ප්‍රශ්නය
දෙවියන් වහන්සේ ගැන කලකිරීමට පත්වීම වැරදිද?
පිළිතුර
අපේක්ෂා භංගත්වය යනු සිතන විට හෝ අප විසින් විසඳිය නොහැකි යැයි පෙනෙන ගැටළු සමඟ කටයුතු කරන විට අපට ඇතිවන නොඉවසිලිවන්තකම සහ කාංසාව පිළිබඳ හැඟීමයි. සමහරවිට දෙවියන් වහන්සේ අපගේ නොඉවසිලිවන්තකම හා අතෘප්තියේ කේන්ද්‍රස්ථානය වේ. අපි උන්වහන්සේ කෙරෙහි කළකිරීමට පත්වෙමු. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති කළකිරීම, උන්වහන්සේගේ මාර්ග සහ ඔහු අප සමඟ ගනුදෙනු කිරීම කිතුනුවන්ට බාධාවන් විය හැක. දෙවියන් වහන්සේට මෙම ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකිය. ඇයි ඔහු එසේ නොකරන්නේ? දෙවියන් වහන්සේ දන්නවා මට අවශ්‍යතාවයක් ඇතබව — ඔහු කොහේද? එක් හේතුවක් හෝ වෙනත් හේතුවක් නිසා ස්වාමින් වහන්සේ කෙරෙහි කලකිරීමට පත්නොවූ කිතුනුවන් ස්වල්ප දෙනෙක් සිටිති.
මාර්තාගේ සිද්ධිය ප්‍රධාන කාරණාවක් ලෙස දැක්විය හැකිය. (ලූක් 10:38-42) යේසුස් වහන්සේ ඇගේ නිවසට යමින් සිටි අතර මාර්තාට අවශ්‍යය වූයේ යේසුස් වහන්සේට කදිම ආහාර වේලක් දීමටයි. ශුද්ධ ලියවිල්ලේ පවසන්නේ කළ යුතු සියළු සූදානම නිසා ඇගේ අවධානය වෙනතකට යොමු වූ බවයි. මේ අතර, මාර්තාගේ සහෝදරී වන මේරි, ස්වාමින්ගේ පාමුල ඉඳගෙන ඔහු කියන දෙයට සවන් දුන්නා. ඇගේ කාර්ය බහුල අවධියේදී, මුළුතැන් ගෙයි යම් උපකාරයක් ලැබිය යුතුයැයි මාර්තාට හැඟුණ අතර, ඇගේ කළකිරීම වැඩිවය. ඇය ඔහු ළඟට ඇවිත් ඇහුවා ස්වාමිනී, මගේ නංගී මාව තනියම වැඩ කරන්න දාලා ගියා කියලා, ඕ ගියා කියලා, ඕට ප්‍රශ්ණයක් නැද්ද? මට උදව් කරන්න කියලා ඇයට කියන්න. මරියාට කම්මැලි වීමට ඉඩදීම ගැන මාර්තා, මරියාට සහ උන්වහන්සේ ගැන කළකිරී සිටි බව සළකන්න. යේසුස් තම මිතුරා සන්සුන් කළේය. "මාර්තා, මාර්තා, සමිඳාණන් වහන්සේ පිළිතුරු දුන්නා, ඔබ බොහෝ දේ ගැන කණස්සලට පත්ව සිටිනවා. නිශ්චලව සිටීම සහ දෙවියන්ව දැනහඳුනා ගැනීම පිළිබඳව පාඩමක් ඉගැන්වීමට ඔහු අවස්ථාව ලබා ගත්තේය. (ගීතාවලිය 46:10 ට අනුව — නිශ්චල වන්න, මා දෙවිඳුන් බව සිතට ගන්න. මුළු දෙරණට අඟ රජ බව වටහා ගන්න. — මෙය අප කලකිරී සිටිනවිට අපට අමතක වන පාඩමකි).
තවත් ප්‍රසිද්ධ කථාවක් වන්නේ ජෝනාගේ කථාවයි. සමිඳාණන් වහන්සේ කෙරෙහි කළකිරීමට පත්වීම යනු කුමක්දැයි ඔහු දැන සිටියේය. ජෝනා දෙවියන්වහන්සේගෙන් අසා ඇත. නමුත් ඔහු ඇසූ දේට ඔහු කැමති වූයේ නැත. (ජෝනා 1:1-3අ) නිනිවයේ වැසියන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩය අකමැත්තෙන් ප්‍රකාශ කිරීමෙන් පසු, ඔවුන් සවන් නොදෙන බවත්, පිළිගන්නා කෙනෙකු විසින් ඔවුන්ව විනාශ කරනු දැකීමෙන් සෑහීමකට පත්වන බවත් ජෝනාට හේත්තු ගියේය. ජෝනාගේ අවමානයට, නිනිවයේ වැසියන් දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලෙන් හා නිහතමානීව ප්‍රතිචාර දැක්වූහ. (ජෝනා 3:5-10) ජෝනා කළකිරීමට පත් විය. ඔහුගේ යුක්තිය පිළිබඳ හැඟීම දෙවියන් වහන්සේගේ දයාවට පටහැනි විය. තත්වය තවත් නරක අතට අතට හැරවීම සඳහා ජෝනා සෙවණ ගෙන සිටි කොළ පැළෑටිය දෙවියන්වහන්සේ විසින් විටි කොළ පැළෑටිය දෙවියන් වහන්සේ විසින් වියළීයාමට සළස්වා ඇති අතර ජෝනා දැවෙන හිරු එළියට නිරාවරණය විය. ජෝනා 4:7 ට අනුව එහෙත් පසුදා පහන්වූ විට ලබු වැල කන පිණිස පණුවකු ඇතිවන්න දෙවියන් වහන්සේ සැළසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේය.) ජෝනාගේ කළකිරීම මැරෙන තරමට උත්සන්න විය. (ජෝනා 4:9 ට අනුව එවිට දෙවියන් වහන්සේ ලබු වැල ගැන කෝපවීමට නුඹට යුතු දැයි ජෝනාගෙන් ඇසූ සේක. මැරෙන තරමට කෝපවීමට යුතු යැයි ඔහු කීවේය).
ඔහුගේ ඉදිරි දර්ශනය වැරදියි කියා දෙවියන්වහන්සේ කෝපාවිෂ්ඨ අනාගත වක්තෘවරයාට මතක්කර දිය යුතුව තිබුණි. ජෝනා මිනිසුන්ගෙන් පිරුණ මහා නගරයකට වඩා පැළෑටියක් ගැන සැළකිළිමත් විය. අපේක්ෂා භංගත්වය අපගේ දැක්ම සහ අනික් සංවේදනය යටපත් කළ හැකිය. දෙවියන් ගැන කළකිරීමට පත් වීම වැරදිද? ඔව්. එය එසේය. විශ්වාසය යනු අපගේ පව්කාර නිහතමානී ස්වභාවයේ ප්‍රතිඵලයකි. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති කළකිරීම ඔහු කෙරෙහි විශ්වාසයක් නොමැතිකම හෝ ඔහු කව්ද යන්න වරදවා වටහා ගැනීමක් විය හැකිය. දෙවියන්වහන්සේ පරිපූර්ණ නම් — බයිබලය ඔහු යැයි පවසයි. (ගීතාවලිය18:30 — දෙවි මඟ සම්පූර්නය. සමිදුන්ගේ වචනය තිරසරය. සරණපතා එන හැම අයට එතුමාණෝ පළිහකි). එවිට ඔහුට පරිපූර්ණ අභිප්‍රායන්, පරිපූර්ණ වේලාවන්, පරිපූර්ණ ක්‍රම,පරිපූර්ණ ප්‍රතිඵල ඇත. අප ස්වාමියා කෙරෙහි අපගේ මනස යොමුකර ඔහු කෙරෙහි විශ්වාසය තබන විට අපි සාමය දැනගනු ඇත. (යෙසායා 26:3 ට අනුව තිරසර අරමුණු ඇතිව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සිත, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියළු දෙනා හටම සමිදූනි, ඔබ ශාන්තිය දෙන සේක).
දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ කළකිරීම, අපගේ මුරණ්ඩුකමේ ප්‍රතිඵලයක් විය හැකිය. අපගේ අභිලාශයන් දෙවියන්වහන්සේගේ අරමුණු සමඟ ගැටෙන විට, අපි ස්වභාවයෙන්ම කළකිරීමට පත් වෙමු. දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කිරීම කිසිවිටෙකත් සුදුසු නොවේ. තාර්සස්හි සාවුල් මෙම පාඩම අමාරුවෙන් ඉගෙන ගත් අතර, යේසුස් වහන්සේට ඔහුට මතක් කර දීමට තිබූනේ එළුවන්ට පයින් ගැසීම ඔබට අසීරු යන්නය. (ක්‍රියා 26:14 — අප සියල්ලන්ම බිමට වැටුනු කල, සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරාදායක යැයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි). නිහතමානීව යටත්වීමේ සරල යාච්ඥාවක් අපගේ සැළසුම් වලට මුරණ්ඩු ලෙස අවධාරණය කරනවාට වඩා වුශාල සැනසීමක් ලබා දෙයි.
දෙවියන් වහන්සේ භුමික පියවරුන්ට කියනවා ඔබේ දරුවන්ව කුපිත නොකරන්න (කොලොස්සි 3:21) දෙවියන්වහන්සේ තම දරුවන් කුපිත කිරීමට කැමති නැත. අපට දෙවියන්වහන්සේ ගැන කළකිරීමක් දැනෙනවිට එයට හේතුව අපගේ පැත්තෙන් අවබෝධයක් නොමැතිකම මිස දෙවියන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් නොවේ. දෙවියන්වහන්සේ සමඟ කළකිරීමට පත්වීම සමඟ කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය නම් ඔහුගේ කැමැත්තට යටත්වීම, ඔහුගේ කාළය පිළිගැනීම, සහ ඔහුගේ යහපත්කම විශ්වාස කිරීමයි. ඔහු ඔබ ගැන සැළකිලිමත් වන නිසා ඔබගේ සියළු කරදරයන්, ඔබේ නොඉවසිලිවන්තකම සහ කළකිරීම ඔහු මත තබන්න (1පේදුරු 5:7). උන්වහන්සේ ඔබ ගැන සළකන හෙයින්, ඔබගේ හැම කරදරයක්ම උන් වහන්සේට භාර දෙන්න.
English
දෙවියන් වහන්සේ ගැන කලකිරීමට පත්වීම වැරදිද?