settings icon
share icon
ප්‍රශ්නය

මූලධර්ම වාදය යනු කුමක්ද?

පිළිතුර


මූලධර්මය යන වචනය ඕනෑම ආගමික පෙළඹවීමක මූලික පිළිගත් ප්‍රතිපත්තිය මත ස්ථීරව සිටීම විග්‍රහ කිරිම සඳහා යොදා ගත හැකිය. මෙම ලිපියේ පරමාර්ථයට අනුව මූලධර්ම වාදය වන්නේ කිතුණු ඇදහිල්ලේ අත්‍යවශ්‍යාංග සභාව තුළ තදින් දරා සිටින්නන්ටය. නූතන යුගයේ මූලධර්ම වාදයයන වචනය පරිභාවාත්මක අරුතක් දෙන ලෙස පරිහරණය කෙරේ.

මූලධර්මවාදී සංවිධානයේ ආරම්භය වන්නේ ප්‍රින්ස්ටන් දේවධර්ම පූජක විද්‍යාලයයි මන්ද යත් එම විද්‍යාලය සමඟ වූ සංගමනය කරණකොටගෙන බිහිවූ උපාධිධාරීන් හේතු කොට ගෙනය. ඉතාමත් පොහොසත් සභා ගිහියන් දෙදෙනෙක් බටහිර ලෝකයේ ගතානුගතික සභාවන් 97 නායකයන්ට කිතුණු ඇදහිල්ලේ මූල ප්‍රඥප්තිය පිළිබඳ කාණ්ඩයන් 12 රචනා කරන පිණිස පත්කරන ලදී. ඔවුන් මෙම රචනාවන් ප්‍රකාශයට පත්කර 300,000 අනුපිටපත් නොමිලයේ සේවය කරන්නන්ට හා සභා නායකයින් අතර බෙදා දෙන ලදී. මෙම පොත් මූලධර්ම වාදය යන මාතෘකව යටතේ එළිදකින ලද අතර, තවමත් එම පොත් කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කෙරේ.

මූලධර්ම වාදය, විධිමත් කරනු ලැබුයේ 19 වෙනි ශත වර්ෂයේ අග භාගයේදී සහ 20 වෙනි ශත වර්ෂයේ මුල් භාගයේදී ගතානුගතික කිතුණුවන් වන ජොන් නෙල්සන් ඩර්බි, ඩ්වයිට් එල් මූඩි, බී බී වොර්ෆීල්ඩ්, බිලි සන්ඩේ සහ තවත් නව්‍යවාදය නිසා සදාචාර සාරධර්ම විඛාදිත වූ බවට විශ්වාස කළ අයවලුන් - මනුෂ්‍යයන් ගේ විශ්වාසය අනුව (දෙවියන් වහන්සේටත් වඩා) විද්‍යාණුකුල දැනගැන්ම, තාක්ක්‍ෂණවේදය ප්‍රායෝගික පුහුණු අත්දැකීමක් කරණකෙටගෙන තමන්ගේ වටපිටාව නිර්මාණය කර, වර්ධනය කර, සහ නැවත හැඩ ගස්සවා සකසා ගන්නා ලදී. නව්‍යවාදයෙන් එන බලපෑම් වලට එරෙහිව සටන් වදිනවාට අමතරව, ජර්මානු විවෙච්න උසස් සංවිධානයෙන් ලියවිල්ලෙහි නිවරද්‍යභාවය ප්‍රතික්‍ෂේප කරන්නට ගත් උත්සාහයට විරුද්ධව මහත් පොරබැඳීමක් විය.

මූලධර්ම වාදය කිතුණු ඇදහිල්ලේ මූල ප්‍රඥප්තීන් පහක් මත ගොඩ නැඟී අතර තවත් පිළිගත් මතයන් බොහෝමයක් මෙම විශ්වාසයන්ට අමතරව වේ.

1. බයිබලය වචනානුසාරයෙන් සත්‍යය වේ.

මුලප්‍රඥප්තීන්ට අනුව බයිබලය නිවරද්‍ය බවත්, එනම් කිසිම දේාෂයකින් හා ප්‍රතිවිරෝධයන් ගෙන් තොර වේ.

2. කන්‍යා උපත සහ ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය.

මූලධර්ම වාදින් යේසුස් වහන්සේ කන්‍යා මරියතුමිය ගෙන් උපත ලද බවත්, පිළිසිදුණු ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ කරණකොටගෙන බවත් සහ එතුමන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව සිටි බවත් සහ සිටින බවත්, සම්පූර්ණ මනුෂ්‍යයෙකු හා සම්පූර්ණ දිව්‍යමය බවත් විශ්වාස කරනු ලැබේ.

3. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කුරුසිය මත ආදේශනීය ප්‍රායශ්චිත්තය.

මූලධර්මවාදීන් විසින් ගැළවිම ලබා ගත හැක්කේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ මනුෂ්‍යය සංහතියේ පාපය දුරු කරනු පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත්වීම මනුෂ්‍යයා විශ්වාස කිරීම කරණකොටගෙන පමණක්ම බව උගන්වනු ලබයි.

4. ශරීරාකාරයෙන් මළවුන් ගෙන් උත්ථානවීම.

කුරුසිපත්වීමෙන් පසු තුන්වනදා යේසුස් වහන්සේ සොහොනෙන් නැඟිට දැන් පියාණන් වන දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශවයෙයි වැඩ හිඳින සේක.

5. ලියවිල්ලෙහි වාර්ථාවී ඇති යේසුස් වහන්සේගේ හාස්කම් වල අව්‍යාජත්වය සහ වචනානුසාරයෙන්ම, ලියවී ඇති යේසුස් වහන්සේගේ දෙවන වර පොළොවට සිදුවීමට නියමිත ආගමනය ස්ථීර / නිශ්චිත බව .

දේව ධර්මයෙහි තවත් මූල ධර්මවාදීන් විසින දරා සිටින කරුණු නම් බයිබලයේ පළමුවෙනි පොත් පහ මෝසෙස් විසින් රචිත බවත්, අවසාන පීඩා කාලයට පෙර සභාව ඔසවා ගන්නා බවත්ය. බොහෝ මූලධර්මවාදීන් ශාසනවාදීන්ය.

මුලධර්මවාද සංවිධානය යම්තාක් දුරකට සත්‍යතාවය වෙනුවෙන් සටන්කාමිත්වයක් දක්වා ඇති අතර එම නිසාම අභ්‍යන්තර ගැටුම්ද ඇති විය. බොහෝ නව නිකායන් සහ සහෝදරත්වයන් බිහිවීමට හේතුව වූයේ, ආගම පිළිබඳ නිර්මලත්වය / පාරිශුද්ධිය පෙරදැරි කරගනිමින් ඔවුන්, ඔවුන්ගේ සභාවන් හැර යාම නිසාය. මූලධර්ම වාදීන්ගේ නිශ්චිත ආවේණික ගුණාංගයක් වන්නේ සත්‍යතාවය ආරක්‍ෂා කරණ රුකවලුන් ලෙස පෙනී සිටීම සහ වෙනත් බයිබල් පරිවර්ථනයන් බහිෂ්කරණය කරන්නා අයවීමය. මූලධර්ම වාදයේ ආරම්භවූ කාල වකවානුව ලොව ස්වතන්ත්‍රවාදය, නව්‍යවාදය සහ ඩාවින්වාදය වැළඳ ගනිමින් සිටි කාලය වන අතර සභාවද මෙම බොරු ගුරුවරුන් විසින් ආක්‍රමණය කරන ලදී. මූලධර්මවාදය යනු අහිමිවී යන බයිබල් ඉගැන්වීම් වෙනුවෙන් දක්වන ලද ප්‍රතිගාමීත්වයයි.

පෞරාණික / කල්පිත විෂයක්‍ෂේත්‍ර නඩු විභාගය කරණකොටගෙන 1925 නිදහස් මතධාරී ප්‍රවෘත්ති කාරක ආවරණ පථය නිසා මෙම සංවිධානයට මරු පහරක් එල්ල වුවද මූලධර්මවාදීන් මෙම නඩුව ජයග්‍රහණය කරනූ ලැබූවත් ඉන් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කරන ලදී. එතැන් පටන් මූලධර්මවාදය බිඳී නැවත සමාහාර මධ්‍යය ගත විය. අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රමුඛ / ප්‍රසිද්ධ සහ මුඛර / වාචික කණ්ඩායම වූයේ කිතුණු අයිතිවාසිකම යන කණ්ඩායමය. මූලධර්මවාදීන් ලෙස නම් කෙරුන මෙම කණ්ඩායම අනෙකුත් ආගමික කණ්ඩායම් වලට වඩා දේශපාලනික ක්‍රියාකාරකම් වල නිරත විය. 1990 වන විට කිතුණු ඒකාබද්ධ පාලක මණඩලය සහ පවුල් සමීක්‍ෂණ මන්ත්‍රණ සභාව දේශපාලනික සහ සංස්කෘතික කරණා වලදී බලපෑමක් විය. වර්තමානයේ මූලධර්මවාදීන් විවිධ සුභාරංචි කණ්ඩායම්, දකුණු බැප්ටිස්ට් සම්මේලනය වැනි අය හා එක්ව ක්‍රියා කරයි. එකට එක්වු කළ මෙම කණ්ඩායම් සමඟ මිලියන 30 පමණ අනුගාමිකයින් වේ.

සෑම සංවිධානයක් මෙන්ම, මූලධර්මවාදීන්ද ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද භුක්ති විඳ ඇත. මූලධර්මවාදීන්ගේ ඉමහත් පරාජය වන්නට ඇත්තේ මූලධර්ම වාදීන් යනූ කවුරුන්දැයි අගුණ කියන්නවුන් නිර්වචනය කර ගැනීම විය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අය මූලධර්මවාදීන්, විප්ලවවාදී, සර්පයන් / නාගයින් ඇල්ලීමේ (නමස්කාරයන්හිද) අන්තවාදීන් හා රාජ්‍යය ආගමක් ලෙස තම මතය පිහිටුවා අනෙකුත් අයටද එම ආගම අදහන පිණිස, බලපැම් කරන්නාවූ කණ්ඩායමක් ලෙස දකින ලදි. මෙය සැබෑවෙන් බොහෝ දුරය. මූලධර්මවාදීන්ගේ උත්සාහය වන්නේ, "එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන්" (යූද් 1:3) ලියවිල්ලෙහි සත්‍යතාවය රැක ගැනීම සහ කිතුනු ඇදහිල්ල ආරක්‍ෂා කර ගැනීමය.

නුතන සභාව පශචාත් නව්‍යවාදය, ලෞකික සංස්කෘතියන් අතර පොර බැදීමක සිටින අතර, ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැජ්ජා නොවන සෙනඟ අවශ්‍යව ඇත. සත්‍යතාවය කිසිදිනක වෙනස් නොවන අතර ප්‍රධාන ධර්මය වන පිළිපැදීමේ අත්‍යාවශ්‍යය. මෙම ධර්මයන් කිතුණු දහම පිහිටා ඇති මූලාධාරය වන අතර, යේසුස් වහන්සේ උගන්වන ලද ආකාරයට පර්වතය මත පිහිටුවන ලද නිවස කුණාටුවට හෝ අමාරුවට අසුවී අනතුරට නොපැමිණ ආරක්‍ෂා වේ (මතෙව් 7:24-25).

English


නැවතත් සිංහල මුල් පිටුවට
මූලධර්ම වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries