settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවෙකුට ගැළවීම ආපසු ලබා දිය හැකිද?

පිළිතුර


මෙම පැණයට දිය හැකි කෙටිම පිළිතුරු නම් “නැත” යනුයි. සැබෑ කිතුණුවකුට ගැළවීම “ආපසු ලබා දිය” නොහැක. නියමාකාරයෙන්ම කිවහොත් කිතුණුවකුට ගැළවීම නැති කර ගත නොහැකි බවට සමහරුන් එකග වූවත් තවමත් විශ්වාස කරනු ලබන්නේ දෙවියන්වහන්සේට ගැළවීම “ආපසු ලබා දිය හැකි” බවය. මෙම දෘෂ්ඨි කෝණයෙහි සිටිනවුන් රෝම 8:38–39 කියවා ප්‍රකාශ කරනු ලබන්නේ බාහිර කිසිවකට අප හා දෙවියන් වහන්සේව වෙන් කරනු ලැබීමට නොහැකි වූවත් අපගේ ස්ව කැමැත්ත මත දෙවියන් වහන්සේගෙන් අපව වෙන් වීමට තීරණය කළ හැක. මෙය දේවවචනය හා අනුකූල නොවන පමණක්ම නොව ඒ සියල්ල තර්කයට එරෙහිව යන්නක්ද වේ.

අපට ගැළවීම ආපසු “ලබා දීමට නොහැකි” වන්නේ මන්ද යන්න අවබෝධ කර ගනු වස් අප විසින් කරුණු 3 ක් ග්‍රහණය කර ගත යුතු වෙමු: දෙවියන් වහන්සේගේ ස්වභාවය, මනුෂ්‍යයාගේ ස්වභාවය සහ ගැළවීමේ ස්වභාවයයි. දෙවියන්වහන්සේගේ ස්වභාවයෙන්ම ගැළවුම්කරුවාණන් වහන්සේය. ගීතාවලියේම පමණක් දහතුන් වතාවක් දෙවියන්වහන්සේව මිනිසාගේ ගැළවුම්කාරුවාණන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන සේක. අපගේ ගැළවුම්කාරුවාණන් වහන්සේ වන්නේ දෙවියන්වහන්සේ පමණක්ය; වෙන කිසිවකුට අපව ගළවා ගත නොහැකිවා මෙන්ම අපටද අපද ගළවා ගත නොහැක. “මම මමම ස්වාමින්වහන්සේය. මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත” (යෙසායා 43:11). දෙවියන්වහන්සේ විසින් ගැළවීම ක්‍රියාත්මක කරනු පිණිස තමන් විසින් ගළවාගනු ලැබූ අයවලූන් මත කිසිසේත්ම රදා පවතින ගැළවුම්කාරුවාණන් වහන්සේ කෙනෙකු බව ශුද්ධ ලියවිලලේ කිසිඳු ස්ථානයක නිරූපණය නොවන සේක. යොහාන් 1:13 හී පැහැදිලිව සදහන් කරන්නේ දෙවියන්වහන්සේට අයත් වූවන් නැවත උත්පාදනය ලබන්නේ තමන්ගේ කැමැත්තෙන් නොව දෙවියන්වහ්න්සේගේ කැමැත්තෙන් බවය. දෙවියන්වහ්න්සේ උන්වහන්සේගේ කැමැත්ත සහ බලය කරණකොටගෙන ගළවනු ලබයි. උන්වහන්සේගේ කැමැත්ත නිශ්ක්‍රීය නොවන අතර උන් වහන්සේගේ බලය අසීමිතය (දානියෙල් 4:35).

දෙවියන්වහන්සේගේ ගැළවීම පිළිබද සැලැස්ම ඉෂ්ට කරනු ලැබුවේ මේ පොළොවට “නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේය” පැමිණුනාවූ ශාරිරිමය වූ දෙවියන්වහන්සේ එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසිනි. යේසුස් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුවේ අප උන්වහන්සේව තෝරාගත්තා නොව උන්වහන්සේ විසින් අපව තෝරා ගනු ලබා ගොස් “පල දරනු පිණිස” අපව පත් කරනු ලැබූ බවය (යොහාන් 15:16). ගැළවීම වූ කලී ක්‍රිස්තුස් වහන්සේ තුළවූ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේ විසින් උන් වහන්සේ විසින් ලබා දුන් පොළොවේ අත්තිවාරම් දැමීමටත් ප්‍රථමයෙන් පෙර නියමයෙන් ලබා ගැනීමට වූ ගැළවීම බවට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මුද්‍රා කරනු ලැබූ දීමනාවකි (එපිස 1:11–14). මෙතුළින් නිවාරනය වන අදහස නම් මිනිසාට තමන්ගේ ස්ව කැමැත්තෙන් තමන්ව ගළවා ගැනීම පිණිස වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම නිශ්ප්‍රභා කළ හැකිය යන්නවේ. දෙවියන් වහන්සේ විසින් ගැළවීමේ දීමනාව යම් කෙනෙකුට ලබා ගැනීමට පෙර නියම නොකරනු ලබන්නේ එම දීමනාව යම් කෙනෙකු විසින් නැවත ලබා දීමේ උන් වහන්සේගේ සැලැස්ම විනාශ නොකරනු ලබනු සදහාය. මෙවන් කරණක් අසීරු තත්වයක් නොවනු ලබන්නේ දෙවියන්වහන්සේගේ සර්වඥතා දැනුම හේතුකොටගෙනය.

මිනිසා වූ කලී ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේව සෙවීමට උත්සාහයක් නොදරන්නාවූ දූෂිත පැවැත්මක් ඇත්තෙකි. දෙවියන්වහන්සේගේ ආත්මයණන්වහන්සේ විසින් ඔහුගේ හදවත වෙනස් කරනු ලබන තෙක්ම ඔහු දෙවියන්වහන්සේව සොයනු නොලබයි එසේම ඔහුට එසේ කළ නොහැක. දෙවියන්වහන්සේගේ වචනය ඔහුට තේරුම් ගත නොහැක්කකි. නැවත ගොඩ නොනැගුණු මනුෂ්‍යයා අධර්මිෂ්ඨය, වටිනාකමක් නොමැති මෙන්ම වංකය. ඔහුගේ මුඛය තිත්ත කමින් සහ ශාප කිරීම් වලින් පිරී ඇති අතර ඔහුගේ හදවත ලේ වැගිරීම් කරා නැඹුරු වී ඇත, ඔහුට කිසිඳු සාමයක් නැත, සහ “ඔවුන්ගේ ඇස් හමුයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත.” (රෝම 3:10–18) එවන් පුද්ගලයෙක් තමාවම ගළවා ගැනීමට අපොහොසත් වන අතරම ගැළවීම පිණිස අවශ්‍යතාවයද නුදුටුවේය. ඔහු ක්‍රිස්තුස්වහන්සේ තුළ නව මැවිල්ලක් බවට පත්වූවාට පසු ඔහුගේ හදවත සහ මනස දෙවියන් වහන්සේ කෙරෙහි වෙනස් වනු ලබයි. ඔහු දැන් සත්‍යය දකින අතරම ආත්මික දේද අවබෝධ කර ගනියි (1 කොරින්ති 2:14; 2 කොරින්ති 5:17).

කිතුණුවකු වූ කලී පාපයෙන් ගළවනු ලැබූ කෙනෙකු වනවා මෙන්ම ස්වර්ගයට යන මාර්ගයේද තබා සිටින්නෙකි. ඔහු නව මැවිල්ලක් වන අතරම ඔහුගේ හදවත දෙවියන්වහන්සේ වෙතට හැරවී ඇත. ඔහුගේ පැරණි ස්වභාවය නැතිවී මියැදී ඇත. ඔහුගේ නව ස්වභාවය ගැළවීම ආපසු ලබා දීමට හෝ ඔහුගේ පැරණි ස්වභාවයට යෑමටද කිසිඳු කැමැත්තක් නොදක්වයි. එසේ වනුයේ හදවතක් බද්ධ කරනු ලැබුවාවූ කෙනෙකු තමාට ලැබුනු නව හදවත ඔහුගේ පැරණි හදවත එනම් මිය ගියාවූ එක වෙනුවට හුවමාරු කර ගතහොත් පමණි. කිතුණුවකු තමන්ගේ ගැළවීම ආපසු ලබා දෙනවාය යන සංකල්පය ශුද්ධ ලියවිල්ලට පටහැනි මෙන්ම ඒ පිළිබදව සිතිය පවා නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවෙකුට ගැළවීම ආපසු ලබා දිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries