settings icon
share icon
ප්‍රශ්නය

පරම්පරාගත ශාප බිඳ දැමීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලයේ ස්ථාන කිහිපයක "පරම්පරාගත ශාපය" ගැන සඳහන් වේ. නික්මයාම 20:5 මෙසේ සඳහන් වේ. මන්ද නුඹේ දෙවි සමිදාණන්වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.)

නික්මයාම 34:7 මෙසේ සඳහන් වේ. මම දහස් ගණනකට කරුණාව පාමින් දුෂ්ඨමකටද නපුර හා පාපයටද කමාව දෙන්නෙමි. එහෙත වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන්වන හතරවන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණබුරන්ට දඬුවම් කරන දෙවියන්වහන්සේ මම යැයි වදාළ සේක. (ගණන් කථාව14:8, 5:9) දෙවියන්වහන්සේ අනතුරු අඟවන්නේ ඔහු "ඊෂ්‍යා සහගත දෙවිකෙනෙක්" වන අතර, මට වෛරකරනඅයගේ තුන්වනසහ සිව්වනපරම්පරාවට පියවරුන්ගේ පාපය වෙනුවෙන් දඬුවම් කරනබවයි.

පියවරුන්ගේ පාපවලටදරුවන්ටදඬුවම් කිරීම දෙවියන් වහන්සේ අසාධාරණයැයි හැඟේ. කෙසේ වෙතත් ඊට වඩා වැඩි යමක්ඇත. පාපයේ ප්‍රතිඵලයස්වභාවිකවමපරම්පරාවෙන් පරම්පරාවටසම්ප්‍රේෂණය වේ. පියකුටපව්කාර ජීවනරටාවක් ඇතිවිට, ඔහුගේ දරුවන්ටදඑමපව්කාර ජීවනරටාවම අනුගමනයකරනු ඇත. නික්මයාම 20:5යනු දරුවන් තම පියවරුන්ගේ පව් නැවත කිරීම තෝරා ගැනීමයි. යුදෙව් ටාගුම් හි සඳහන් වන්නේ මෙම ඡේදයේ "අභක්තික පියවරුන්" සහ කැරලිකාර දරුවන්" යන්නයි.

එබැවින් තුන්වන හෝ සිව්වන පරම්පරාවට දෙවියන්වහන්සේ දඬුවම් කිරීම අසාධාරණ නොවේ. එම පරම්පරාවන් ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ පාපයන්ම කරති.

සෑම පාපයක්ම හා ගැටළුවක්ම යම් ආකාරයක පරම්පරා ගත ශාපයකට දොස් පැවරීමේ ප්‍රවණතාවයක් අද සභාව තුළ පවතී. මෙය බයිබලානූකුල නොවේ. අනාගත පරපුර පිළිබඳ විමසීමට දෙවියන්ගේ අනතුරු ඇඟවීම පැරණි ගිවිසුමේ නීතීයේ කොටසකි. පරම්පරාගත ශාපයක් යනු නිශ්චිත ජාතියකට (ඉශ්රායෙල්) නිශ්චිත පාපයක් (රූප වන්දනාවක්) සඳහා වූ ප්‍රති විපායකි. පැරණි ගිවිසුමේ (විශේෂයෙන් විනිශ්චයකාරවරුන්ගේ) ඉතිහාස පොත්වල මෙම දිව්‍යමය දඬුවම පිළිබඳ වාර්තාව අඩංගු වේ.

පරම්පරාගත ශාපයට පිළියම සැමවිට පසුතැවීමයි. ජීවමාන දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා ඊශ්‍රායලය පිළිමවලින් හැරී ගිය විට "ශාපය" බිඳී දෙවියන්වහන්සේ ඔවුන් ගළවා ගන්නේය. විනිශ්චයකාරයා 3:9 මෙසේ සඳහන් වේ. ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන්වහන්සේට මොරගැසූ කල සමිඳාණන්වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ගැළවුම් කාරයෙකු එවා වදාළ සේක. ඔහු වු කලි කාලෙබ්ගේ බාළ සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල්ය (1 සාමුවෙල් 12:10-11). එවිට ඔව්හු සමිඳාණන්වහන්සේට මොරගසමින් අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දෙවි දේවතාවන්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම් පිදුම් කිරීමෙන් පව් කළෙමු. එහෙත් අපේ සතුරන් අතින් අප ගැළෙවුන මැනව. අපි ඔබවහන්සේට වැඳුම් පිදුම් කරන්නෙමුයි කීවෝය). ඔව්, තුන්වන හා සිව්වන පරම්පරාවලට ඊශායලයෙලයේ දඬුවම් කිරීමට දෙවියන් පොරොන්දු වූ නමුත් ඊළඟ පදයේම ඔහු මට පොරොන්දු වූයේ "මට ප්‍රේම කරන සහ මගේ අණ පණත් පිළිපදින අයගෙන් දහස් ගණනකට (පරම්පරා) ප්‍රේමය පෙන්වන බවයි. නික්මයාම 20:6 මෙසේ සඳහන් වේ. "එහෙත් මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපඳින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි."

පරම්පරාගත ශාපයක් ගැන කණස්සල්ලට පත්වන කෙනෙකුට, පිළිතුර නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීමයි. කිතුනුවකු යනු නව මැවිල්ලකි. පැරණිදේ පහව ගොස් ඇත. දැන් සියල්ලම අළුත් වී තිබේ. දෙවියන්වහන්සේගේ දරුවකු තවමත් දෙවියන්වහන්සේගේ ශාපයට යටත් වන්නේ කෙසේද? (රෝම 8:1 මෙසේ සඳහන් වේ. මෙසේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් වන්නවුනට විරුද්ධව නඩූ තීන්දුවක් නැත.) "පරම්පරාවේ ශාපයක් සඳහා ප්‍රතිකාරය නම්, පාපයේ පසු තැවීම, ඇදහිල්ල සහ ස්වාමියාට කැපකළ ජීවිතයයි (රෝම 12:1-2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරම්පරාගත ශාප බිඳ දැමීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries