settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ ස්ත්‍රී පුරුෂ භාවය වැනි දෙයක් තිබේද?

පිළිතුර


මතෙව් 22:30 හී සඳහන් වන්නේ, නැවත නැඟිටීමෙන් පසුව ඔවුන් සරණ පාවාගන්නේවත් සරණ පාවාදෙන්නේවත් නැත, නමුත් ඔවුන් "දේවදූතයන් මෙන්" බවට පත්වන බවයි. කෙසේ වෙතත්, මෙයින් අදහස් කරන්නේ මිනිසුන් ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරවීමක් නොවන බවයි. දේවදූතයන් විස්තර කිරීම සඳහා, නිර්ලිංගික නොවන, පුරුෂලිංග සර්වනාමය බොහෝ විට භාවිතා කරයි (සහ ඔහු.. ඔහුගේ පෙනුම සැබවින්ම.., ආදී අයුරින්). එබැවින් දේවදූතයන් ස්ත්‍රී පුරුෂ භාවය නොමැති බවට සැබෑ ඇඟවීමක් නොමැත.

ස්වර්ගයේදී මිනිසුන්ගේ ලිංගිකභාවය නැති වී හෝ වෙනස් වන බව අඟවන කිසිවක් බයිබලයේ නොමැත. එළිදරව් පොතේ (21-22 පරිච්ඡේද), දෙවියන් වහන්සේ දේවල් සාදන්නේ ඒදන් උයනේදී මෙන් නොව, ඊටත් වඩා යහපත් ලෙස බව පෙනේ. ලිංගිකභාවය අයහපත් නොවන බව මතක තබා ගන්න — එය ඇත්තෙන්ම යහපත් දෙයකි. දෙවියන්වහන්සේ ඒව මැව්වේ ආදම්ට, ඔහුට අනුපූරක වීමට කෙනෙකු අවශ්‍යවූ නිසාය. විවාහය (ලිංග භේදයකින් තොරව කළ නොහැකි), පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර ඇති ආදර්ශ සම්බන්ධතාවය, ක්‍රිස්තුස්වහන්සේ හා සභාව පිළිබ්ඹු කරන පින්තුරයකි. සභාව මනාලිය වන අතර ක්‍රිස්තුස්වහන්සේ මනාලයාවේ (එපීස 5:25-32).

එය බයිබලයෙහි පැහැදිලිව උගන්වා නොතිබුණද, බොහෝ විට මිනිසුන් මරණයෙන් පසු ඔවුන්ගේ ලිංගිකභාවය රඳවා තබා ගනී. අපගේ ස්ත්‍රී පුරුෂ භාවය අප කවුරුන්ද යන්නෙහි කොටසකි. ස්ත්‍රී පුරුෂ භාවය භෞතිකත්වයට වඩා පුළුල් දෙයකි — එය අපගේ ස්වභාවයේම කොටසක් වන අතර අප දෙවියන් වහන්සේ හා සම්බන්ධ වන ආකාරයෙහි කොටසකි. එමනිසා, ස්ත්‍රී පුරුෂ භාවය සාදාකාලිකවම පරිපූර්ණ කර මහිමයට පත් වනු ඇති බව පෙනේ. යේසුස් වන්සේගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු උන්වහන්සේගේ ලිංගිකභාවය රඳවා ගත් බව සැලකිය යුතු කරුණකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ ස්ත්‍රී පුරුෂ භාවය වැනි දෙයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries