settings icon
share icon
ප්‍රශ්නය

ගෝලීය දරිද්‍රතාවයට හා සාගින්නට කිතුණුවන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

පිළිතුර


නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව පුරා මිලියන 840 කට අධික ජනතාවක් මන්ද පෝෂණයෙන් පෙළෙති. සෑම දිනකම කුඩා දරුවන් 26,000 ක් දරිද්‍රතාවය, කුසගින්න සහ වළක්වා ගතහැකි රෝග හේතුවෙන් මිය යති. ලෝක ජනගහනයෙන් මෙතරම් ශෝක ජනක තත්වයක සිටින විට, කිතුනුවකු කුමක් කළ යුතුද? සභාව ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

කිතුනුවන් ගෝලීය දරිද්‍රතාවයට හා සාගින්නට අනුකම්පාවෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. යේසුස්වහන්සේගේ ආදර්ශයට අනුව (මාර්ක් 8: 2), අගහිඟකම් ඇති අය කෙරෙහි සැබෑ අනුකම්පාවක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ අප අවශ්‍යතාවය දන්නා බවත්, ඊට සම්බන්ධ පුද්ගලයින් ගැන අප සැලකිලිමත් වන බවත්, ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීමට අප සූදානම් බවත්ය. අගහිඟකම් ඇති සහෝදරයෙකු කෙරෙහි අනුකම්පාව දැක්වීම අප තුළ දෙවියන්වහන්සේට ඇති ප්‍රේමයට සාක්ෂියකි (1 යොහන් 3:17). අපි අගහිඟකම් ඇති අයට කරුණාව දක්වන විට අපි දෙවියන්වහන්සේට ගෞරව කරමු (හිතෝපදේශ 14:31).

කිතුනුවන් ගෝලීය දරිද්‍රතාවයට හා කුසගින්නට ප්‍රතිචාර දැක්විය යුතුය. ඇත්ත වශයෙන්ම, අවශ්‍යතා ඇති අය වෙනුවෙන් යාච්ඤා කිරීම සෑම කිතුනුවකුටම කළ හැකි දෙයකි. ඉන් ඔබ්බට ගෝලීය දුප්පත්කම හා සාගින්න නිසා ඇති වන දුක්වේදනා සමනය කිරීම සඳහා කිතුනුවන් තමන්ට හැකි සෑම දෙයක්ම කළ යුතුය. යේසුස්වහන්සේ පැවසුවේ "ඔබේ දේපළ විකුණා දිලිදුන්ට දෙන්න. මක්නිසාද ඔබේ වස්තුව තිබෙන තැන ඔබේ සිතත් පවතිනු ඇත" (ලූක් 12:33-34). තබිතාමෙන් අපද "සැමවිටම යහපත්දේ කරමින් දුප්පතුන්ට උපකාර කළ යුතුය" (ක්‍රියා 9:36).

ආත්මාර්ථ කාමීත්වයෙන් තොරව දුප්පතුන්ට දෙන ඇදහිලිවන්තයා දෙවියන් වහන්සේට ආශීර්වාද කරනු ඇත. "දුප්පතුන්ට කරුණාව දක්වන තැනැත්තා සමිඳාණන්වහන්සේට ණයට දෙයි. ඔහු කළදේ වෙනුවෙන් ඔහු විපාක දෙනු ඇත" (හිතෝපදේශ 19:17). මෙම දිව්‍යමය ආශීර්වාද ද්‍රව්‍යමය දේට වඩා අධ්‍යාත්මික විය හැකි නමුත් විපාකයක් සහතික කෙරේ. දුප්පතුන්ට දීම සදාකාලික ආයෝජනයකි.

ගෝලීය දරිද්‍රතාවයට හා සාගින්නට එරෙහිව සටන් කිරීමට පමණක් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමටද ක්‍රියා කරන ක්‍රිස්තියානි සහන සංවිධාන කිහිපයක් තිබේ. දයානුකම්පිත ජාත්‍යන්තරය වැනි කණ්ඩායම් ශාරීරික හා අධ්‍යාත්මික වශයෙන් සමස්ත පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කරති.

කිතුනුවන් ගෝලීය දරිද්‍රතාවයට හා කුසගින්නට ප්‍රතිචාර දැක්විය යුතුය. ඇදහිලිවන්තයන්ට දුප්පතුන් වෙනුවෙන් ක්‍රියා කළ හැකිය, ඔවුන් ලෝකයේ දෙවියන්වහන්සේගේ වැඩ කටයුතු වලට තව දුරටත් උපකාර කරන බවට විශ්වාසයෙන්: "ස්වාමින්වහන්සේ දුප්පතුන්ට සාධාරණය ඉටු කරන බව / දුප්පතුන්ට උපකාර කරන බව මම දනිමි" (ගීතාවලිය 140:12). ඇදහිලිවන්තයන් වෙහෙස මහන්සිවී වැඩ කරන්නේ යේසුස්වහන්සේ නැවත පැමිණේ යන බලාපොරොත්තුවෙනි. "ඔහුධ ධර්මිෂ්ධකමින් අගහිඟකම් ඇති අයව විනිශ්චය කරයි / සාධාරණව පොලොවේදී ලිදුන්ට තීරණ දෙන බව.

අවසානයේදී සමානාත්ම තාවය ඇති වන තුරු, "දුප්පතුන් ඔබ සමඟ සැමවිටම සිටිනු ඇත" (මතෙව් 26:11). එසේ තිබියදී, අපට අන් අයට සේවය කිරීමෙන් ස්වාමින්වහන්සේට සේවය කිරීම සඳහා අසීමිත අවස්ථාවන් සහ හදිසි වගකීමක් ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගෝලීය දරිද්‍රතාවයට හා සාගින්නට කිතුණුවන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries