settings icon
share icon
ප්‍රශ්නය

ඒදන් උයන පිහිටා තිබුනේ කොහේද?

පිළිතුර


ඒදන් උයනේ පිහිටීම සම්බන්ධව දේවවචනයේ හමුවන එකම සාධකය ඇත්තේ උප්පත්ති 2:10–16 පද වලය. "උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටතදී එය අතු ගංගා සතරකට බෙදිනි. පළමු වන අතු ගංගවේ නම පිශෝන්ය. මුඵ හාවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ. ඒ පෙදෙසෙහි රත්රන් ඇත. දෙවන අතු ගංගාවේ නම ගීහොන්ය. එය මුඵ කුෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙවන අතු ගංගාවේ නම ටයිග්‍රිස්ය. එය අපුර් දේශයට පෙර දිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටිස්ය." පිශෝන් සහ ගීහොන් ගංගා වල නිශ්චිත අනන්‍යතාවය නොදත් නමුත් ටයිග්‍රිස් සහ යුප්‍රටිස් ගංගා සුප්‍රසිද්ධය.

වර්තමානයේ ටයිග්‍රිස් සහ යුප්‍රටීස් යනුවෙන් හඳුන්වන්නේ ඉහත සඳහන් ගංගා වලට නම්, ඒදන් උයන මැදපෙරදිග කොතැනක හෝ, සමහර විට ඉරාකයේ පිහිටා තිබිය හැක. ඒදන් උයන පිහිටි ස්ථානය, පෘථිවියේ ඉතාමත් සශ්‍රීක ස්ථානයක් වන මැදපෙරදිග වීම අහඹු සිදුවීමක් නොවේ. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ඉන්ධන සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් දිරාපත් වු භවබෝග සහ සත්ව කොටස් වලින් නම්, විශාල වශයෙන් ඉන්ධන තැන්පත් වී ඇත්තේ මෙම ප්‍රදේශ වල බවට බලාපොරොත්තු විය හැක. මෙම උයන පරිපූර්ණත්වයේ සංකේතයක් බැවින් පෘථිවියේ ඉතාමත් සශ්‍රීක කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමෙන් පෘථිවියේ ඇති හොඳම ඉන්ධන විශාල ප්‍රමාණයක් නිපදවිය හැකි බවට සාධක අතිවේ.

මනුෂ්‍යයා විසින් ශතවර්ෂ ගණනාවක් පුරාම ඒදන් උයන සෙවීමේ යෙදි ඇතත් එය නිශ්පල වී ඇත. ඒදන් උයනේ මුල් පිහිටීම ගැන ඔවුන් විවිධ ස්ථාන ඉදිරිපත් කරතත් අපට ඒ ගැන ස්ථිර වශයෙන් එකඟ විය නොහැක. ඒදන් උයනට කුමක් වීද? දේව වචනයේ ඒ ගැන නියත වශයෙන් පෙන්වා දී නැත. ඒදන් උයන සම්පූර්ණයෙන් ජල ගැල්මෙන් විනාශ වුවාද, නැතහොත් එය ශතවර්ශ ගණනාවක් තුළ එකතුවු වැලි ගොඩවල් මැද ඉන්ධන සමග වැලලී යන්න ඇත්දැයි බොහෝදුරට සිතිය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඒදන් උයන පිහිටා තිබුනේ කොහේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries