settings icon
share icon
ප්‍රශ්නය

ඉගැන්වීමේ අධ්‍යාත්මික දිමනාව යනු කුමක්ද?

පිළිතුර


ඉගැන්වීමේ අධ්‍යාත්මික දීමනාව ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවකි (රෝම 12:6–8; 1 කොරින්ති 12:28; එපීස 4:1–12). එය ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් දෙන ලද දිමනාවක් වන අතර, බයිබලයෙහි සත්‍ය්‍යතාවන් අන් අයට පලදායී ලෙස සන්නිවේදනය කිරීමට කෙනෙකුට හැකිවේ. එය බොහෝවිට, නමුත් සැමවිටම ප්‍රාදේශීය සභා සන්දර්භය තුළ භාවිතා නොවේ. ඉගැන්වීමේ දිමනාවට දේව වචනය විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශ කිරීම, අසන්නාගේ ජීවිතයට අර්ථය, සන්දර්භය සහ යෙදුම පැහැදිලි කිරීම ඇතුළත්වේ. දිමනා ලත් ගුරුවරයා යනු දැනුම පැහැදිලිව ඉගැන්වීමට හා විශේෂයෙන් බයිබලයේ ඇදහිල්ල හා සත්‍යතාවන් පිළිබඳ මූල ධර්ම සන්නිවේදනය කිරීමට අද්විතීය හැකියාවක් ඇති පුද්ගලයෙකි.

දෙවියන්වහන්සේ තම සභාව දියුණු කිරීම සඳහා ආත්මික දීමනා ලබා දුන්නේය. පාවුල් තුමා කොරින්තියේ සභාවට උපදෙස් දුන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව වැඩි දියුණු කිරීමට හා ගොඩ නඟා ගැනීමට උත්සාහ කරන ලෙසටය. ඔවුන් ආත්මික දීමනා ලබා ගැනීමට "උනන්දුවක් දක්වන" බැවින් "සභාව ගොඩ නංවන දිමනා වලින් වර්ධනය වීමට උත්සාහ කළ යුතුය" (1 කොරින්ති 14:12) ). අධ්‍යාත්මික දීමනාවක් (ග්‍රීක බසින් චරිස්මාටා) යනු ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගීම සඳහා අධි ස්වභාවික ලෙස දෙවියන්වහන්සේ විසින් දී ඇති හැකියාවකි. එය දෙවියන් වහන්සේ විසින් කරුණාවෙන් ලබාදී ඇති අතර එය මිනිස් ශක්තියෙන් උපයා ගත නොහැක. අධ්‍යාත්මික දිමනා වර්ධනය කළ හැකි වුවද, එය ක්‍රියාත්මක කිරීමට අධි ස්වභාවික හැකියාවක් අවශ්‍යවේ. මෙම දිමනා වලින් එකක් වන්නේ ඉගැන්වීමයි.

"ඉගැන්වීම" යන ග්‍රීක වචනය ඩීඩස්කලෝස් යන්නයි. එහි අර්ථය "උපදෙස්දීම" යන්නයි. යේසුස්වහන්සේම උතුම් ගුරුවරයාවූ අතර, යේසුස් වහන්සේ තම ගෝලයන්ට අණ කළේ "ගොස් සකල ජාතීන්ව ගෝලයන් කරන්න, පියාණන්ගෙත්, පුත්‍රයාණන්ගෙත් සහ ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න, මා ඔබට අණ කළ සියල්ලට කීකරු වන ලෙස ඔවුන්ට උගන්වන්න." (මතෙව් 28:19-20). යේසුස්වහන්සේ තම ගෝලයන්ට අණ කළේ තමා අණ කළ සෑම දෙයක්ම අලුත් ගෝලයන්ට උගන්වන ලෙසයි. ක්‍රිස්තුස්වහන්සේගේ දේව සේවකයන් යනු මිනිසුන්ගේ ආඥා හා ඉගැන්වීම හෝ තමන්ගේම හෝ වෙනත් මිනිසුන් විසින් සැලසුම් කරන ලද කිසිවක් ඉගැන්වීම නොවේ, නමුත් ක්‍රිස්තුස්වහන්සේ විසින් අණ කරන ලද දේ පමණක් ඉගැන්වීමයී.

ඉගැන්වීමේ දිමනාව භාවිතා කළ හැකි සන්දර්භ කිහිපයක් තිබේ: ඉරිදා පාසල් පන්ති, බයිබල් පාසල්, විද්‍යාල, සෙමනේරි සහ ගෘහ බයිබල් පාඩම්. දිමනා ඇති තැනැත්තාට පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට ඉගැන්විය හැකිය. ඉගැන්වීමට ස්වාභාවික හැකියාවක් ඇති පුද්ගලයෙකුට ඕනෑම දෙයක් ගැන ඉගැන්විය හැකි නමුත් අධ්‍යාත්මික ඉගැන්වීමේ දිමනාවක් ඇති පුද්ගලයෙකු බයිබලයේ අන්තර්ගතය උගන්වයි. ඔහුට පොතක පණිවිඩය සමස්ත පොතක් ලෙස ඉගැන්වීමට හෝ තනි ඡේදවලට හෝ පදවලට බිඳ දැමිය හැකිය. ඉගැන්වීමේ දිමනා සමඟ නව ක්‍රමය කිසිවක් ආරම්භ නොවේ. ගුරුවරයා සරලවම බයිබල් පාඨයේ අර්ථය පැහැදිලි කරයි.

ඉගැන්වීම ශුද්ධාත්මයාණන්ගේ අධිස්වභාවික දිමනාවකි. මෙම දිමනාව නැති කෙනෙකුට බයිබලය ඔහු අසන විට හෝ කියවන විට එය තේරුම් ගත හැකි නමුත් දිමනාව ඇති කෙනෙකුට මෙන් පැහැදිලි කළ නොහැක. එය දියුණු කළ හැකි වුවද, ඉගැන්වීමේ අධ්‍යාත්මික දිමනාව විශ්ව විද්‍යාල උපාධියක් මෙන් ඉගෙනීමට හෝ ලබා ගත හැකි දෙයක් නොවේ. ආචාර්ය උපාධියක් ලබා ඇති අයෙක් නමුත් ඉගැන්වීමේ දිමනාව නොමැතිව බයිබලය පැහැදිලි කිරිමට නොහැකි අතර උපාධියක් නොමැති වුවත් ඉගැන්වීමේ දිමනාව ඇති කෙනාට ඉගැන්වීමට හැකිවේ .

එපීස 4:11-12 දක්වා පාවුල් ප්‍රාදේශීය සභාව ගොඩනැඟීම සඳහා පදනම් දිමනා ලැයිස්තු ගත කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩනැගීම සඳහා දිමනා දෙනු ලැබේ. 11 වන පදයේ ගුරුවරුන් පාලකවරුන් හා සමඟ සම්බන්ධකර ඇත. මෙය අනිවාර්යයෙන්ම එක් දිමනාවක් යෝජනා නොකරයි, නමුත් එයින් ඇඟවෙන්නේ පාලකවරයාද ගුරුවරයෙකු බව නොවේ. පාලකවරයා සඳහා ග්‍රීක වචනය වන්නේ "පොයිමෙන්" යන්නයි. එහි අර්ථය "එඩෙරා" යන්නයි. පාලකවරයෙක් තම බැටළුවන් රැක බලා ගන්නා ආකාරයටම තම සෙනඟ ගැන සැලකිලිමත් වන අයෙකි. එ පාලකවරයා තම බැටළුවන් පෝෂණය කරනවා සේම දේවවචනයේ ආත්මික ආහාරය තම ජනයාට ඉගැන්වීමේ වගකීමද පාලකතුමාට ඇත.

සභාව සංස්කරණය කරනු ලබන්නේ මිනිසුන් දේවවචනයට ඇහුම්කන් දෙන අතර එහි තේරුම සහ එය ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉගැන්වීමේ දිමනාව භාවිතා කිරීමෙනි. මිනිසුන්ව ඔවුන්ගේ ඇදහිල්ලෙන් ගොඩ නැගිමටත්, සියලු ප්‍රඥාවෙන් හා දැනුමෙන් වර්ධනය වීමටත් දෙවියන්වහන්සේ මෙම දිමනාව බොහෝ දෙනෙකු තුල ඇති දැඩි කර ඇත (2 පේත්‍රස් 3:18).

ඉගැන්වීමේ ත්‍යාගය තිබේ දැයි කිතුනුවන් දැන ගන්නේ කෙසේද? ඔවුන් ආරම්භ කළ යුත්තේ දිමනා ලත් ගුරුවරයෙකුගේ අධිකාරිය හා මග පෙන්වීම යටතේ ඉරිදා පාසල් පන්තියක් හෝ බයිබල් පාඩමක් ඉගැන්වීමට අවස්ථා දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමෙනි. ඔවුන්ට බයිබලයේ අර්ථය පැහැදිලි කළ හැකි නම් සහ අනෙක් අය ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නම්, ඔවුන්ට දිමනාව ඇති අතර ඔවුන්ගේ දීමනාව භාවිතා කිරීමට හා සංවර්ධනය කිරීමට තවත් අවස්ථා දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉගැන්වීමේ අධ්‍යාත්මික දිමනාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries