settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද?

පිළිතුර


"දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම" යනු උන්වහන්සේට මහිමය දීමවේ. පැරණි ගිවිසුමේ මහිමය යන හා සම්බන්ධ වචනය දෙවියන්වහන්සේ එහි තේජසෙහි ශ්‍රේෂ්ඨත්වය පිළිබදව අදහස් දරයි. නව ගිවිසුමෙහි "මහිමය" යනුවෙන් පරිවර්තනය වී ඇති වචනයෙහි අර්ථය වනුයේ, ගරුත්වය, ගෞරවය, ප්‍රශංසාව සහ නමස්කාරයවේ. මේ දෙකම එකට ගත් කළ දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම යනුවෙන් අදහස් කරනුයේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඒත්තු ගැනීම සහ උන්වහන්සේට ප්‍රශංසා සහ නමස්කාර කිරීම තුළින් උන් වහන්සේට ගෞරවය ලබා දීම බව අපට පෙනී යයි. මන්දයත් මූලික වශයෙන් උන්වහන්සේ සහ උන්වහන්සේ පමණක් ප්‍රශංසාව, නමස්කාරය සහ ගෞරවය ලැබීමට සුදුසු වන හෙයිනි. දෙවියන්වහන්සේගේ ඉතා උසස්භාවය වූ කලී උන්වහන්සේගේ ස්වභාවය වන අතර අප උන්වහන්සේව මහිමයට පත් කරනු ලබන්නේ එම ඉතා උසස්භාවය හඳුනාගැනීම තුළිනි.

අපගේ මනසට නැගෙන ප්‍රශ්නය නම් සියලූ මහිමය දෙවියන්වහන්සේ සතුවේ නම්, සැබවින්ම උන්වහන්සේ සතුවේ, එසේ නම් අප මහිමය "උන්වහන්සේට දෙනු ලබන්නේ" කෙසේද? දෙවියන්වහන්සේ හා මූලිකව සතු වන දෙයක් අප උන්වහන්සේට ලබා දෙන්නේ කෙසේද? එයට ප්‍රධාන වූ පිළිතුර සම්බ වනුයේ 1 ලේකම් 16:28-29 හීය. "ජනයනි ස්වාමින්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමින්වහන්සේට දෙව්. ස්වාමින්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඩුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමින්ට නමස්කාර කරව්". මෙම පදයෙහි දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමේ ක්‍රියාව වන අපගේ ක්‍රියා දෙකක් අපට දක්නට ලැබේ. පළමුවල අප උන් වහන්සේගේ ගුණ දක්වනු ලබන්නේ හෝ උන්වහන්සේට මහිමය දෙනු ලබන්නේ උන්වහන්සේ එය ලැබීමට නියමිත හෙයිනි. උන්වහන්සේව මහිමයට පත් කිරීමට අප විසින් දෙනු ලබන ප්‍රශංසාව සහ නමස්කාරය වෙන කිසිවෙකුට සුදුසු නොවේ. යෙසායා 42:8 හී ස්ථිර කරනු ලබන්නේ; "මම ස්වාමින් වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූප වලටවත් නොදෙන්නෙමි". දෙවනුව දෙවියන්වහන්සේව මහිමයට පත් කරන නමස්කාරයේ කොටසක් ලෙස අප "පූජාවක් ගෙන ආ" යුතු වෙමු. දෙවියන්වහන්සේව මහිමයට පත් කිරිම පිණිස අප විසින් ගෙන ආ යුතු පූජාව කුමක්ද?

දෙවියන්වහන්සේගේ ශුද්ධකමේ තේජසෙහි අලංකාරයෙන් අප උන්වහන්සේ ඉදිරියට ගෙන එන පූජාවන් නම් එකගත්වය, කීකරුකම, යටහත්වීම සහ උන්වහන්සේගේ ගුණාංග පෙරහුරු කිරීම හෝ වර්ණනා කිරීම වේ. දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම ආරම්භ වනුයේ උන්වහන්සේ පවසන සෑම දෙයක්ම විශේෂයෙන්ම උනවහන්සේ පිළිබදව එකග වීම තුළිනි. යෙසායා 42:5 හී දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කර සිටිනුයේ "ආකාශ මණ්ඩලය පවා ඒවා දිග ඇරියාවූද පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද එහි සෙනගට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක". උන්වහන්සේ කව්රුන්ද යන්න හෙයින්, එනම් ශුද්ධ, පරිපූර්ණ සහ සත්‍යය හෙයින් උන්වහන්සේගේ ප්‍රකාශනයන්ද ශුද්ධල පරිපූර්ණ සහ සත්‍යයවේ (ගීතාවලිය 19:7). අප ඒවාට සවන් දී එකග වීමෙන් උන්වහන්සේව මහිමයට පත් කරන්නෙමු. දෙවියන්වහන්සේගේ වචනය, එනම් දේව වචනය වනාහී අපට දෙන උන්වහන්සේගේම වචනය වේ. උන්වහන්සේ තුළ ජීවත්වීමට අපට අවශ්‍යය සියල්ල ඒ තුළ අන්තර්ගතවේ. උන්වහන්සේට ඇහුම්කන් දීම සහ එකග වන්නෙමු, එනමුත්, අප උන්වහන්සේට යටහත්වී උන්වහන්සේගේ වචනයේ අඩංගු ආඥාවන්ට කීකරුවන්නේ නම් මිස උන් වහන්සේව මහිමයට පත් නොකරන්නෙමු. "නමුත් ස්වාමින්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් සදාකාලයෙන් සදාකාලයටද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නක්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ට කිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය" (ගීතාවලිය 103:17-18). දෙවියන්වහන්සේම මහිමයට පත් කිරිම සහ උන්වහන්සේට ප්‍රේම කිරීම යන්න එක හා සමාන බවට යොහාන් 14:15 හී යේසුස්වහන්සේ පුනර්වාචනය කළ සේක: "ඔබ සැම මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය".

අප දෙවියන්වහන්සේගේ ගුණාංගයන් සහ ක්‍රියාවන් පෙරහුරු කිරීම තුළින්ද අප දෙවියන්වහන්සේම මහිමයට පත් කරන්නෙමුග තම ඇදහිල්ල හේතුකොටගෙන මරණයට පත්වීමට පෙර ස්තේපන් සිය අවසාන දේශනාවේදී දෙවියන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වෙමින් ආබ්‍රහම් තම රට හැර ගිය දා පටන් ඉශ්‍රායෙල් සෙනග විසින් පාවා දී මරණයට පත් කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම තෙක්ම දෙවියන්වහන්සේ ඉශ්‍රායලය සමග කටයුතු කළ ආකාරය පිළිබදව නැවත විස්තර කරනු ලැබීය. අපගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන්, උන්වහන්සේ අපව පාපයෙන් ගලවා ගත් ආකාරය සහ උන්වහන්සේ දිනපතාම අපගේ හදවත් තුළ සහ මනසෙහි කරන පුදුමාකාර ක්‍රියා ගැන පවසන විට අප අන් අය ඉදිරියේ උන්වහන්සේව මහිමයට පත් කරමු. අප දෙවියන්වහන්සේව මහිමයට පත් කරන ආකාරය ඇහුම්කන් දීමට අන් අයට සෑම විටම අවශ්‍යය නොවූවද උන්වහන්සේ ඒ කරණකොටගෙන ප්‍රසන්න වන සේක. ස්තේපන් පැවසූ දේ ඇසූ සමූහයා ඔහුගේ ප්‍රකාශනයන්ට වෛර කළ අතර කන් වසාගෙන ගල් ගැසීම පිණිස ඔහු වෙතට දිව ගියහ. "නමුත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව ස්වර්ගය දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවා දැක" (ක්‍රියා 7:55).

දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම යනු උන්වහන්සේගේ ගුණාංග එනම් කිහිපයක් නම් කරනු ලැබේ නම් – ශුද්ධකම, විශ්වාසවන්තකම, දයාව, කරුණාව, ප්‍රේමය, තේජස, බලය සහ සර්වඥතාවය අපගේ මනස තුළ නැවත නැවතත් පෙරහුරු කොටගෙන උන්වහන්සේ විසින් පිරිනමනු ලබන ඒකවාචක ගැළවීමේ ස්වභාවය පිළිබදව අන් අයට පැවසිය යුතු වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries