settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවෙක්ගේ ජාන ඉංජිනේරු විද්‍යාව පිළිඹද දැක්ම කෙබදු විය යුතුද?

පිළිතුර


බයිබලය ලියන ලද කාලයේදී ජාන ඉංජිනේරු විද්‍යාව නොදැන සිටි හෙයින්, එම මාතෘකාව මත පමණක් ස්ථීර නිර්දේශණයක් පිහිටුවීම අපහසුය. ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව කිතුණු දැක්ම තීරණය කිරිමට අප ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මූලික ප්‍රතිපත්ති වල කොටු සැලැස්මක් සාදා ගත යුතු වේ. ක්ලෝනීකරණය පිළිබඳ කිතුණු විශේෂ මතය / දැක්ම සඳහා "ක්ලෝනීකරණය පිලිබඳ කිතුණු දැක්ම කුමක්ද" බලන්න.

ජාන ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධ වන සැලකිල්ලට ගැනෙන විශිෂ්ට මූලධර්මය නම් මනුෂ්‍යසංහතියට, මනුෂ්‍ය ශරීරය සහ අනෙකුත් මැවිල්ල පිළිබඳ ගත හැකි වගකීම කොපමණක්ද යන්නයි. ශාරීරික සෞඛ්‍ය පිළිබඳ වගකීම් දරණ ලෙස බයිබලය අපව උනන්දු කිරීම පිළිබඳ අපට කිසි සැකයක් නැත. පුද්ගලිකව ශාරීරික සෞඛ්‍ය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කළ යුතු සමහර ක්‍රියාවන් / අභ්‍යාස පිළිබඳ හිතෝපදේශ පොත අපව යොමු කරයි (හිතෝපදේශ 12:18). ශරීරය රැකබලා ගැනීම පිළිබඳ අපට විශේෂ වගකීමක් ඇති බව පාවුල්තුමා පවසයි (එපීස 5”:29). ඔහුගේ සංරක්‍ෂිතයා, තිමොතිටද තමන්ගේ දුර්වලතා සඳහා ඖෂධ ලබා ගන්නා ලෙස උනන්දු කරවයි (1 තිමොති 5:23). ශුද්ධාත්මායාණන් වහන්සේගේ මාළිගාව වන ශරීරය නිසි ලෙස පරිහරණය කිරීම ගැන ඇදහිලිවතුන්ට වගකීමක් වේ (1 කොරින්ති 6:19,20). ශාරීරික අවශ්‍යතාවයන් ඇති අයට උපකාර කිරීමෙන් අප අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරනු ලබයි (යාකොබ් 2:16). එබැවින් කිතුණුවන් ලෙස අපගේම සහ අන් අයගේ යහපත සඳහා සැලකිලිමත් විය යුතුවේ.

මැවිල්ල රැකබලා ගැනීමට දෙනු ලැබුවේ මනුෂ්‍යයන්ටය (උත්පත්ති 1:28, 2:15-20). නමුත් බයිබලය අපට පවසන්නේ අපගේ පාපය කරණකොටගෙන මැවිල්ලට බලපෑමක් වූ බවය (උත්පත්ති 3:17-19, රෝම 8:19-21) ඒ අතරම පාපයේ බලපෑමෙන් මුදවා ගැනීමක් සඳහා මැවිල්ල මහත් උනන්දුවෙන් බලා සිටින බවය. මැවිල්ලේ රැකවලුන් ලෙස මනුෂ්‍යයන්ට, හැකි කිනම් උපක්‍රමයක් හෝ පරිහරණය කර අවශ්‍යයෙන්ම කළ යුතු වන්නේ පාපයේ ශාපයෙන් සහ එහි බලපෑම් වලින් මැවිල්ල මුදවා යහපත් පෙළ ගැන්නුමකට ගෙන ඒමය. එබැවින් මැවිල්ලේ අභිවෘද්ධිය සදහා ඕනෑම විද්‍යානුකුල චින්තනයක් පරිහරණය කළ හැකිය. මෙම යහපත සඳහා ජාන ඉංජිනේරු විඳ්‍යාව පරිහරණය කිරිම සඳහා යම් සැලකිල්ලක් යොමු වී ඇත.

1. දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ගබඩාකාරයන් ලෙස අපට දුන් භුමිකාවට වඩා ඉක්මවා යන කාර්යයක් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් සිදුවන්නේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙන උන්වහන්සේ උදෙසා මවා ඇති බව බයිබලය පවසයි (කොාලාස්සි 1:16). දෙවියන් වහන්සේ සියලු ජීවමාන දේවල් ස්වකීය වර්ගය බෝ කරන පිණිස ඒ ඒ "ජාතීන් / වර්ග" ලෙස සැළසුම් නිර්මාණය කරන ලදී (උත්පත්ති 1:11-25). වඩාත් ජානපරිහරණය කිරීම (ජාතීන් වෙනස් කිරීම) සැළසුම්කරු උදෙසා රක්‍ෂිත දේවල් අප වේශනය කිරීමක් විය හැකිය.

2. දෙවියන් වහන්සේගේ මැවිල්ල ප්‍රතිස්ථාපනය කිරීම අවහිර කිරීම සඳහා ජාන ඉංජිනේරු විද්‍යාව උත්සාහ කරන බවට සිතිවිල්ලක් වේ. ප්‍රකාශ කරන ලද ආකාරයටම, මැවිල්ල විකෘත වූයේ උත්පත්ති 3 වන පරිච්ජේදයෙහි වාර්ථා කරන ලද ආකාරයටය. (දෙවියන් වහන්සේ ගේ සැළසුමට එරෙහිව මනුෂ්‍යය සංහතිය කැරළි ගැසීම). මරණය ලොවට පිවිසීමත් සමඟම මනුෂ්‍යයාගේ ජාන එක්වීමෙන් සැකසීම, සහ මුළු මැවිල්ල අභාවප්‍රාප්තිය සඳහා වෙනස්වීමකට ලක්විය. සමහර සිද්ධින් වලදී පාපයේ විපාකය වන "ශාපය" නිෂ්ප්‍රභා කරන පිණිස ගත් උත්සාහයක් ලෙස ජාන ඉංජිනේරු විද්‍යාව දැකිය හැකිය. රෝම පොතෙහි 8 වන හා 1 කොරින්ති 15 පරිච්ජේදයන්හි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන මුදවා ගැනීමේ පිළියමක් ඇති බව දෙවියන් වහන්සේ පවසා ඇත. මූල නිර්මාණයට වඩා යහපත් ප්‍රතිස්ථාපනයක් උදෙසා දෙවියන් වහන්සේ පොරොන්දුව පරිදි මැවිල්ල අලුත්වීමක් සමඟම ස්තකප්‍රාප්තිය උදෙසා පූර්වා පේක්‍ෂාවෙන් බලා සිටී. මෙම ක්‍රියාවලිය තුළ "තව දුරටත්" යෑම ප්‍රතිස්ථාපනය සඳහා පුද්ගලිකව දෙවියන් වහන්සේ මත රඳා පැවතීමේ වගකීම සමග තරඟ කිරීමක් විය හැකිය (පිලිප්පි 3:21).

3. දෙවියන් වහන්සේ විසින් අණකරනලද ජීවිත රටා ක්‍රියාවලියට ජාන ඉංජිනේරු විද්‍යාව බාධා කිරීමක් ලෙස සැලකිය හැකිය. ලියවිල්ලෙහි සාධාරණ සාමාන්‍ය අධ්‍යනයකින් වුවද ජීවිත රටා ක්‍රියාවලිය පිළිබඳ දෙවියන් වහන්සේට සැළසුමක් ඇති බවට ප්‍රත්‍යක්‍ෂ වේ. උදාහරණයක් ලෙස ගීතාවලිය 139 හි ගීතිකාකරුවා සහ මැවුම්කාරයාණන් අතර ගර්භාෂයේ පටන්ම සම්බන්ධතාවයක් තිබූ බවට ප්‍රකාශ කරයි. දෙවියන් වහන්සේගේ සැලසුමට පිටින් ජීවයක් නිර්මාණය කිරීම දේව-සවිඥානය සහිත ප්‍රානයක් වර්ධනය කිරීම උවදුරක හෙළීමක් වේද? මාංසික ජීවින රටාවට මැදිහත්වීම ආත්මික ජීවිතයේ අපේක්‍ෂාවන් වලට බලපෑමක් ඇති කරයිද? රෝම 5:12 ප්‍රකාශ කරන්නේ ආදම් පව් කළ බැවින් මුළු මනුෂ්‍යය සංහතියම පව් කළ බවය. පාපිෂ්ට ස්වභාවය පරම්පරාවෙන් පරම්පරාවට සංකුමණයවීම කරණකොට ගෙන සියලු දෙනාම පව් කළබව මෙයින් පැහැදිලි වේ (රෝම 3:23). ආදම් ගේ පාපය ජයගැනීම කරණකොටගෙන සදාකාලිකත්වයේ බලාපොරොත්තුව පාවුල්තුමා පැහැදිලි කරයි. ආදම් තුළින් පැවතෙන සියලුම දෙනා (ආදම්ගේ බීජය) මරණයට පත්වුවහොත් එම තත්වයේ සිටින්නන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය දානය කළ බැවින්, එම "බීජයට" පිටතින් සැදෙන ජීවිතයක් මුදවා ගතහැකිද? (1 කොරින්ති 15:22, 23).

4. ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුවත් සමඟ එය නිර්භිතව පරිශ්‍රීලනය කිරීම දෙවියන් වහන්සේ ගෙන් වූ දෙයට මහත් අකීකරුවිමක අභිප්‍රේරිතවීමක් බවය. උත්පත්ති 11:1-9 දක්වා මැවිල්ල මැවුම්කාරයාණන් අභිබවා යන්නට උත්සාහ කළ අවස්ථාවේ සිදුවුයේ කුමක්ද යන්න පැහැදිලි කරයි. උත්පත්ති 11 හි සෙනඟ එක්සත්ව සිටි නමුත් ඔවුන් දෙවියන් වහන්සේට අවනත වූයේ නැත. එහි ප්‍රතිඵලය වශයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ගේ අභිවෘද්ධිය නතර කළ සේක. ඔවුන් ගමන් කරමින් සිටි දිශාවෙහි ඇති භයානකම සැබවින්ම දෙවියන් වහන්සේ හදුනාගත් සේක. ඊට සමාන අවවාදයක් / තරවටුවක් රෝම 1:18-32 අපටද දී ඇත. මැවිල්ල සමඟ සිත් ඇළලී ගිය එක් එක්කෙනා පිළිබඳ විග්‍රහයක් ඇත (මැවුම්කාරයාණන් වහන්සේ නමස්කාර නොකරසැබවින්ම මැවිල්ල නමස්කාර කිරීම) එබැවින් ඔවුන් විනාශයට පමුණුවන ලද බව පැවසේ. භීතියටකරුණ නම් ජාන ඉංජිනේරු විද්‍යාවද ඊට සමානවූ අභිප්‍රේරනයයන් සාදා එවැනිම ප්‍රතිවිපාක ලබනවා ඇතයන්නයි.

වර්තමානයේ අපට පිළිතුරු නැති ප්‍රශ්ණ සහ විසඳිය යුතු ප්‍රශ්ණ මේවාය. නමුත් කිතුණුවන් මේවා හොඳින් සළකා බලා ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මතයක් ගොඩනැඟිමට උත්සාහයක් ගත යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවෙක්ගේ ජාන ඉංජිනේරු විද්‍යාව පිළිඹද දැක්ම කෙබදු විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries