settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ අනාගතවාක්‍ය වල කිසිදු අංශයක් / දර්ශණයක් සම්පූර්ණවී ඇත්ද?

පිළිතුර


ලියවිල්ලෙහි කොටසක් වන එළිදරව් පොතෙහි 4:1 යම් දෙයක තොරතුරු හදුන්වා දෙයි "මේ දේවලට පසුව විය යුතු දේවල්". පසුව පැමිණෙන්නේ කුමක්ද? "අවසාන කාලය". තවමත් අප පීඩා කාලයට ළඟාවි නැත, අන්ත ක්‍රිස්තුස් ප්‍රකාශනයවීම හෝ වෙනත් "අවසානකාලයේදී" සිදුවීමට නියමිත සිද්ධීන්. දැන් අප දකින්නේ එම සිදුවීම් වලට "සූදානම්" වීමක්ය.

අවසාන කාලයට පෙර සමහර සිදුවීම් කලින් සිදුවන බව යේසුස් වහන්සේ පැවසීය, එනම් බොහෝ අය මුළා කරමින් බොරු ක්‍රිස්තුස්වරුන් පැමිණෙන බව, අප "යුද්ධ සහ යුධ ප්‍රවෘත්ති" අසන බව, "නොයෙක් තැන්වල සාගතද වසංගතද පොළොකම්පාද සිදුවනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන් ගැන්මය" (මතෙව් 24:5-8). වර්තමානයේ ප්‍රවෘත්ති සාවද්‍ය ආගම්, රණකාමය සහ ස්වාභාවික විපත් වලින් ග්‍රහණය. යේසුස් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ පීඩා කාලයේ සිදුවිම් (එළිදරව් 6:1-8) ඊට ඇතුළත් බව අපි දන්නෙමුව. වර්තමානයේ සිදුවීම් ඉදිරියේ ඇති විශාල අපදාවකට ගොඩනැඟිමක් විය හැක.

අවසාන දවස් වල බොරු ඉගැන්වීම් පැහැදිලිව පෙනෙන ආකාරයට වැඩි වන බව පාවුල්තුමා අනතුරු අඟවන ලදී. "එහෙත් පසු කාල වලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්‍ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිව කියන සේක" (1 තිමොති 4:1). අවසාන දවස් විග්‍රහ කරනු ලබන්නේ "උපද්‍රව සහිත කාලයන් / අන්තරා සහිත කාලයන්" ලෙසය. මක්නිසාද මනුෂ්‍යයන්ගේ දුෂ්ට චරිතයන්හි වැඩි වීමත් සමග ඔවුන් ක්‍රියාශීලීව "සත්‍යතාවයටද විරුද්ධවනවා" ඇත (2 තිමොති 3:1-9, සමඟම 2 තෙසලෝනික 2:3 ද බලන්න). අවසාන දවස්වල මනුෂ්‍යයන්ගේ පැවතීම පිළිබඳ ලැයිස්තු ගත කිරීමක්-මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටුකර ගන්නෝව, උදම් කාරයෝව, අපහාස කරන්නෝව, මවුපියන්ට අකීකරු වන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝව, දේව භක්තියේ වේසය දරන නුමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය (2 තිමොති 3:1-2). නිසියාකාරවම නූතන යුගයට එය ගැලපේ.

පළමු පිහිටි ධර්මය පිළිබදවු අනාගතවාක්‍ය සම්පූර්ණ විම පිළිබඳ සැකයක් පවතින්ට පුළුවන්ද? 21 වෙනි ශත වර්ෂයේ ලෝකය සදාචාරාත්මක සාපේක්‍ෂතාවාදය වැළඳගෙන ඇති අතර දර්ශණ විද්‍යාව සභාවද දූෂනය කරමින් තිබේ. උදාහරණයක් ලෙස බොහෝ නිකායන් මේවන විට විවාහය එක් පුරුෂයෙක් හා එක් භාර්යාව අතර බව නිර්වචනය කරගැනීමට ඉමහත් අසීරු කාලපරිච්ජේදයක් පසු කරන අතර බොහෝ ආගමික නායකයන් සමලිංගිකත්වයට විවෘතව රුකුල් දෙති. නූතන සභාවේ සිත් ඇදගන්නා සැබෑවක් සොයා යෑමට බයිබලය අප්‍රධාන දෙයක් සේ සැලකේ. සැබවින්ම මෙය ආධ්‍යත්මික "අන්තරාය සහිත කාලයන්" වේ.

යුරෝපා සංගමයේ සැකැස්ම-නැවත ඒකාබද්ධවූ ජර්මනිය අප සමඟ පැවතීම, බයිබලිය අනාගතවාක්‍යවලින් ලබා ගත හැකි තොරතුරු ගැන උනන්දුව වැඩි කරන්නක් වේ. දානියෙල් 2:42 හි "පාද ඇඟිලි දහය" සහ දානියෙල් 7:20 සහ එළිදරව්13:1 අංදහයක් සහිත මෘගයා "නැවත ප්‍රාණවත්වූ" රෝම අධිරාජ්‍යයා වන අතර ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථම බලය අල්ලා ගන්නවා ඇත. නියමිත දේශපාලනික සැකිල්ල තවමත් පිහිටුවා නැති නුමුදු සිදුවීමේ කොටස් ස්ථානගතවීමක් දක්නට ලැබේ.

1948 දී ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් අතර, මෙයද ලියවිල්ල අධ්‍යනය කරන්නවුන්ට ශාඛනයකි. කානාන් "සදාකාලික උරුමයක් ලෙස" අබ්‍රහම්ගේ මතු පරම්පරාවට දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වූ සේක (උත්පත්ති 17:8). එමෙන්ම එසකියෙල් ඊශ්‍රායෙල් මාංසික සහ ආත්මිකව ප්‍රබෝධ කිරීමක් ගැන අනාගතවාක්‍ය පැවසූහ (එසකියෙල් 37). තමාගේම භුමියක ඊශ්‍රායලය ජාතියක් ලෙස පෙනී සිටීම අවසාන කාල අනාගතවාක්‍ය එළිදරව්වීම් සනාථ වීමේදී වැදගත් වේ. මන්දයත් මරණය සහ උපත පිළිබඳ ධර්මයේ ඉගැන්වීම් වල ඊශ්‍රායලයට දී තිබෙන ප්‍රමුඛත්වය නිසාය (දානියෙල් 10:14, 11:41, එළිදරව් 11:8).

ඉහත සඳහන් කළ අනාවැකි විශේෂ අවසාන කාල අනාගතවාක්‍ය සම්පූර්ණ කිරීමක් ලෙස බයිබලීය කිසිම සාක්‍ෂියක් නැති නමුදු, බයිබලයේ සඳහන් සිදුවීම් වලට මෙම සිදුවීම් කෙතරම් දුරට සමානද යන්න අපට දැක ගත හැකිය. කෙසේ නමුදු මෙම සිදුවීම් කෙරෙහි අප අවධානයෙන් සිටිය යුතුය මක්නිසාද යේසුස් වහන්සේ තමන්ගේ අය උදෙසා එතුමාණන්වහන්සේගේ පැමිණීම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන් සිදුවන බව පවසන ලදී (2 පේත්‍රස් 3:10). බලාපොරොත්තු නොවූ මෙන්ම නොදැන්වූ මොහොතක්. "එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිසද මනුෂ්‍ය පූත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සෑමකාලයේදීම අවදිව හිඳිල්ලායයි කීසේක" (ලූක් 21:36).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ අනාගතවාක්‍ය වල කිසිදු අංශයක් / දර්ශණයක් සම්පූර්ණවී ඇත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries