settings icon
share icon
ප්‍රශ්නය

ඊශ්‍රායෙල්වරුන් ජාතියක් වශයෙන් ප්‍රතිසංසකරණය වීම අත්දුටු පරම්පරාව යේසුස් වහන්සේගේ දෙවන ඊම තෙක් ජීවත්ව සිටිත්ද?

පිළිතුර


මෙම සංකල්පය සාමාන්‍යයෙන් උපුටා ගෙන ඇත්තේ මතෙව් 24:34 පදයෙනි. එනම් "සැබවක් මම ඔබට කියමි. මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ නොයන්නේය". ඊට ප්‍රථමයෙන් ඇති මතෙව් 24:1-33 පද වලින් විස්තර කරනුයේ ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධ කර ගෙන අවසාන කාලයේ දී ඇති වන සිද්ධින් ගැනය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර අර්ථ නිරූපනකරුවන් නිගමනය කලේ 1948 දී සිදු වු ඊශ්‍රායෙල් ප්‍රතිසංසිකරණය අවසන් කාලයේ පටන් ගැන්ම බවය. කෙසේ වුවද, 1948 සිට බොහෝ කලක් ගෙවී යත්ම යම් "පරම්පරාවක්" සදහා පැවැත්මේ කාල සීමාව කෙමෙන් කෙමෙන් දිඝ කිරීමට සිදුවිය. දැනට එම කාල සීමාව අවුරුදු 60 කටත් වඩා වැඩිය. එනම් පරම්පරාවක පැවැත්මේ කාලය සදහා නියමිත කාලයට වඩා බොහෝ සෙයින් වැඩිය.

මෙම ඉගැන්වීමේ බැරැරුම්ම ප්‍රශ්නය වී ඇත්තේ මතෙව් 24 හි ඊශ්‍රායෙල් වංශයේ ප්‍රතිසංස්කරණයක් ගැන ස!දහන් නොවන අතර, එම "පරාම්පරාව" පවත්නා කාල සීමාව ගනනය කරන මුලාරම්භයක්වත් පෙන්වා දී නැත. මේ මගින් පෙනී යන්නේ අවසාන කාලයේ ඇතිවන සිද්ධින් ආරම්භ වීමත් සමගම එම සිද්ධින් ඉක්මනින් සිදුවන බවය. මෙම පරම්පරාව යනු මතෙව් 24:8 පදයේ සදහන් පරිදි "නව යුගය බිහි කරන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම" සිදුවන අවස්ථාවේ ජිවත්ව සිටින පරම්පරාවය. පිඩා කාලය පටන් ගත් විට එම සිද්ධින් ඉක්මනින් නොකඩවා සිදුවනු ඇත.

මතෙව් 24 හි සදහන් යේසුස්වහන්සේගේ දිවැසි වාක්‍ය තුල ද්වීත්ව සම්පුර්ණත්වයක් තිබිය හැක. ක්‍රි.ව. 70 දී රෝම අධිරාජින් යෙරුසලම විනාශ කල විට සමහර සිද්ධින් සිදුවිය. උදාරහණයක් වශයෙන් 29-31 පද වල සදහන්

වෙනත් සිද්ධින් තවම සිදු වී නැත. යේසුස් වහන්සේ වදාල සමහර වදන් උන්වහන්සේගේ ගෝලයන්ට (උන්වහන්සේගේ කාලයේ සිටි පරම්පරාවට) පවසා වැඩි කලක් යාමට පෙර සම්පුර්ණ වී ඇත. අවසාන කාලයේ ජීවත්ව සිටින පරම්පරාව බිහි වන තුරු අනෙකුත් සිද්ධින් සිදු නොවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඊශ්‍රායෙල්වරුන් ජාතියක් වශයෙන් ප්‍රතිසංසකරණය වීම අත්දුටු පරම්පරාව යේසුස් වහන්සේගේ දෙවන ඊම තෙක් ජීවත්ව සිටිත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries