settings icon
share icon
ප්‍රශ්නය

පාතාලයේ දොරටු නම් මොනවාද?

පිළිතුර


"පාතාලයේ දොරටු" නොහොත් "නිරයේ රැ හේඩීස් හී දොරටු" යන වාක්‍යය ඛණ්ඩය අපට මුළු ශුද්ධ ලියවිල්ලෙහිම හමුවන්නේ එකම එක් ස්ථානයක වන අතර එය මතෙව් 16:18 වේ. මෙම පාඨයෙහි යේසුස්වහන්සේ සදහන් කරනුයේ සභාව ගොඩ නැගීම පිළිබදවේ: "මම ඔබට කියමි: නුඹ පේත්‍රස්ය. තවද මාගේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි: පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය" (මතෙව් 16:18).

මේ අවස්ථාව වන කළ යේසුස්වහන්සේ තවමත් උන්වහන්සේගේ සභාව ප්‍රතිෂ්ඨාපනය කොට නොතිබූ සේක. සැබවින්ම නව ගිවිසුමෙහි සභාව යන පදය සදහන් වන ප්‍රථම අවස්ථාව මෙයවේ. යේසුස්වහන්සේ විසින් භාවිතා කරනු ලැබූ සභාව යන පදය ව්‍යුත්පන්න වනුයේ "කැදවනු ලැබූ" නොහොත් "රැස්වීම" යන අර්ථය ගන්නාවූ ග්‍රීක භාෂාවේ එක්ලාසියා යන පදයෙනි. වෙනත් වචන වලින් කිවහොත් යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ සභාව ලෙස හඳුන්වනු ලබන සභාවවූ කලී ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය මගින් ලෝකයෙන් කැදවනු ලැබූ මනුෂ්‍යයන්ගේ එක්රැස්වීමවේ.

දේව වචනය පිළිබදව විද්වත්හූ "පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය" යන වාක්‍ය ඛණ්ඩයෙහි සැබෑ අර්ථය තර්ක කරනු ලබති. මෙම වාක්‍ය ඛණ්ඩයේ අර්ථයට වඩා යහපත් අර්ථයක් පහත පරිදිවේ. අතීත කාලයේදී නගර වටා දොරටු සහිත බිත්ති වලින් වටවී තිබූ අතර සටන් වලදී මෙම නගර වල දොරටු සාමාන්‍යයෙන් ඔවුන්ගේ සතුරන්ට පහර දුන් පළමු ස්ථානය වනු ඇත. මෙයට හේතු වූයේ නගරයේ ආරක්ෂාව තීරණය වූයේ එහි දොරටුවල ශක්තිය හෝ බලය මතය.

එසේ හෙයින් "පාතාලයේ දොරටු" නොහොත් "නිරයේ රැ හේඩීස් හී දොරටු" යන්න අර්ථවත් වනුයේ නිරයෙහි බලය වේ. නිරය රැ හේඩීස් යන නම වනාහී මිය ඇදුනවුන්ගේ රාජධානියේ මුලසුන දැරූ දෙවියන්ගේ නමවූ අතර බොහෝ විට එය හැදින්වූයේ "හේඩීස්ගේ නිවස" යනුවෙනි. සදාචාරාත්මක ස්වභාවය නොසලකා මෙම ජීවිතයෙන් නික්ම යන සෑම කෙනෙකුම ගමන් කරනු ලබන ස්ථානය එය ලෙසට නම් කරනු ලබයි. නව ගිවිසුමෙහි නිරය රැ හේඩීස් යනු මළවුන්ගේ රාජධානිය වන අතර මෙම පදයෙහි නිරය රැ හේඩීස් හෝ පාතාලය නිරූපණය කරනු ලබන්නේ දොරටු මගින් තම බලය මවා පානු ලබන බලවත් නගරයක් ලෙසය.

යේසුස්වහන්සේ මෙහිදී සදහන් කරනු ලබන්නේ ඉතා ආසන්නයේදීම සිඳුවීමට නියමිතව තිබූ උන්වහන්සේගේ මරණය පිළිබදවය. උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසා තැන්පත් කරනු ලැබුවද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට උන්වහන්සේගේ සභාව ගොඩ නගන සේක. යේසුස්වහන්සේ විසින් අවධාරණය කරනු ලබන්නේ මරණයේ බලයන් උන්වහන්සේ තුළ තුළ තබා ගත නොහැකි බවය. නිරය රැ හේඩීස් හෝ පාතාලයේ බලතල තිබියදීත් සභාව පිහිටුවනු ලැබුවා පමණක් නොව මෙම බලතල තිබියදීත් සභාව සමෘද්ධිමත් වනු ඇත. සභාව කිසිවටෙකත් අසාර්ථක නොවනු ඇත. පරම්පරාවෙන් පරම්පරාව ශාරීරික මරණයේ බලයට යටත් වුවද සභාව චිරස්ථායි කරනු පිණිස වෙනත් පරම්පරාවෙන් බිහිවනු ඇත. යේසුස්වහන්සේ ආඥා කොට ඇති පරිදි මිහිපිට මෙහෙවර ඉටු කරන තුරු එය අඛණ්ඩවම පවතිනු ඇත:

"ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලූ බලය මටදී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලූ ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බවිතීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කල සියල්ල පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හීම නුඹලා සමග සිටිමියි කීසේක" (මතෙව් 28:18-20).

දෙවියන්වහන්සේගේ සෙනගව වහල්භාවයේ තබා ගැනීමට මරණයට බලයක් නැති බව යෙසුස්වහන්සේ ප්‍රකාශ කළ බව පැහැදිලිවේ. දෙවියන්වහන්සේගේ සභාව සිරගත කොටගෙන මෙන්ම මැඩපැවැත්වීමට තරම් එහි දොරටු ශක්තිමත් නොවේ. ස්වාමින්වහන්සේ මරණය පරාජය කළ සේක (රෝම 8:2; ක්‍රියා 2:24) "මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන" (රෝම 6:9) හෙයින් උන්වහන්සේට අයිති වූවන් කෙරෙහිද බලය නොපවත්වනු ලබයි.

මරණයේ බලය සාතන් සතු වන අතර ඔහු එම බලය භාවිතා කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව විනාශ කිරීමට උත්සාහ දරයි.ග අපට යේසුස්වහන්සේගෙන් ඇති පොරොන්දුව නම් උන්වහන්සේගේ "කැදවනු ලැබූ" සභාව පවතිනු ලබන බවයථ "තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත් වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය" (යොහාන් 14:19).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාතාලයේ දොරටු නම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries