settings icon
share icon
ප්‍රශ්නය

සමලිංගික කිතුණුවකු විය හැකිද?

පිළිතුර


"නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැත බව ඔබ සැම දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යයාකම් කරන්නෝවත් රූප වදින්නෝවත් කාමමිථ්‍යාචාරය කරන්නෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමග අනාචාර කරන්නෝවත් සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය" (1 කොරින්ති 6:9–10). සමලිංගිකත්වය සියලූ පාපයන් අතුරින් ඉතාමත්ම අයහපත්ම පාපය ලෙස ප්‍රකාශ කරනු ලැබීමට ප්‍රවණතාවයක් ඇත. එය ප්‍රතික්ෂේප කළ නොහැක්කක් වන අතර දේව වචනානුකූලව කථා කරනු ලබන කළ සමලිංගිකත්වය වූ කලී අනාචාර සහ අස්වාභාවික වන අතර (රෝම 1:26–27), කිසිඳු ආකාරයකින් දේව වචනය සමලිංගිකත්වය සමාව දිය නොහැකි පාපයක් ලෙස විස්තර කරනු නොලබයි. එසේ නොහොත් දේව වචනයෙහි කිසිවිටෙකත් සමලිංගිකත්වය කිතුණුවන් විසින් අරගල නොකරන්නාවූ පාපයක් ලෙසට උගන්වනු නොලබයි.

ඇතැම්විට සමලිංගික කිතුණුවකු විය හැකිද යන්න ප්‍රශ්නයේ ප්‍රධානතම වාක්‍ය ඛණ්ඩය එය විය හැක: "ඊට එරෙහිව අරගල කිරීම". කිතුණුවකුට සමලිංගිකත්ව පෙළඹවීම් හා සමග අරගල කළ හැකිද. කිතුණුවන් බවට පත්වන බොහෝ සමලිංගිකයන්ට අඛණ්ඩව පවතින සමලිංගික හැගීම් සහ අභිරුචියන් තිබේ. සමහර බලවත් ලෙස සමලිංගික නොවන පුරුෂයන් සහ ස්ත්‍රීන්ද ඔවුන්ගේ ජීවිතයේ යම් හෝ අවස්ථාවක සමලිංගික රුචියක "පුළිගුවක්" හෝ අත්දැක තිබේ. මෙම අභිරුචියන් හෝ පෙළඹවීම් ඇති වූවත් නොවූවත් එම පුද්ගලයා කිතුණුවකුද යන්න එතුළන් නිර්ණය නොවේ. කිසිඳු කිතුණුවකු පාපයෙන් තොර නොවන බවට දේව වචනය තුළින් පැහැදිලිවේ(1 යොහාන් 1:8, 10). එම විශේෂිතවූ පාපය / පෙළඹවීම එක් කිතුණුවෙකුගෙන් තව කිතුණුවෙකුට වෙනස් වන අතර සියලූම කිතුණුවන්ට පාපය හා සමග අරගල ඇති මෙන්ම සියලූම කිතුණුවන් සමහර අවස්ථා වලදී එම අරගලයන්ගෙන් අසමත්වේ (1 කොරින්ති 10:13).

කිතුණු ජීවිතයක සහ කිතුණු නොවූවකුගේ ජීවිතය අතර වෙනස්කම ඇති වනු ලබන්නේ පාපයට එරෙහිව ඇති අරගලයවේ. කිතුණු ජීවිතයක් වූ කලී "මාංශයේ ක්‍රියා" ජය ගනු ලබන්නාවූ ප්‍රගතිශීලි ගමන් මාර්ගයක් (ගලාති 5:19–21) වන අතර "ආත්මයාණන්ගේ ඵල" (ගලාති 5:22–23). උපදවනු ලැබීමට දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ට ඉඩ දෙනු ලැබීමය. එසේය සමහර අවස්ථාවන්හී කිතුණුවන් ඉතා භයංකාර ලෙස පව් කරනු ලබති. කණගාටුවකට මෙන් කිතුණුවන් සමහර විට කිතුණු නොවන්නන්ගෙන් වෙන් කොට දැක්විය නොහැක්කන් වෙති. කෙසේ නමුදු සැබෑ කිතුණුවකු සෑම විටෙකම පශ්චතාප වනු ලබයි, දෙවියන්වහන්සේ වෙතට අවසානයේදී නැවත පැමිණෙනු ලබන අතරම පාපය හා සමග ඇති අරගලය නැවත පුනරාරම්භ කරනු ලබති. නමුත් කිසිවිටෙකත් නිරන්තරයෙන් සහ පසුතැවිලි නොවී පාපයෙහි නියැලී සිටීන පුද්ගලයෙකු සැබවින්ම කිතුණුවකු යන මතයට දේව වචනය සහය නොදක්වයි. 1 කොරින්ති 6:11 සැලකිල්ලට ගන්න. "ඔබ සැමගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද ඔබ සැම සෝදනු ලැබුවහුය, ශුද්ධ කරනු ලැබවහුය, ධර්මිෂ්ඨකරනු ලැබවහුය".

1 කොරින්ති 6:9 –10 හී සදහන් කරනු ලබන පාපයන් තුළ අඛණ්ඩව පැවතෙන්නෙහි නම් එම පුද්ගලයා හඳුනාගනු ලබන්නේ මිදීම නොලැබූවෙක් – එනම් කිතුණුවෙක් නොවන්නෙක් ලෙසය. බොහෝ විට මෙම ලයිස්තුවෙන් වෙන්කොට තෝරා ගනු ලබයි. යම් පුද්ගලයෙකු සමලිංගික පෙළඹවීම් හා සමග අරගල කරනු ලබයි නම් එම පුද්ගලයා ගැළවීම නොලැබූ කෙනෙකු බවට පූර්වානුමාන කරනු ලබයි. යම් පුද්ගලයෙකු සැබවින්ම සමලිංගික ක්‍රියාවන්හී නියැලී සිටීනම් එම පුද්ගලයා නිශ්චිතවම ගැළවීම නොලැබූ කෙනෙකු බවට වින්තනය කරනු ලබයි. කෙසේ නමුත් ලයිස්තුවෙහි ඇති අනෙකුත් පාප සම්බන්ධයෙන් එම උපකල්පනම ඉදිරිපත් කර නොමැත, අවම වශයෙන් එම අවධාරණයෙන්ම කර නොමැත: වේශ්‍යයාකම (පූර්ව විවාහ ලිංගිකත්වය), රූප නමස්කාරය, කාමමිථ්‍යාචාරය, සොරකම් කිරීම, ලෝභකම, බේබදුකම, නින්දා කිරීම සහ කොල්ලකෑම, පූර්ව විවාහ ලිංගිකත්වය පිළිබදව වරදකාරී වන අයවලූන් "අකීකරු කිතුණුවන්" ලෙස ප්‍රකාශ කරනු ලැබ සමලිංගිකයන් නියත වශයෙන්ම කිතුණුවන් නොවන්නන් බවට ප්‍රකාශ කරනු ලැබීම අනුකූල නොවේ.

සමලිංගික කිතුණුවකු විය හැකිද? "සමලිංගික කිතුණුවකු" යන වාක්‍ය ඛණ්ඩය තුළින් අදහස් කරනුයේ සමලිංගික අභිරුචියන් සහ පෙළඹවීම වලට විරුද්ධව ඇති අරගලයන් ඇති පුද්ගලයෙකු පිළබදව නම් – එසේය සමලිංගික කිතුණුවකු විය හැකිය. කෙසේ නමුත් "සමලිංගික කිතුණුවකු" යන විස්තරය එවන් පුද්ගලයෙකු පිළිබදව නිරවද්‍ය නොවන්නේ ඔහුට / ඇයට සමලිංගික වීමට අභිරුචියක් නොමැති අතර පෙළඹවිම කෙරෙහි අරගල කරනු ලබන හෙයිනි. එවන් පුද්ගලයෙකු "සමලිංගික කිතුණුවකු" නොවේ, නමුත් වේශ්‍යයාකම, බොරු කීම සහ සොරකම් කිරීම ආදිය කරණකොටගෙන හුදෙක් අරගල කරනු ලබන අනෙකුත් කිතුණුවන් මෙන් කෙනෙකි. "සමලිංගික කිතුණුවකු" යන වාක්‍ය ඛණ්ඩය තුළින් අදහස් කරනුයේ ක්‍රියාකාරි ලෙසල නිරන්තරයෙන් සහ පසුතැවිලි නොවීමෙන් සමලිංගික ජීවිතයක් කරනු ලබන පුද්ගලයෙකු පිළිබදව නම් – නැත, එවන් කෙනෙකුට සැබවින්ම කිතුණුවකු විය නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමලිංගික කිතුණුවකු විය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries