settings icon
share icon
ප්‍රශ්නය

ආත්මික ඇදහිල්ලේ දිමනාව යනු කුමක්ද?

පිළිතුර


1 කොරින්ති 12 පරිච්ඡෙදයේ සදහන් ආත්මයාණන්ගෙන් ලැබෙන දීමනා ලයිස්තුවේ ආත්මික ඇදහිල්ලේ දීමනාවද සදහන්ව ඇත. එහි 9 වන පරිච්ඡේදයේ සදහන් වන්නේ, ඇතැම් අයට ඇදහිල්ලේ ආත්මික දීමනාව ලබා දී ඇති බව මුත්, එම දීමනාව ගැන වැඩි විස්තරයක් සදහන් කර නැත. සෑම ඇදහිලිවන්තයෙකුටම දෙවියන්වහන්සේ විසින් ගැලවීමේ ඇදහිල්ල ලබා දී ඇත. (එපීස 2:8–9) නමුත්, ආත්මික ඇදහිල්ලේ දීමනාව සෑම දෙනාටම ලබා දී නැත. ශුද්ධාත්මයාණන්ගේ අනෙකුත් දීමනා මෙන්ම ආතමික ඇදහිල්ලේ දීමනාව ලබා දී ඇත්තේ අන්‍යොන්‍ය යහපත එනම්, ක්‍රිස්තුස් වහන්සේ ගැන ප්‍රකාශ වීම සදහාය.

ඇදහිල්ලේ දීමනාව යනු කිතුනුවන් හට ශුද්ධාත්මයාණන් විසින් ලබා දෙන විශේෂිත දීමනවක් වන අතර, එමගින් දෙවියන්වහන්සේගේ පොරොන්දු, බලය හා උන්වහන්සේගේ වැඩ විසීම ගැන සුවිශේෂි විශ්වාසයක් ලබා දී දේව සබාව තුල ඉදිරියේ දී දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරකම් ගැන එඩිතර සහභාගිත්වයක් ලබාදීමට ඔවුන්ට හැකිවනු ඇත. ආත්මික ඇදහිල්ලේ දීමනාව ලැබී ඇති අය තුල පෙන්නුම් කරන ලක්ෂණයක් වනුයේ, දෙවියන්වහන්සේගේ වචනය සහ පොරොන්දු ගැන ඇති බලවත් හා අචල විශ්වාසය වේ. එවැනි අය ගැන උදාහරණ හෙබ්‍රෙව් 11 වන පරිච්ඡෙදයේ සදහන් වේ. මෙම පරිච්ඡෙදය බොහෝ විට ඇදහිල්ලේ මුලාස්ථානය යනුවෙන් හදුන්වන අතර අසමාන්‍ය ඇදහිලක් කරනකොට ගෙන අසාමාන්‍ය, අස්වාභාවික ක්‍රියා සිදු කරන අය ගැන විස්තර කර ඇත. එහි සදහන් වන පරිදි කිසිම වර්ෂාවක් නොපැවති සමයකදී විශාල නෞකාවක් සෑදීමට නෝවා වසර 120 ක් වැය කිරීම, තම භාර්යාවන් දරුවන් ලැබීමේ හැකියාව ඇති වයස ඉක්මවා තිබුණද, තමාට ඇයගෙන් දරුවකු ලබාගත හැකි බවට ආබ්‍රහම් විශ්වාස කිරීම යන කරුණු සදහන් වේ. දෙවියන්වහන්සේගෙන් ඔවුන් ලැබු විශේෂ ඇදහිල්ලේ දීමනාව නොවන්නේ නම ඔවුන්ට එවැනි දේ කිරීමට අසීරුය.

වෙනත් සියඵම ආත්මික දීමනා මෙන්ම, සමහර කිතුනුවන් හට ලබා දී ඇති ඇදහිල්ලේ දීමනාව, ඔවුන් බොහෝ විට භාවිතා කරනුයේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරිරය තුල, දෙවියන්වහන්සේ ගැන ඇති විශ්වාසය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන් පවසන දේවල් අන්‍යයන්ට පිලිබ්ඹු කර ඔවුන් ප්‍රබෝධමත් කිරීමටය. අසමාන්‍ය ලෙස ඇදහිල්ලක් ඇති අය, අන් අයහට පෙනෙන්නේ, යටත්පහත්, දේවත්වයක් ඇති සහ දෙවියන්වහන්සේගේ පොරොන්දු මත යැපෙන, බොහෝ විට නිහඩ, නිර්භිත සහ අතීශයෙන් උද්යෝගී අය ලෙසිනි. දේව වචනය ගැන සහ දෙවියන්වහන්සේගේ සැලසුම් වලට එල්ල වන බාධක සියල්ලම ජයගත හැකි බව ඔවුන් තරයේ විශ්වාස කරන අතර, දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ අභිමතයන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සුරක්ෂිත කරන බවට ඔවුන්ගේ විශ්වාසය කොතරම් ප්‍රබලදයත්, දේව රාජ්‍යය ප්‍රචලිත කිරීමේ ක්‍රියාව, බොහෝ ප්‍රඥාවත්, උගත් දේශකයන් සහ ගුරුවරුන්ට වඩා හොදින් ඉටු කිරීමට ඔවුන්ට හැකි බව විශ්වාස කරති.

සමස්ථයක් වශයෙන් බලන කල, සියඵම කිතුනුවන්ට දෙවියන්වහන්සේගේ ගැලවීමේ ඇදහිල්ල ලබා දී ඇත. තමන්ගේ ඇදහිල්ල පිලිබ්ඹු කරන අයද, තමාගේ ඇදහිල්ල කරණකොට ගෙන අන්‍යයන් හට ප්‍රිතියක් සහ දිරිගැන්වීමක් ගෙන දෙන සමහර අයටද එම ඇදහිල්ලේ දීමනාව ලබා දෙනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මික ඇදහිල්ලේ දිමනාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries