settings icon
share icon
ප්‍රශ්නය

ධෛර්යමත් කිරීම නමැති ආත්මික දීමනාව නම් කුමක්ද?

පිළිතුර


ධෛර්යමත් කිරීම නමැති ආත්මික දීමනාව නොහොත් අනුශාසනා දීම හමුවන්නේ රෝම 12:7-8 හී සදහන් වන පාවුළුගේ දීමනා ලැයිස්තුවෙනි. ධෛර්යමත් කිරීම නොහොත් අනුශාසනා දීම ලෙස පරිවර්තනය වී ඇති වචනය නම් ග්‍රීක වචනයක් වන "පැරක්ලේසිස්" යන්න වන අතර එය උපකාරකයා / අනුශාසකයා යන්නට සම්බන්ධ වූවකි. "පැරක්ලේසිස්" යන්නෙන් මූලිකවම අර්ථවත් වනුයේ "යමෙකුගේ පක්ෂයට ඇමතීම" වේ.

"පැරක්ලේසිස්" යන්න "අවවාද කිරීම", "උනන්දු කිරීම", "ධෛර්යමත් කිරීම", "ප්‍රීතිය ලබා දීම" මෙන්ම ඔහුව හෝ ඇය "සැනසීම" සදහා යමෙකු සමීපව ගෙන ඒමේ අදහස දරයි. මෙම සියලූ ක්‍රියාවන් එක්ව සකස් වීම තුළින් ධෛර්යමත් කිරීම නමැති දීමනාව ඇතිවේ. නිදසුනක් ලෙස පාවුළු බොහෝ විට තමා විසින් ලියනු ලැබූ යමක් මත ක්‍රියාත්මක වන ලෙස තම පාඨකයන්ගෙන් අයද සිටි මෙන්ම ඔවුන්ට අනුශාසනා දෙනු ලැබීය. ඉතාමත්ම කදිම නිදසුනක් නම් රෝම 12:1-2 හී ඔහු රෝමානුවන්ගෙන් අයද සිටින්නේ තමන්ගේ ශරීරයන් ජීවමානවු යාගයක් කොට ඔප්පු කරන ලෙසය. මෙසේ කිරිම තුළින් ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගනු ලබන මෙන්ම අවබෝධ කර ගනු ලබති.

සිත්ගන්නා පරිදි, යේසුස්වහන්සේ විසින් තමන්ව අත් අඩංගුවට ගනු ලැබූ රාත්‍රියෙදී තම ශ්‍රාවකයන් සමග කථා කරමින් සිටින විට උන්වහන්සේ විසින් පවසනු ලැබුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ "උපකාරකයාණන්" හෝ "සැනසිලිදායකයාණන්" ලෙසය (යොහාන් 14:16, 26; 15:26). මේ හේතුකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ "උපකාරකයාණන් / අනුශාසකයාණන්" ලෙස එනම් අපට අනුශාසනා දීමට හෝ අපව ධෛර්‍යයමත් කිරිමට පැමිණෙනු ලබන තැණන්වහන්සේ ලෙසට හඳුන්වනු ලබන සේක. ධෛර්යමත් කිරීම නමැති ආත්මික දීමනාව ලද පුද්ගලයෙකුට එම දීමනාව පොදු මෙන්ම පෞද්ගලික පසුතලයන්හී භාවිතා කල හැක. ධෛර්යමත් කිරීම වනාහී අනුශාසනා කිරිම්, ගෝලත්වය, උපදේශකත්වය සහ සුභාරංචිය දේශනා කිරීමට සදහා ඵලදායි වේ. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ඇදහිල්ලෙන් ගොඩ නගා ඇත්තේ ධෛර්යමත් කිරීම නමැති දීමනාව ඇති අයගේ දේව සේවයේ ප්‍රතිඵලයක් වශයෙනි.

ධෛර්යමත් කිරීම නමැති දීමනාව නොහොත් අනුශාසනා දීම ඉගැන්වීමේ දීමනාවෙන් වෙනස් වනු ලබන්නේ, අනුශාසනා දීම ඉලක්ක කොට ගනු ලබන්නේ දේව වචනයේ ප්‍රායෝගික භාවිතාව කෙරෙහිය. ඉගැන්වීමේ දීමනාව ඇත්තා දේව වචනයේ අර්ථය සහ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කරන අතර ධෛර්යමත් කිරීම නමැති දීමනාව ඇත්තා දේව වචනයේ ප්‍රායෝගික භාවිතාව කෙරෙහි අවධනය යොමු කරනු ලබයි. ඔහුට හෝ ඇයට අන් හා සමග කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව අවබෝධයකින්, අනුකමිපා සහගතව මෙන්ම ධනාත්මක මගපෙන්වීමකින් යුක්තව සම්බන්ධ විය හැක. ඉගැන්වීම් තුළින් ප්‍රකාශ කරනුයේ "ඔබ යා යුතු මාර්ගය මෙයයි" ලෙස වන අතරත ධෛර්යමත් කිරීම තුළින් ප්‍රකාශ කරනුයේ "එම මාර්ගයේ ගමන් කිරීමට මම ඔබට උපකාර කරන්නෙමි" ලෙසය. ධෛර්යමත් කිරීම නමැති දීමනාව ඇත්තකුට තවත් පුද්ගලයෙකුට අශුභවාදයේ සිට ශුභවාදයට ගමන් කිරීමට උපකාර විය හැක.

ධෛර්යමත් කිරීම නමැති දීමනාව ඇති පුද්ගලයෙකු ලෙසට දේව වචනානුකූලව ගත හැකි ඉතාමත් හොදම නිදසුන නම් බාර්ණබස්ය. ඔහුගේ සැබෑ නාමය යොසෙප් වූවත් අපොස්තුළුවරුන් විසින් ඔහුව අමතනු ලැබුවේ "බාර්ණබස්" ලෙසය, එහි අර්ථය වනුයේ "අනුශාසනාවේ පුත්‍රයා" (ක්‍රියා 4:36) යන්න වේ. ක්‍රියා 9:27 හී අපට දක්නට ලැබෙනුයේ බාර්ණබස් විසින් අලූතෙන් හැරුණාවූ පාවුළු හා එක්ම ගමන් කරමින් ඔහුව පරික්ෂාකාරි සභාවකට හඳුන්වා දීමයග ක්‍රියා 13:43 හී බාර්ණබස් විසින් ඇදහිලිවන්තයන්ව ධෛර්යමත් කරනු ලැබුවේ දෙවියන්වහන්සේගේ කරුණාව තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යනු ලබන ලෙසය. ක්‍රියා 15:36-41 හී මාර්ක් මීට පෙරාතුව මිෂනාරී උත්සාහය අත්හැර දමා තිබුනද බාර්ණබස් විසින් යොහාන් මාර්ක්ව දේව සේවයේ හවුල් කරුවකු ලෙසට තෝරා ගනු ලැබීය. වෙනත් වචන වලින් කිවහොත් බාර්ණබස් විසින් මාර්ක්ට දෙවන අවස්ථාවක් දෙනු ලැබීය. බාර්ණබස්ගේ දේව සේවය පුරාවටම ඔහු විසින් ධෛර්යමත් කිරීම නමැති දීමනාව සාක්ෂි දරනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වඩාත් ඵලදායි වීමට උපකාර කිරීම, සැනසීම සහ ධෛර්යමත් කිරීම සදහා අන් අයව ඔහුගේ පක්ෂයට කැදවීම තුළිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ධෛර්යමත් කිරීම නමැති ආත්මික දීමනාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries