settings icon
share icon
ප්‍රශ්නය

අනාගතවාක්‍ය පැවසීමේ ආත්මික දීමනාව යනු කුමක්ද?

පිළිතුර


අනාගතවාක්‍ය පැවසිමේ ආත්මික දීමනාව1 කොරින්ති12:10 සහ රෝම 12:6 හි ආත්මයාණන් වහන්සේගේ දීමනා අතර ලැයිස්තු ගතකර ඇත. ජේද දෙකෙහිම අනාගතවාක්‍ය පැවසීම හෝ අනාගතවාක්‍ය ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය අරුත් දෙන්නේ "කථා කිරීම" හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙවියන් වහන්සේගේ අරමුණු අර්ථ නිරූපනය කිරිම හෝ බලපෑම් කිරිමට නිර්මාණය කර ඇති දෙවියන් වහන්සේගේ සත්‍යය ඕනෑම ආකාරයකින් ප්‍රකාශ කිරිමය. අනාගතවාක්‍ය පැවසීමේ දීමනාව, අනාගතය ගැන අනාවැකි පැවසීමේ හැකියාව ලෙස බොහෝ අය වැරදි ලෙස වටහා ගෙන සිටිති. අනාගතය ගැන යමක් දැන ගැනීම, සමහරවිට අනාගතවාක්‍ය පැවසීමේ දීමනාවක් විය හැකි නමුත්, එය මූලික වශනේ ප්‍රකාශ කිරීමේ ත්‍යාගයක් විය. "ඉදිරිය පැවසීම" මිස අනාගතවාක්‍ය නොවේ (පුරෝකථනය කිරීම).

බයිබලය දේවගැතිවරයෙක් / දේශකයෙක් "අනාගතවක්තෘවරයෙක් ලෙස සැලකිය හැකි අතර එහිදී ඔහු කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මන්ත්‍රණයයි. අළුත් ගිවිසුමේ පිළිගත් ග්‍රන්ථ සමූහය සම්පූර්ණ වීමත් සමඟම, අනාගතවාක්‍ය පැවසීම අළුත් එළිදරව්වන් ගෙන ඒමේ සිට දෙවියන් වහන්සේ විසින් දෙන ලද සම්පූර්න එළිදරව්ව ප්‍රකාශ කිරීමට මාරු විය. යූද් පොතෙහි 3 "වරක් ශුද්ධවතුන්ට දෙන ලද ඇදහිල්ල"ගැන ප්‍රකාශ කරයි. තවත් ආකාරයකින් පවසනවා නම් අප සතුව ඇති ඇදහිල්ල සදහටම නිරාකරණය වී ඇති අතර, බයිබලානුකුල නොවන එළදරව් කිරීම් තුලින් ලැබෙන එකතු කිරීමක් හෝ ශෝධනයක් අවශ්‍ය නොවේ. එලෙසම 2 පේත්‍රස් 2:1 හි අනාගතවකෘවරයා ගුරුවරයා දක්වා පරිවර්තනය වීම සටහන් කරගන්න."නමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරු සිටියාක් මෙන් නුඹලා අතරේ බොරු ගුරුවරුන්ද සිටිය හැකිය (අවධාරණය සහිතව). පරණ ගිවිසුම කාලයේ අනාගතවකෘවරුන් සිටි බවත්, සභාවට ගුරුවරුන් සිටින බවත් පේතෘස් පෙන්වා දෙයි. අනාගතවාක්‍ය ආත්මික දීමනාව දෙවියන් වහන්සේගෙන් අළුත් එළදරව් කිරීම් අන් අයට ප්‍රකාශ කිරීම, සඳහා බයිබලය සම්පූර්ණ වීමත් සමඟ නතර විය. අනාගතවාක්‍ය පැවසීම, එළදරව් කිරීමේ ත්‍යාගයක් වූ කාලයේදී, එය පරිහරණය කරනු ලැබුවේ, උපදේශණය, අනුශාසනා සහ සැනසවීම සඳහාය 1 කොරින්ති 14:3). වර්තමානයේ අනාගතවාක්‍ය පැවසීමේ දීමනාව බොහෝ දුරට ඉගැන්වීමට සමානය. තවමත් දෙවියන් වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයි. වෙනස් වී ඇති දෙය නම්, දෙවියන් වහන්සේගේ සත්‍යය මේ වන විටත් උන්වහන්සේගේ වචනයෙන් සම්පූර්ණයෙන් හෙළි දරව් වී ඇති අතර, මුල් සභාව තුළ තවමත් එය සම්පූර්ණයෙන් එළදරව් වී නොතිබීමයි. කිතුනුවන් දෙවියන් වහන්සේගෙන් "නව" පණිවිඩයක් ඇති බව පවසන අය ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුය. "ඊයේ රාත්‍රියේ සිට මට සිත් ගන්නා සුළු සිහිනහක් තිබුණා" යයි පැවසීම එක් කරුණකි. කෙසේ වෙතත් "දෙවියන් වහන්සේ ඊයේ රාත්‍රියේ සිට මට සිහිනයක් දුන්නා, ඔබ එයට කීකරු විය යුතුයි" යනුවෙන් පැවසීම තවත් කරුණකි. මිනිසාගේ කිසිම ප්‍රකාශයක් දෙවියන් වහන්සේගේ ලිඛිත වචනයට සමාන හෝ ඊට ඉහළින් නොසලකන්න. දෙවියන් වහන්සේ දැනටමත් දී ඇති වචනය අප විසින් අල්ලාගෙන එම සම්පූර්නවු ලියවිල්ලට පමණක් අපව මුළුමනින්ම කැප කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අනාගතවාක්‍ය පැවසීමේ ආත්මික දීමනාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries