settings icon
share icon
ප්‍රශ්නය

ආත්මවල් විමසීමේ ආත්මික දීමනාව නම් කුමක්ද?

පිළිතුර


ආත්මවල් විමසීමේ දීමනාව හෝ ආත්මවල් "පැහැදිලි ලෙස වටහා ගැනීමේ" දීමනාව වූ කලී 1 කොරින්ති 12:4–11හී විස්තර කොට ඇති ශුද්ධාත්මයාණන්වහන්සේගේ එක් දීමනාවකි. මේ සියලූ දීමනා හා සේම ආත්මවල් විමසීමේ දීමනාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් විසුරුවා හරිනු ලබන්නේ ඇදහිලිවන්තයන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සේවය කරනු පිණිසය. සෑම ඇදහිලිවන්තයෙකුටම නිශ්චිත සේවාවක් සදහා අධ්‍යාත්මික හැකියාවක් ඇති නමුත් ස්වයං තේරීමකට ඉඩක් නොමැත. ආත්මයාණන් වහන්සේ විසින් මෙම ආත්මික දීමනා බෙදා හරිනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීර වැඩි දියුණු කිරීමේ සැලැස්මට අනුවය. උන්වහන්සේ විසින් උන්වහන්සේගේ දීමනා දෙනු ලබන්නේ එතුමන් "කැමැති ආකාරයටය" (1 කොරින්ති 12:11).

ආත්මවල් විමසීමේ දීමනාව වනාහී සෑම නැවත උත්පාදනය ලද කිතුණුවෙකු තුළම යම් ප්‍රමාණයක වටහා ගැනීමේ අවබෝධයක් ඇති අතර ඇදහිලිවන්තයා අධ්‍යාත්මිකව පරිණත වෙත්ම එය වැඩි වර්ධනය වීම ආරම්භවේ. හෙබ්‍රව් 5:13–14 හී අපට කියවන්නට ලැබෙනුයේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ළදරුවෙකු වචනය නමැති කිරි භාවිතා කිරීමෙන් ඔබ්බට පරිණත වූ ඇදහිල්වන්තයෙකුට යහපත සහ අයහපත යන දෙකම වටහා ගත හැකි බවයග පරිණත භාවයට පත්වන ඇදහිලිවන්තයාට යහපත සහ අයහපත අතර වෙනත සහ ඉන් ඔබ්බට පැවසීමට ශුද්ධ ලියවිල්ල තුළින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් බලය ලබා දී ඇති අතර ඔහුට යහපත් දේ සහ වඩාත් යහපත් දේ අතර වෙනසද හඳුනාගත හැකිවේ. වෙනත් වචන වලින් කිවහොත් නැවත උත්පාදනය ලද කිතුණුවෙකු විසින් දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි අවධානය තැබීමට තෝරා ගන්නේ නම් එය ආත්මවල් විමසීමක් වේ.

කෙසේ වෙතත් ආත්මවල් විමසීමේ ආත්මික දීමනාව ඇති සමහර ඇදහිලිවන්තයන් සිටිති – එනම් යක්ෂයින් විසින් ව්‍යාප්ත කරනු ලබන මායාකාර ඉගැන්වීම් සහ දේව වචනයේ අතර සත්‍යයතාවය පැහැදිලි ලෙස වටහා ගැනීමට ඇති දෙවියන්වහන්සේ විසින් දී ඇති හැකියාවන් සතු අයවේ. ආත්මවල් විමසීමේ යුක්ත වීමට අපට අනුශාසනා දෙනු ලබන නමුත් (ක්‍රියා 17:11; 1 යොහාන් 4:1), ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සමහරුන්ට පළමු ශතවර්ශයේ සිට සභාව තුළ වසංගත තත්වයක් ඇති කළ "වංචා සහගත" ඉගැන්වීම් සොයා ගනු වස් අද්විතීය හැකියාවක් දෙනු ලැබීය. මෙම වටහා ගැනීමේ අවබෝධයට ගුප්ත, දේව වචනානුකූල නොවන හෙළිදරව් කිරීම් හෝ දෙවියන්වහන්සේගේ හඩක් සම්බන්ධ නොවේ. ඒ වෙනුවට ආත්මවල් විමසීමේ යුක්ත වූවන් කෙතරම් දේව වචනය හා සමග හුරුපුරුදුද යත් ඊට පටහැනි යමක් වේද ක්ෂණයකින් ඔවුන් එය වටහා ගනු ලබති. ඔවුන් දෙවියන්වහන්සේගෙන් විශේෂ පණිවුඩ නොලබති; "ආත්මයන් පරීක්ෂා කොට බැලීමට" ඔවුන් විසින් දෙවියන්වහන්සේගේ වචනය භාවිතා කරනු ලබන අතර දෙවියන්වහන්සේ සමග පෙළ ගැසී සිටින අයුරු මෙන්ම උන්වහන්සේට විරුද්ධව සිටිනවාද යන්න සොයා බැලීමටය. ආත්මවල් විමසීමේ යුක්ත වූවන් දේව වචනය "හරි ආකාරව පහදා දීමට" (2 තිමොති 2:15) කාර්යශීලි වෙති.

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සන්නද්ධ කරනු වස් විවිධ වූ දීමනාවන් ඇති නමුත් එම විවිධාංගයන් තුළින් අර්ථවත් වනුයේ සමස්තයක් ලෙස එම ශරීරය වැඩි දියුණු කරනු වස්ය (එපීස 4:12). එම ශරීරයේ සාර්ථකත්වය රදා පවතින්නේ දෙවියන්වහන්සේ ඔවුන්ට හැකියාව ලබා දී ඇති පරිදි ශරීරයේ සෑම කොටසක්ම විශ්වාසවන්තව ඔවුන්ගේ කාර්‍යය ඉටු කිරීම මතය. අන් අය කෙරෙහි ආධිපත්‍යයක් දැරීමට හෝ දෙවියන්වහන්සේගෙන් විශේෂ අභිෂේක කිරීමක් ලබා ගැනීමට ආත්මික දීමනා භාවිතා නොකළ යුතු වෙති. ඒ වෙනුවට දෙවියන්වහන්සේගේ ප්‍රේමය යනු ස්වාමින්වහන්සේ තුළ එකිනෙකා වැඩි දියුණු කිරීම සදහා ආත්මික දීමනා භාවිතා කිරීමට මග පෙන්වීම වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මවල් විමසීමේ ආත්මික දීමනාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries