settings icon
share icon
ප්‍රශ්නය

දයාවේ අධ්‍යාත්මික ත්‍යාගය කුමක්ද?

පිළිතුර


යේසුස් වහන්සේ කන්ද උඩ දේශණාවේදී "දයාවන්තයින් භාග්‍යවන්තයෝය. මක්නිසාද ඔව්හු දයාව ලබති." (මතෙව් 5:7). දයාවයනු අපගේ ආකල්ප, වචන සහ ක්‍රියාවන් කෙරෙහි අනුකම්පා වීමට දෙවියන් වහන්සේ විසින් අපව මෙහෙයවනු ලබන විට අප ප්‍රකාශ කරන දෙයයි. එය යමෙකු කෙරෙහි අනුකම්පාව දැක්වීමට වඩා වැඩි යමක්ය. එය ප්‍රේමයයි. දයාව අන් අයගේ ක්ෂණික අවශ්‍යතාවයන්ට පිළිතුරු දීමටත් දුක් වේදනා, තනිකම සහ ශෝකය සමනය කිරීමටත් ආශා කරයි. දයාව ශාරීරික චිත්තවේගීය, මූල්‍යමය හෝ අධ්‍යාත්මික අර්බුදයන් නොමසුරුව, ආත්ම පරිත්‍යාගශීලී සේවාවක් මඟින් ආමන්ත්‍රණය කරයි. දයාව යනු පහත් දුප්පතුන්, සූරාකෑමට ලක්වූ සහ අමතක වූ අයගේ ශුරයකු වන අතර බොහෝවිට ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරයි.

දයාව පිළිබඳ හොඳඋදාහරණයක් මතෙව් 20:29-34 හි සඳහන් වේ. "යේසුස් වහන්සේ සහ ඔහුගේ ගෝලයන් යෙරිකෝවෙන් පිටත්ව යද්දී විශාල පිරිසක් ඔහු පසුපස ගියා. අන්ධයන් දෙදෙනෙක් පාර අයිනේ හිඳගෙන සිටි අතර, යේසුස් වහන්සේ යන බව දැනගත් විට, ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්නැයි කෑගැසූහ. සමූහයා ඔවුන්ට තරවටු කොට නිශ්ශබ්ද වන්නැයි කී නමුත්, ස්වාමිනි අපට අනුකම්පා කරන්න කියා ඔවුහු හයියෙන් කෑගැසූහ. යේසුස් වහන්සේ නැවතී ඔවුන්ව කැඳවා "මම ඔබවෙනුවෙන් කුමක් කළ යුතුදැයි එතුමන් අසනු ලැබූසේක. ස්වාමිනි අපට පෙනීම අවශ්‍යය කියා පිළිතුරු දුන්නෝය. යේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පාකොට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහිම ඔවුන්ට පෙනීම ලැබී උන්වහන්සේව අනුගමනය කළහ." අන්ධයන් දයාව සමීබන්ධ කළේ හැඟීමකින් නොව ක්‍රියාවකින් බව සැලකිල්ල්ට ගන්න. ඔවුන්ගේ ශාරීරික ගැටළුව වූයේ ඔවුන්ට නොපෙනීමයි. එබැවින් ඔවුන්ට ලැබුණ දයාව නම් ඔවුන්ගේ ඇස් පෙනීම යථා තත්වයට පත් කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත් වීමයි. දයාව හැඟීමකට වඩා වැඩි යමක්ය.එය සැමවිටම ක්‍රියාවකින් අනුගමනය කෙරේ.

මෙම තෑග්ග සක්‍රීය සේවයේ ප්‍රායෝගික යෙදුමක් මෙන්ම සතුටු සිතින් කළ යුතු වගකිමක්ද වේ. (රෝම12:8). ඊට අමතරව, අප සියල්ලන්ම දයානුකම්පිත අය ලෙස හැදින්වේ. යේසුස් වහන්සේ මතෙව් 25:40 හි පවසන්නේ "මාගේ මේ සහෝදර සහෝදරියන් ගෙන් කෙනෙකු වෙනුවෙන් ඔබ කළ සියල්ල මා වෙනුවෙන් කළ" බවයි. මතෙව් 5:7 අන් අයට අනුකම්පා කරන අයට දයාව දෙන බවට පොරොන්දු දෙයි. අධ්‍යාත්මකව මිය ගිය සහ අන්ධ පව්කාරයන් වශයෙන්, අපි මතෙව් 20 පව්කාරයන් දෙදෙනාට වඩා හොඳ නැත. ඔවුන් ඇස් පෙනීම යථා තත්වයට පත් කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දයානුකම්පාව මත මුළුමනින්ම රඳා පැවතුනා සේම, "උන්වහන්සේගේ දයාව පෙන්වීමට හා ගැලවීම අපට ලබා දීමට අපි උන්වහන්සේ මත රඳා සිටිමු. (ගීතාවලිය 85:7) අපගේ බලාපොරොත්තුවරඳා පවතින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දයාව මත මිස අපගේ කිසිම සුදුසු කමක් මත නොවන බව හොඳින් දැන, මෙම අවබෝධයතුළින් ක්‍රිස්තුස් වහන්සේගේ දයානුකම්පිත සේවය පිළිබඳ ආදර්ශය අනුගමනය කිරීමටත්, එය අපට පෙන්වා ඇති ආකාරයට අනුන්ට අනුකම්පා කිරීමටත් අපව පොළොඹවිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දයාවේ අධ්‍යාත්මික ත්‍යාගය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries