උන් වහන්සේගේ මහිමය ප්‍රදර්ශනය කරයි. ලෞකික ලෝකයේ විවිධ මාර්ග තුළින්, බොහෝවිට නොයෙක් ආකාරයෙන් නොයෙක් ආකාර මිනිසුන් තුළින් උන් වහන්සේගේ මහිමය මිනිසාගේ මනසට අනාවරණයවේ. කඳුකර දර්ශනයෙන් කෙනෙකු පිනා යන විට තවත් කෙනෙකු මුහුදේ සුන්තරත්වයට ආශා කරනු ඇත. එහෙත් දෙදෙනාම පිටුපස තිබෙන දෙය (දෙවියන් වහන්සේගේ මහිමය) දෙදෙනාටම කථා කර ඔවුන් දෙදෙනා දෙවියන් වහන්සේට සම්බන්ධ කරයි. මෙලෙසම ජාතිය, උරුමය හෝ සිටිනා ස්ථානය කුමක් වුවද සියලු මනුෂයින් වෙත තමන් වහන්සේව අනාවරණය කිරීමට දෙවියන් වහන්සේට හැකිය. ගීතාවලිය 19:1-4 පවසයි.
ගීතාවලිය 73:24 පදයේදී ස්වර්ගයට "මහිමය" කියා පවසයි. පොදුවේ අසන්නට ලැබුනු මරණය පිළිබඳ කියවෙන කිතුණු පදයක් වූ "ස්වර්ගස්ථවිය" පදය ගීතාවලිය මෙම පදයෙන් උපුටාගෙන ඇත. කිතුණුවෙක් මිය ගිය කල ඔහු දේව අභිමුඛයට රැගෙන යනු ලබන අතර ස්වභාවයෙන්ම උන්වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේගේ මහිමයෙන් වැසී ඇත. උන් වහන්සේගේ මහිමාලංකාරය සැබවින්ම විද්‍යාමාන වන ස්ථානයකට අපව රැගෙන යනු ලබන අතර එම ස්ථානයේ උන් වහන්සේගේ ආත්මාලංකාරයද තිබෙන්නේ උන් වහන්සේ එතැණ බැවිනි. තවද උන් වහන්සේගේ ආත්මාලංකාරය (හෝ උන් වහන්සේගේ අනන්‍යතාවයේ සාරය) උන් වහන්සේගේ "මහිමාලංකාරයයි". එවිට උන් වහන්සේගේ මහිමාලංකාරය මනුෂ්‍යා හෝ සොබාදහම තුළින් දිස්වීමට අනවශ්‍ය අතර 1 කොරින්ති 13:12 පවසන පරිදි "දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නෙය. මතු අප මුහුණට මුහුණලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණය. එහෙත් මතු මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුමද සම්පූර්න වන්නේය" එය පැහැදිලිව විද්‍යාමාන වනු ඇත.
මහිමය යනු ලෝකයේ භෞතික දේ මත රඳා පවතින උද්‍යෝගිවත් සුන්දරත්වයක් ලෙස මානුෂීය / ලෞකික හැඟීම වන අතර (ගීතාවලිය 37:20, 49:17) එම ක්‍රමයෙන් වියැකීයයි. එය වියැකී යාමට හේතු වන්නේ භෞතික දේවල් නොනැසී නොපවතින නිසාය. ඒවා මැළවී මිය යන නමුත් ඔවුන් තුළ තිබෙන මහිමය දෙවියන් වහන්සේට අයත් වන අතර එය උන් වහන්සේ වෙත ආපසු යන්නේ මරණය හෝ දිරාපත් වීම මගින් භෞතික දේ විනාශවී මේඳීය. ඉහත සඳහන් කළ ධනවත් මිනිසා පිළිබඳව සිතන්න. "ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැනද උදම් අනාවා. මන්ද ධනවතා තණ මලක් මෙන් පහත යන්නේය." යැයි එම පදය පවසයි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මෙම පදය ධනවතා හට අවවාද කරමින් පවසන්නේ ඔහුගේ ධනය හා බලය හා අලංකාරය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් බවත් ඔහු සිටිනා තත්වය සහ ඔහුට ඇති සියල්ල ලබා දුන්නේ දෙවියන් වහන්සේ බැවින් යටහත් වන ලෙසයි. තණ මෙන් පහව යන බව අවබෝධ වීමෙන් මහිමය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් බව අවබෝධ කරගන්නා ස්ථානයට ඔහු පැමිණෙයි. කුඩාවූ සියලු මහිමයන්ගේ පදනම හා උල්පත දෙවියන් වහන්සේගේ මහිමයයි.
මහිමය පැමිණෙන්නේ දෙවියන් වහන්වහන්සේගෙන් බැවින් මනුෂ්‍යා හෝ රූපය තුළින් හෝ සොබාතහම තුළින් මහිමය පැමිණේ යන ප්‍රකාශය උන් වහන්සේ බිඳ දමයි. යෙසායා 42:8 හිදී දෙවියන් වහන්සේගේ මහිමය කෙරෙහි උන් වහන්සේගේ ඊර්ෂ්‍යාවේ උදාහරණයක් අප දකිමු. රෝම 1:21-25 හිදී මැවුම්කරුවාණන් හට නොව මැවිල්ලට නමස්කාර කරන ආකාර පිළිබඳව කථා කරන විට ඨහි කථා කරන්නේ උන් වහන්සේගේ මහිමය පිළිබඳ උන් වහන්සේගේ ඊර්ෂ්‍යාවයි. වෙනත් වචනයකින් කිවහොත්, දෙවියන් වයන්සේගේ මහිමය ගලා එන වස්තුව උදෙසා දෙවියන් වහන්සේට මහිමය දෙනවා වෙනුවට ඔවුන් එම සතා හෝ ගස හෝ මනුෂ්‍යයා තුළ ඇති අලංකාරය ඔවුන් තුළින්ම හටගන්නවා යැය් සිතා ඒවාට වැඳ නමස්කාර කළෝය. මෙය රූප වන්දනාවේ පරමාර්ථය වන අතර එය පොදු සිදුවීමකි. ජීවත් වන සියලු දෙනා ජීවිතයේ එක් වරක් හෝ මෙම වැරැද්ද කර ඇත. අප සැවොම දෙවියන් වහන්සේගේ. මහිමය "මිනිසාගේ මහිමය" සඳහා "”හුවමාරු කරගෙන" ඇත්තෙමු.
ලෝකයේ දේවල්, ලෞකික සම්බන්ධතාවන්, තමන්ගේ බලය හෝ කුසලතාවන්, රූමත් බව හෝ අන් අය තුළ දකින යහපත්කම විශ්වාස කරමින් බොහෝ මිනිසුන් අතින් නොනවත්වා සිදුවන අත්වැරුද්ද මෙයයි. එහෙත් මෙම දෙවල් වැළකිය නොහැකි ලෙසින් (ඉමහත් මහිමයක තාවකාලික වාහක පමණක් බැවින්) මැලවී පිරිහෙන කල ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කර ගනී. අප ජීවිත ගමනේදී කොතැනක හෝ යම් පුද්ගලයෙකු තුළ හෝ වනාන්තරයේ හෝ ප්‍රේමයේ හෝ වීරත්වයේ කථාවක් තුළ, ප්‍රබන්ධයක හෝ සාහිත්‍ය නිර්මාණයක හෝ අපගේම ජීවිත තුළ විද්‍යාමාන වන්නේ දෙවියන් වහන්සේගේ නිත්‍ය මහිමය බව අප සැවොම අවබෝධ කර ගැනීම අවශ්‍යවේ. නමුත් අවසානයේ ඒ සැම දෙවියන් වහන්සේ වෙතටම නැවත යන්නේය. එසේම දෙවියන් වහන්සේ වෙත එකම මාර්ගය උන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමණි. අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම් ස්වර්ගයේ තිබෙන උන් වහන්සේගේ සියලු අලංකාරත්වයන් අපට සොයාගත හැකිවනු ඇත. අපට කිසිවක් නැති වන්නේ නැත. ජීවිතයේ මැලවී යන සියලු දේ උන් වහන්සේ තුළ නැවත අපට සොයාගත හැකි වනු ඇත. English
දෙවියන් වහන්සේඟේ මහිමය යනු කුමක්ද?