settings icon
share icon
ප්‍රශ්නය

බ්‍රහ්මචාරි දීමනාවක් තිබෙන බව බයිබලයේ උගන්වයිද?

පිළිතුර


අළුත් ගිවිසුමේ ඡේද දෙකක් සාමාන්‍යයෙන් "බ්‍රහ්මචාරි දීමනාව" ලෙස හඳුන්වන දේ සාකච්ඡා කිරීමට යොදා ගනී. පළමුවැන්න මතෙව් 19:9-12,

“‘විවාහක ද්‍රෝහිකම නිසා මිස තම භාර්යාව දික්කසාද කර වෙනත් ස්ත්‍රියක් විවාහ කරගන්නා අනාචාරයේ යෙදෙන බව මම ඔබට කියමි.’ ‘ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර තත්වය මෙය නම්, විවාහ නොවී සිටීම හොඳය’ කියා ශ්‍රාවකයෝ ඔහුට පැවසූහ. නපුංසකයෝ ඉපදුන නිසා අනිත් අයව හැදුවේ මිනිස්සු නිසා, අනිත් අය ස්වර්ග රාජ්‍යය නිසා විවාහය අත්හැරලා තියෙනවා, මේක පිළිගන්න පුළුවන් කෙනා ඒක පිළිගත යුතුයි.”

“එය ලබා දී ඇති අයට පමණක්” යන වාක්‍ය ඛණ්ඩයෙන් අදහස් කරන්නේ සමහරුන් “බ්‍රහ්මචාරි දීමනාව” හෝ “තනිකමේ දීමනාව” ලෙස හඳුන්වන දෙය ලබන පුද්ගලයින්ටයි. දීමනාව ලෙස අප හැඳින්වූයේ කුමක් වුවත්, බොහෝ මිනිසුන් ස්වභාවිකවම තනිකඩව සිටීමට සහ ජීවිත කාලය පුරාවටම බ්‍රහ්මචාරීව සිටීමට කැමැත්තක් නොදක්වන බව යේසුස්වහන්සේ උගන්වයි. ව්‍යතිරේක යනු රාජධානිය වෙනුවෙන් “විවාහය අත්හැර දැමූ” අයයි. එවැනි බ්‍රහ්මචාරීන්ට දෙවියන්වහන්සේගෙන් විශේෂ දීමනාවක් ලැබී ඇත.

අනෙක් අදාළ ඡේදය වන්නේ 1 කොරින්ති 7. මෙම පරිච්ඡේදයේ පාවුල් පවසන්නේ විවාහ වීම වරදක් නොවන නමුත් කිතුණුවකුට තනිකඩව සිටිය හැකි නම් වඩා හොඳ බවයි. (හේතුව නම් විවාහක පුරුෂයෙකුගේ අවධානය ස්වාමින්වහන්සේව සතුටු කිරීම සහ ඔහුගේ භාර්යාව සතුටු කිරීම අතර “බෙදී” තිබීමයි; තනිකඩ පුරුෂයෙකුට ස්වාමින්වහන්සේගේ කාර්යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නිදහස ඇත, 32-34 පද.) පාවුල් පවසන්නේ, “සියල්ලන්ම එසේ වේවායි මම ප්‍රාර්ථනා කරමි. පිරිමින් මා මෙන් [විවාහක නොවූ]. නමුත් සෑම මනුෂ්‍යයෙකුටම දෙවියන්වහන්සේගෙන් තමාගේම දීමනාවක් ඇත. කෙනෙකුට මේ දීමනාව ඇත, තවත් කෙනෙකුට එය ඇත” (7 පදය). මෙය “සහනයක් මිස . . . විධානයක්” (6 පදය). විවාහයෙන් බැහැරව තනිකඩව සිටීමට සහ දෙවිට සේවය කිරීමට ඇති හැකියාව දීමනාවක්. පාවුල් සහ තවත් සමහරුන්ට මෙම දීමනාව තිබුනා, නමුත් සෑම කෙනෙකුටම නොවේ.

අපට පෙනෙන පරිදි, බයිබලය මෙය “බ්‍රහ්මචාරි දීමනාව” ලෙස පැහැදිලිවම හඳුන්වන්නේ නැත, නමුත් එය ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේට වඩාත් පූර්ණ ලෙස සේවය කිරීමට අවිවාහකව සිටීමට ඇති හැකියාව දීමනාවක් බවයි. බොහෝ වැඩිහිටියන් විවාහයට ආශා කරන අතර මෙම ආශාව පව්කාර නොවේ. ඇත්ත වශයෙන්ම, විවාහයට අපව පාපයෙන් ගලවා ගත හැකිය: “බොහෝ දුරාචාරයක් පවතින බැවින්, සෑම පුරුෂයෙකුටම තමාගේම භාර්යාවද, සෑම කාන්තාවකටම තම ස්වාමිපුරුෂයාද සිටිය යුතුය” (1 කොරින්ති 7:2). දුරාචාරයේ යෙදෙනවා වෙනුවට ඇදහිලිවන්තයන් විවාහ විය යුතුය. එක් පුරුෂයෙක් සහ එක් කාන්තාවක් අතර විවාහය තුළ ලිංගිකව හැසිරීම හෝ බ්‍රහ්මචාරී තනිකඩකම—මෙය කිතුණුවන් සඳහා ඇති එකම විකල්ප දෙකයි.

බයිබලය බ්‍රහ්මචාර්යාව දීමනාවක් ලෙස කථා කළත්, එය ආත්මික දීමනා සමඟ ලැයිස්තුගත කර නැත (1 කොරින්ති 12; රෝම 12). තනිකඩකම යනු දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම අවම වශයෙන් තාවකාලිකව ලබා දෙන දීමනාවකි. සමහරුන්ට තනිකඩ වීමේ දීමනාව ස්ථිරයි. තවත් සමහරුන්ට, දෙවියන්වහන්සේ එම දීමනාව ඉවත් කර, ඒ වෙනුවට විවාහ දීමනාව ලබා දෙයි. කිතුණු සේවයේ යෙදී සිටින බ්‍රහ්මචාරී අය දෙවියන්වහන්සේගේ පවුලේ වැදගත් කොටසක් බව බයිබලය දිරිගන්වයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බ්‍රහ්මචාරි දීමනාවක් තිබෙන බව බයිබලයේ උගන්වයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries