settings icon
share icon
ප්‍රශ්නය

භාෂා තේරුම් කර දීම නමැති ආත්මික දීමනාව නම් කුමක්ද?

පිළිතුර


නානා භාෂා කථා කිරීමේ දීමනාව හා සමගම තවත් දීමනාවක් පිළිබද 1 කොරින්ති 12:10හී සදහන් වේ – එනම් භාෂා තේරුම් කර දීමේ දීමනාවය.? භාෂා තේරුම් කර දීමේ දීමනාව නම් විදේශීය භාෂාවක් අසන්නන්ගේ භාෂාවට පරිවර්තනය කර දීමට ඇති හැකියාවයි. භාෂා තේරුම් කර දීමේ දීමනාව වෙන්වූ දීමනාවක් නමුත් එය නානා භාෂා කථා කිරීමේ දීමනාව හා සමගම ඒකාබද්ධව භාවිතා කර ඇති බවක් දක්නට ලැබේ.

නානා භාෂා කථා කිරීමේ දීමනාව වූ කලී එම භාෂා කථා කරන්නා විසින් කිසිවිටෙක ඉගෙන නොගත් විදේශීය භාෂාවක් කථා කිරීමට ඇති අධි ස්වාභාවික හැකියාවවේ. මෙම දීමනාව ක්‍රියාත්මක වන ආකාරය අපට ක්‍රියා 2:4-12 හී දැක ගත හැක්කේ යෙරුසලමේ සිටි යුදෙව්වරුන් සුභාරංචිය විවිධ භාෂාවන් මගින් දේශනා කරන අයුරු අසන්නට යෙදුනු හෙයිනි. එසේ නම් භාෂා තේරුම් කර දීමේ දීමනාව සතු පුද්ගලයෙකුට අන්‍ය භාෂාව නොදැන සිටියත් එම භාෂාව කථා කරනු ලබන පුද්ගලයා විසින් ප්‍රකාශ කරනු ලබන දේ අවබෝධ කර ගැනීමට හැකිවේ. ස්වභාවික දිමනාවක් වන විවිධ භාෂා අවබෝධ කොටගෙන ඒවා කථා කිරීමට ඇති හැකියාවෙන් ආත්මික දීමනා වෙන් කොට පැහැදිලි ලෙස හදුනා ගැනීමට හැකිවන්නේ ඔවුන්ට යම් භාෂාවක් පිළිබද පූර්ව දැනුමක් නොමැති වීමය. භාෂාව තේරුම් කර දෙන්නා විසින් එම භාෂාව කථා කරන්නාට ඇහුම්කන් දී ඉන් අනතුරුව එම ස්ථානයේ සිටින එම භාෂාව අවබෝධ කරගත නොහැකි ඕනෑම කෙනෙකුට එහි පණිවුඩය සන්නිවේදනය කරනු ලබයි. එහි ඉලක්කය වනාහී සියල්ලන්ටම අවබෝධ කරගත හැකි වනු පිණිසත් කථා කරනු ලබන සත්‍යය කරණකොටගෙන යම් ප්‍රතිලාභයක් ලබා දෙනු වස්ය. අපෝස්තුළු පාවුළුට අනුව සහ ක්‍රියා පොතෙහි විස්තර කොට ඇති නානා භාෂාවන් හා එකග වෙමින් නානා භාෂා කථා කිරීමේ දීමනාව තුළින් අර්ථවත් වූයේ දෙවියන්වහන්සේගේ පණිවුඩය වෙනත් පුද්ගලයෙකුට ඔහුගේ හෝ ඇයගේ භාෂාවෙන් සෘජුවම සන්නිවේදනය කරනු ලැබීමය. සත්‍යය වශයෙන්ම එම ස්ථානයේ සිටිනවුන්ට කථා කරනු ලැබූ භාෂාව අවබෝධ කරගත නොහැකි නම් එම භාෂාව ඵල රහිත වනු ඇති අතර – භාෂා තේරුම් කර දෙනු ලබන්නකු හෝ භාෂා පරිවර්තකයෙකු අවශ්‍යය වන්නේ එහෙයිනි. මෙහි ඉලක්කය වූයේ සභාවේ වර්ධනය වීම පිණිසය (1 කොරින්ති 14:5, 12).

කොරින්ති සභාවේ තිබුණාවූ එක් ගැටළුවක් නම් නානා භාෂා කථා කරන්නවුන් දේව මෙහෙය තුළදී ඔවුන් තුළ වූ නානා භාෂා කථා කිරීමේ දීමනාව භාවිතා කරමින් එසේ කථා කළ නමුදු එම භාෂාව කථා කරනු ලැබූ කෙනෙකු හෝ එයට පරිවර්තකයෙකුද එම ස්ථානයෙහි නොසිටියේය. එහි ප්‍රතිඵලය වූයේ නානා භාෂා කථා කරන්නා විසින් අන්‍යයන්ගේ අවධානය බලාපොරොත්තු වූවත් ඔහුගේ වචන අර්ථ රහිත වූයේ කිසිවකුට ඔහු විසින් කථා කළාවූ කිසිවක් අවබෝධ කර ගැනීමට නොහැකි වූ හෙයිනි. පාවුළු තරයේම අවවාද කරනු ලැබුවේ සභාවේ නානා භාෂා කථා කරන විට ඒවා පරිවර්තනය කළ යුතු බවය. "එසේවී නමුත් අන් භාෂාවකින් දස දහසක් වචන කථා කරනවාට වඩා අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථා කරන්ට කැමැත්තෙමි." (1 කොරින්ති 14:19) සභාවේ සාමාජිකයන්ට අවබෝධ කරගත නොහැකි කිසිවක් ඇසීමෙන් කිසිඳු ප්‍රතිලාභයක් නොමැත. නානා භාෂා කථා කිරීමේ දීමනාව සභාවේ භාවිතා කරමින් තමාට එම දීමනාව ඇති බවට පෙන්වා ලීමට උත්සාහ දැරීම අහංකාර මෙන්ම කිසිඳු ලාභයක් නැත්තක් විය. පාවුළු විසින් කොරින්ති සභාවට පවසනු ලැබුවේ නානා භාෂා කථා කිරීමේ දීමනාව ඇති දෙදෙනෙකුට හෝ තිදෙනෙකටු යම් රැස්වීමකදී කථා කිරීමට අවශ්‍යයවේ නම් භාෂා තේරුම් කර දීම නමැති ආත්මික දීමනාව තිබෙන්නෙකුද එහි සිටිය යුතු බවය. සත්‍යය වශයෙන්ම කිවහොත් "තේරුම් කරදෙන කෙනෙක් නැත්නම් ඔහු සභාවේදී නිශ්ශබ්ද වේවා. තමාටත් දෙවියන්වහන්සේටත් කථා කෙරේවා" (1 කොරින්ති14:28).

නානා භාෂා කථා කිරීමේ දීමනාවෙහි තාවකාලික ස්වභාවය තුළින් ඇගවෙන්නේ භාෂා තේරුම් කර දීමේ දීමනාවද තාවකාලික ස්වභාවයක් ගනු ලබන බවය. නානා භාෂා කථා කිරීමේ දීමනාව අද සභාවෙහි ක්‍රියාත්මක වන්නේ නම් එය ශුද්ධ ලියවිලි වලට අනුකුලව සිදු වනු ලබයි. එය සැබෑ මෙන්ම බුද්ධිමත් භාෂාවන් වනු ඇත (1 කොරින්ති 14:10). එය දෙවියන් වහන්සේගේ වචනය වෙනත් භාෂාවක පුද්ගලයෙකුට සන්නිවේදනය කිරීමේ අරමුණ සදහා වන අතර (ක්‍රියා 2:6-12), "ඔබිනා ලෙසද පිළිවෙලින්ද" (1 කොරින්ති 14:40), "මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලූ සභාවන්හී එසේමය" (1 කොරින්ති 14:33).

English



නැවතත් සිංහල මුල් පිටුවට

භාෂා තේරුම් කර දීම නමැති ආත්මික දීමනාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries